Annual Blood Donation Camp 2022
The annual Blood Donation Camp organized by Sri Sumangala College Old Boys’ Association (SSCOBA) in lieu of its 100th anniversary was successfully held at the College premises on 29th October 2022.
This has been conducted with the collaboration of the medical staff of Kethumathi Maternity Hospital. A large number of donors including old boys, their family members and well-wishers donated blood at this camp.
SSCOBA takes this opportunity to extend its heartfelt gratitude to all blood donors for their priceless contributions.
- Published in News & Events
SSCOBA donated 200 chairs to the college auditorium
Old Boys’ Association of Sri Sumangala College donated 200 chairs to the college auditorium as part of its centenary celebrations.
The college auditorium is used for many events and especially for seminars for our college students and outside colleges and we hope this will help to accommodate students in the auditorium more effectively and comfortably.
We would like to thank each and everyone who was part of this project and helped us to get this done on time.
- Published in News & Events
“සිහනද 2022” අන්තර් පාඨශාලීය සමස්ත ලංකා විවාද තරගාවලියේ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලයට
විචාරශීලී පරපුරක් නිර්මාණය කිරීම උදෙසා පානදුරා වාදයේ නූතන සම්ප්‍රාප්තිය ලෙසින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයට සියවසක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ “සිහනද 2022” අන්තර් පාඨශාලීය සමස්ත ලංකා විවාද තරගාවලිය සදහා දිවයිනේ පළාත් 7 ක් දිස්ත්‍රික්ක 23 ක් නියෝජනය කරමින් සහභාගී වු කණ්ඩායම් අතරින් අවසන් මහා වාග් සංග්‍රාමය කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර 2022 ඔක්තෝම්බර් මස 24 දා විද්‍යාලයිය සෝමතිලක විතාරණ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
එහිදී ශූරතාවය කොළඹ රාජකීය විද්‍යාලය ද අනුශුරතාවය කොළඹ ලුම්බිණි විද්‍යාලය ද හිමිකර ගත්හ.
මෙම තරගාවලිය සාර්ථක කරගැනීම සදහා විද්‍යාලයිය විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද කථික හා විවාද සංගමය ද ආදී විවාදකයින් ද ආදිශිෂ්‍යයින් ද දායක විය. එහිදී ආදිශිෂ්‍ය ප්‍රසාන්ත මාගින ආරච්චි මහතා විසින් විශේෂ අනුග්‍රාහක දායකත්වයක් ලබාදෙන ලදී.
- Published in News & Events
සියවසක් සපුරන පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය
සියවසක් සැපිරූ පාසල් ලංකාවේ බොහොමයක් ඇතත්, සියවසක් සැපිරූ ආදි ශිෂ්‍ය සංගම් ඇත්තේ අතලොස්සකි. පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ද මෙම විරල භාග්‍යයට හිමිකම් කියන්නීය.
1873 පානදුරා වාදයේ පුනර්ජීවනයෙන් ලද බෞද්ධ ප්‍රබෝධයේ පහසින් විකසිතව පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය ආරම්භ වූයේ 1909 මාර්තු මස 03 වන දින දී ය. ඒ පානදුර රන්කොත් විහාර පුණ්‍ය භූමියේ දී ය.
තම දරුවන් කොළඹට නොයවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් බෞද්ධ අධ්‍යාපනය පානදුරේදී ම ලබාදීම අරමුණු කරගනිමින් පානදුරේ දානපතීන් කිහිපදෙනෙකු සහ එවක රන්කොත් පරිවේණාධිපති වූ ඤාණවිමලතිස්ස නායක ස්වාමීන් වහන්සේ සහ එවක විහාරාධිපති වූ වල්පිට ගුණරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ශ්‍රී සුමංගලය බිහිවිය. උන් වහන්සේලාගේ ගුරු දේවයන් වූ අති පූජ්‍ය ශාසන වංශාලංකාර කවිධජ විනයාචාර්යය වැලිගම ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමයට උපහාරයක් වන්නට නව පාසල ශ්‍රී සුමංගලය ලෙස නම් කෙරුණි.
ඉන් දහතුන් වසක් ඉක්ම ගිය තැන 1922 ඔක්තෝම්බර් මස 28 වන දින එවක විද්‍යාලයේ විදුහල්පති ධූරය දැරූ අභයශිල ගිනිගේ මැතිතුමාගේ යුගයේ ආදි ශිෂ්‍ය සංගමය ආරම්භ වි ඇති බවට ඒ මහතා පාසලේ ලොග් පොතෙහි තබා ඇති සටහන සාක්‍ෂි දරයි.
මෙලෙස ආරම්භ වූ ආදි ශිෂ්‍ය සංගමය අද වනවිට දෙස් විදෙස් ශාඛා ජාලයකින් සමන්විතව පාසල් මාතාවට අයෝමය ශක්තියක් සපයන්නීය.
ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සියවසක ගමන් මග රෝසමල් යහනාවක් මතින් පැමිණි ගමනක් නොවේ. විවිධ බාධක, කම්කටොළු, තර්ක, විතර්ක ජයගෙන පැමිණ ගමන් මග අද වැලිතලාවක් වැනිය.
ආදි ශිෂ්‍ය සංගමයේ ඉතිහාසය සාකච්ඡාවට බදුන් කිරීමේ දී පාසල් ඉතිහාසය ද සලකා බැලීය යුතුව ඇත. ශ්‍රී සුමංගල විද්‍යාලයීය ඉතිහාසය මුලික යුග 3ක් යටතේ සාකච්ඡාවට බදුන් කළ හැක. ඒ පානදුර රන්කොත් විහාර පුණ්‍ය භූමියේ ආරම්භක යුගයත්, 1942 වර්ෂයේ සිට නල්ලූරුව භූමියෙහි දෙවන යුගයත්, සහ 2004 සුනාමි ඛේදවාචකයෙන් පසු 2005 සැප්තැම්බර් මස 16 දිනට පසු වෑකඩ නව භුමි භාගයෙහි තුන්වන යුගයත් වශයෙනි.
ආදි ශිෂය සංගමයේ ඉතිහාසය සොයා යන ගමන එතරම් පහසු කාර්යයක් නොවන්නේ 1981 වර්ෂය පමණ වනතෙක් එහි ඉතිහාසය ක්‍රමවත්ව සටහන් වී නොතිබීමය. මුල් කාලීන ආදි ශිෂ්‍ය සංගමයේ ඉතිහාසය පිළිබද විස්තර ලබාගත හැකි පිළිගත හැකි එකම මූලාශ්‍රය ලෙස ඉතිරි වී පවතින්නේ පාසලේ ලොග් සටහන් පොත පමණි. ඒ හැරුණු කළ වයෝවෘද්ධ ආදි ශිෂ්‍යයින් මුඛ පරම්පරාගතව ප්‍රකාශ කරන කාරණා ද ඇතුළත් වන නමුත්, ඒවා එලෙසම සත්‍යය යැයි පිළිගෙන වැළඳ ගැනීමට හෝ අසත්‍ය යැයි ප්‍රකාශ කර එනයින්ම බැහැර කිරීමට හැකියාවක් ද නැත.
ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිත්වය දෙස බලන කළ එය ආරම්භයේ පටන් කාලයට සාපේක්‍ෂව පාසල සමග යහපත් සබඳතා ගොඩනඟා ගෙන තිබූ බව පෙනී යන නමුත්, නිහඬ යුගයන් ද නොතිබුණාම නොවේ. විශේෂයෙන්ම පාසල කළමනාකාරීත්ව මණ්ඩලයක් මගින් පාලනය වීම ද, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරය මුල් කාලයේ නිල බලයෙන් විදුහල්පතිතුමා දැරීම ද තුළ එවැනි නිහඬ යුගයන් නිර්මාණය වී තිබුණි. එයට හේතුව ලෙස ආදි ශිෂ්‍ය සංගමයේ ස්වාධීන නැගිටීම පාසල් පරිපාලනය එතරම් ප්‍රිය නොකළ නිසා බව වයෝවෘද්ධ ආදි ශිෂ්‍යයින්ගේ මතයයි.
විශේෂයෙන්ම 1930 දශකයේ සහ 1960 දශකයේ අගභාගයේ දී ආදි ශිෂ්‍යයෙකුම සංගමයේ සභාපති ධූරයට පත්කරවා ගෙන සංගමයේ ඉදිරි වැඩ කටයුතු පවත්වාගෙන යාමට එකල තරුණ ආදි ශිෂ්‍යයින් උත්සහා ගෙන ඇතත්, ඒවා එතරම් සාර්ථක වී නොතිබුණේ පාසල් පරිපාලනය ඊට ධනාත්මක ප්‍රතිචාර නොදැක්වීම නිසා ය.
1939 වර්ෂයේ රාත්‍රී සුහද හමුවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දිවන්ගත එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමා සම්ප්‍රාප්ත වී තිබීමෙන් ද, 1939 සැප්තැම්බර් මාසයේ විදුහලේ පල වී තිබු සඟරාවක ආදි ශිෂ්‍ය සංගමයේ එවක ක්‍රියාකාරිත්වය සම්බන්ධව සටහන්ව තිබු ධනාත්මක ප්‍රතිචාරයන්ගෙන් ද, 1942-08-07 වන දින නල්ලූරුව භුමිභාගයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරන අවස්ථාවේ දී එවක පාසලේ කළමණාකාරීත්වය මණ්ඩලය විසින් එළි දක්වා තිබු වාර්තාවේ ආදි ශිෂ්‍ය සංගමය සම්බන්ධයෙන් සඳහන්ව ඇති යහපත් ප්‍රතිචාරය මගින් ද මුල් කාලීන ආදි ශිෂ්‍ය සංගමය පාසල සමඟ යහපත් සබඳතාවයක් ගොඩනගා ගෙන තිබු ක්‍රියාකාරී සංගමයක් බව අපට පසක් කරයි.
1958 වර්ෂයේ ඔක්තෝම්බර් 31 වනිදා පැවති කළමණාකාරීත්ව මණ්ඩලයේ වාර්ශික හමුවේ දී එහි සාමාජිකයෙකු ලෙස ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු පත්කර එවිය යුතුය යන යෝජනාව සම්මත වීමට තරම් ආදි ශිෂ්‍ය සංගමය පාසල තුළ ප්‍රබල භුමිකාවක් නිරුපණය කර තිබුණි.
ආදි ශිෂ්‍ය සංගමයේ විධිමත් විකාශය ආරම්භ වන්නේ 1981 වර්ෂයේ පමණ සිටය. ආදි ශිෂ්‍ය සංගමයේ මුල් කාලීන ව්‍යාපෘතින් සලකා බැලීමේ දී එමගින් ගොඩනැගු රුපියල් ලක්‍ෂය (රු. 100,000/-) ක අධ්‍යාපන අරමුදල ද, ශිෂ්‍යත්ව ව්‍යාපෘතින් ද, විශේෂ අරමුදල් ව්‍යාපෘතිය ද සුවිශේෂි වන්නේ අද වනවිට එවා ඉතා පුළුල් පරාසයකින් ව්‍යාප්ත වී ඇති නිසා ය.
1987 වර්ෂයේ ආරම්භ කරන ලද දැනුම මිනුම් තරඟ මාලාව පසුව කළුතර දිස්ත්‍රික් අන්තර් පාඨශාලයිය දැනුම මිනුම තරඟ මාලාවක් දක්වා වර්ධනය විය. 1997 වර්ෂයේ දී අරඹන ලද කථීක තරඟ මාලාව පසුව කළුතර දිස්ත්‍රික් අන්තර් පාඨශාලයීය විවාද තරඟාවලියක් දක්වා පුළුල්ව අද වනවිට සමස්ත ලංකා විවාද තරඟ මාලාවක් බවට වර්ධනය වී ඇත.
පාසලේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ආදි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය සමඟ අත්වැල් බැඳගෙන තිබෙන සංගමය, චෙස්, රගර්, බැට්මින්ටන් සහ අත්පන්දු ආදි ක්‍රීඩාවල උන්නතිය වෙනුවෙන් විශාල කාර්යයභාරයක් ඉටු කරනු ලැබ ඇත. වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ඇතැම් විට මුලූමනින්ම හෝ එහි වැඩි දායකත්වයක් සංගමය දරන්නීය. සෑම වසරකම ඔක්තෝම්බර් මස 28 වන දින ආදි ශිෂ්‍ය දිනය ලෙස සලකා ලේ දන්දීම්, දානමය පුණ්‍යකර්ම ඇතුලූ ව්‍යාපෘති රාශියක් සංගමය විසින් සිදු කරනු ලැබේ.
අදියර 3 ක් යටතේ නිම කළ නල්ලූරුව විද්‍යාල භුමියේ ක්‍රීඩා පිටිය, එවක ආදි ශිෂ්‍ය සංගමයේ ශක්තිය සහ සාමුහිකත්වයේ ප්‍රතිඵලය විහිදා දක්වන කදිම නිදසුනකි. කොළඹින් පිට පාසලක් සතු වු විශාලතම ක්‍රීඩාපිටියක් සාර්ථකව නිම කිරීමට සංගමයට හැකි වූ අතර, එහි මංගල පස් පිඩැල්ල 1987-01-17 වන සෙනසුරාදා දින පෙ.ව. 09.17ට යෙදී තිබු ශුභ මොහොතින් එවක ඉඩම් සංවර්ධන සහ මහවැලි සංවර්ධන අමාත්‍ය ධූරය දැරූ ගාමිණි දිසානායක මැතිතුමා විසින් කපන ලද අතර, 1996-01-19 වන දින සවස 03.30 ට එවක අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරූ රිචඞ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කරන ලදී.
මෙම සියවසේ මුල් භාගයේ අත්විඳි බරපතල ව්‍යවසනය වු සුනාමි ව්‍යවසනයට අපි ද මුහුණ දුන්නේමු. බටහිර ක්ෂිතිජයේ නුදුරින්ම පිහිටා තිබු අප පාසල් මාතාවද සුනාමි රළ පහරට ගොදුරු විය. තර්ක විතර්ක දහසකුත් මතු විය. පාසල නල්ලූරුව භුමියේම නැවත ගොඩනැගිය යුතු බවට එක් මතයක් යෝජනා විය. පාසල වෙනත් භුමි භාගයකට ගෙන යා යුතු යැයි ප්‍රතිවිරුද්ධව යෝජනා විය. ඒ වෙනුවෙන් විශේෂ මහා සභා රැස්වීමක් ද කැඳවනු ලැබීය. අවසානයේ බහුතරයකගේ තීරණය වූයේ පාසල වෙනත් භුමිභාගයකට ගෙන යාම වඩාත් සුදුසු බවය. ඒ අනුව බහුතරයේ මතයට හිස නැමුණි. පාසල වෑකඩ නව භුමි භාගයෙහි ස්ථාපිත විය. ආදි ශිෂ්‍ය සංගමය එම තීරණාත්මක ක්‍රියාවලියෙහි පෙර ගමන්කරුවා විය.
සුමඟුල් ආදි ශිෂ්‍ය සංගමය ශත සංවත්සරය සමරන විට සුමඟුල් මාතාව 113 වසරක් සපුරා ඇත්තීය. පාඨශාලාවක අගය මැනිය යුත්තේ එය සතු ගොඩනැගිලි ප්‍රමාණය හෝ වෙනත් භෞතික සම්පත්වල තත්ත්වය අනුව නොවේ. එම පාඨශාලාව තම මාතෘභුමියට දායාද කර ඇති උගත් බුද්ධිමත් මිනිසුන්ගේ ප්‍රමාණය අනුව ය. ආදි ශිෂ්‍ය සංගමය ශත සංවත්සරය සමරන මේ මොහොතේ ශ්‍රී සුමංගල මාතාව ලක් මවට දායාද කළ උගත් බුද්ධිමත් මිනිසුන්ගේ ප්‍රමාණය ගැනිය නොහැක. එහිදී සුමඟුල් ආදි සිසු සංගමය ද ඒ ඒ යුගයන් හි පාසල් දරුවන්ගේ අධ්‍යාපන සහ සාහිත්‍ය ලලිතකලා, ක්‍රීඩා ආදි අනේක විශයන් හි දියුණුව වෙනුවෙන් සුවිසල් කාර්යයභාරයක් ඉටු කරනු ලැබ ඇත.
සුමඟුල් දරුවන්ට පිහිනුම් තටාකයක්, නව බස් රථයක් ලබා දීමට ආදි ශිෂ්‍ය සංගමයට හැකි වී ඇත. කොවිඞ් 19 වසංගතය හමුවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නොකඩවා පවත්වාගෙන යාමට Microsoft Teams මුදුකාංග පද්ධතිය අප සංගමය මගින් පාසලට පිරිනමන ලදි. නවීන තාක්‍ෂණය අනුව යමින් ස්මාර්ට් පන්තිකාමර ගණනාවක් සංගමය පාසලට පරිත්‍යාග කර ඇත.
සියවස අරමුණු කරගනිමින් සංගමය මෙම වසර පුරාවට ව්‍යාපෘතින් රාශියක් පාසල තුළ සිදු කරනු ලැබීය. පුණර්ජනනීය බලශක්තියේ වටිනාකම නිසාවෙන්ම සුමඟුල් රිවිබල ව්‍යාපෘතිය සාර්ථකව නිම කෙරුණි. පාසලේ දරුවන් අතර පමණක් නොව සමස්ත ලංකා මට්ටමේ තරඟ මාලාවක් සාර්ථකව නිමා කිරිමට හැකි විය. එළඹෙන නොවැම්බර් 05 වනදා ආදි ශිෂ්‍ය සංගමයට සියවසක් පිරීම නිමිති කරගෙන ආදී ශිෂ්‍යයන්ගේ පැරණි මතකයන් අවදි කරනු වස් නල්ලූරුව පැරණි භුමියෙහි උත්සවයක් ද සංවිධානය කර ඇත. එදින සංගමයට සියවසක් සම්පුර්ණ විම නිමිත්තෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය මගින් සමරු මුද්දරයක් නිකුත් කරනු ලැබේ.
සුමඟුල් ආදි ශිෂ්‍ය සංගමය සියවස සපුරන මේ අවස්ථාවේ විද්‍යාලයේ විදුහල්පති ලෙස නිලූක වීරසිංහ මහතා සංගමයට අයෝමය ශක්තියක් සපයන අතර, සම්පත් බැංකුවේ හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂක, මේ වනවිට සිංගර් ෆිනැන්ස් සාමාගමේ සභාපති ධූරය සහ රොසෙල් ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්‍ෂක ධුරය දරන අරවින්ද පෙරේරා මහතා සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබයි.
ශ්‍රී සුමංගල ආදි ශිෂ්‍ය සංගමයට සියවසක් කරා පා නැගිමට හැකි වූයේ එයට ජීවය සැපයු ආදි ශිෂ්‍යයින් නිසාමය. ඇතැමුන් අද තම ජීවන ගමන නිමවා ඇත. සංගමය සියවස සපුරන මේ යුගයේ ආදි ශිෂය සංගමයේ චිර පැවැත්ම උදෙසා සේවය කළ සියලූ ආදි ශිෂ්‍යයින් වෙනුවෙන් සංගමයේ කෘතවේදීත්වය පළ කරමු.
අපගේ අතීත ගමන් මඟ පිළිබඳව සතුටු වන අතරම අපට අකුරු කළ සුමඟුල් මාතාවගේ අනාගතය එළිපෙහෙළි කර අලෝකමත් කිරීමට ආදි ශිෂ්‍ය සංගමය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස සියලූ ආදි ශිෂ්‍යයින්ට අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
සුමඟුල් ආදි ශිෂ්‍ය සංගමය දිගුකල් දිනේවා!
ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ
සියවස් විධායක කමිටුව
- Published in News & Events
Blood Donation 2022
ශ්‍රී සුමංගල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ 100 වන ආදි ශිෂ්‍ය දිනය නිමිති කරගෙන පවත්වනු ලබන ලේ දන්දීමේ වාර්ෂික වැඩසටහන 2022 ඔක්තෝම්බර් 29 වන සෙනසුරාදා පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා විද්‍යාලයීය ප්‍රථමික අංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම වැඩසටහන සඳහා ඔබ සැමගේ සහභාගිත්වය අගය කරමු.
- Published in News & Events
“සුමඟුල් ක්‍රීඩා සැනකෙලියේ” තෙවන අංගය වන වොලිබෝල් ක්‍රීඩා තරගාවලිය විද්‍යාලයීය පරීශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදි
පාසලේ සියලු වයස් කාන්ඩ වල නියෝජනය සහිතව තරඟාවලිය පැවතුනි.
සංගමයේ ආරාධනය පරිදි විදුහල්පති නිලූක වීරසිංහ මහතාද මෙම අවස්ථාවට සහභාගී වූ අතර අදාළ ක්‍රීඩාව බාර ගුරු මහත්ම මහත්මීන් සහ පුහුණුකරුද මේ අවස්ථාවට සහභාගී වන ලදි.
මෙම ඉසව්වේ විනිසුරු සහ අධීක්ෂණ කටයුතු ආදි සුමංගලීය වොලිබෝල් ක්‍රීඩකයින් වන චමිල නුවන්, සංජය සම්පත්, විදුර අබේවික්‍රම සහ ශසික ලියනගේ විසින් මෙහෙයවන ලදි.
සංගමය වෙනුවෙන් මෙම ඉසව්ව සංවිධාන කිරීම සහ මෙහෙයුම් පැවැත්වීම අප සංගමයේ උපභාන්ඩාගාරික ප්‍රභාත් තාරක සහ විධායක කමිටු සාමාජික අමර ලංකා යන මහතුන් විසින් සිදු කරන ලදි. මේ සඳහා ඔවුන් දෙපලට සංගමයේ ස්තූතිය පිරිනැමේ.
මෙහිදී උප සභාපති කුමාරසිරි මහතාද, උප සභාපති දිලීක මදුරංග මහතාද, කනිෂ්ඨ ආදි ශිශ්‍ය සංගමයේ සභාපති මලිත් උපමාල් මහතාද සහ විධායක සභික පසන් මදූක යන මහතුන් පෙර පරිදිම දැක්වූ සහයෝගය අගය කරනු ලබන අතර ප්‍රධාන මේසයේ නිලදාරීන් වෙනුවෙන් සහභාගී වූ සම ලේකම් ධනුක කොට්ටහච්චි සහ භාණ්ඩාගාරික දිනේශ් කැටිපේආරච්චි යන මහතුන් දැක්වූ සහය ද අගය කරමු.
තවද නිරතුරුව අපට ශක්තියක් වෙමින් මේ පිලිබඳව සොයා බැලු උපසභාපති කසුන් හේවගේ මහතාද, උපදේශක මහේශ් ෆොන්සේකා මහතාද මෙහිදී මතක් කරමු.
මෙම වැඩසටහන සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමේදී ලබා දුන් සහය වෙනුවෙන් ගරු සභාපති අරවින්ද පෙරේරා මහතා ඇතුළු ප්‍රධාන මේසයේ නිලදාරීන්ට මෙහිදී අපගේ ස්තූතිය පිරිනමන අතර ජයග්‍රාහකයින්ගේ කුසලාන, සහතිකපත් ඉදිරියේදී ලබාදීමට කටයුතු යොදා ඇත.
එමෙන්ම අපගේ ඊලඟ ඉසව්ව වන ටේබල් ටෙනිස් ඉසව්ව සාර්ථකත්වයට ගෙන ඒමට ඔබ සැමගේ සහය අපේක්ෂා කරමු.
සුමඟුල් මව වැජඹෙවා 🇬🇦
- Published in News & Events
‘සුමඟුල් රිවිබල’ Phase 1 of the Solar Project was successfully completed
‘සුමඟුල් රිවිබල’ Solar Project done by SSCOBA was successfully completed and handed over to the Alma Mater recently. 10KV electricity will be generated under phase one of the project and it will help immensely to reduce the electricity cost of the school. The project was done at a cost of Rs.2.4Mn. This has been done in line with the Centenary Celebration program of SSCOBA.
This project was successfully coordinated and conducted by the subcommittee led by Vice President Chamath Dias and its members, Vice President Dilika Wijayasinha and Sameera Gunathilake.
Also, we should mention the incomparable work done by Treasurer Dinesh Katipearachchi to make this project a success.
Then Joint Secretary Nimesha Nawalage, Vice Presidents Chamara Peiris, and Nuwan Ranamayuru’s support for this project is also commendable.
We should appreciate the highest financial contribution done to this project by the Vice President, Captain Kasun Hewage with Rs 500,000/-.
Sumangalians Kalum Rathnaweera from Australia, Yehen Shamith Athukorala from Singapore, and Akesh Deheragoda from UAE did a remarkable contribution to completing the funding requirements.
Also, we would like to thank the SSCOBA Dubai Branch President Nandika Ekanayake and its members as well as Sri Sumangala College 1996 Group for their meritorious financial contribution to get this project a success.
Initial technical support was given by the Sumangalian Eng. Thiwanka Wimalasuriya and ongoing technical support were given by the Sumangalian, Eng. Pradeep Sanjeewa from the 1996 group.
We should also thank one of our advisors, Vijith Salgado for the advice given to us throughout the project.
The legal agreement between the solar provider Solitra Power (Pvt) Ltd and SSCOBA was done & completed by the Sumangalian, attorney at law, Nuwan Gamage.
Finally, we would like to thank the Immediate Past President of SSCOBA, Mahesh Fonseka, the head table, and the executive committee we had when the project was in progress for their initiation of this project and the remarkable support to successfully complete the project.
We have mentioned the list of donors of this invaluable project in the SSCOBA 2021/2022 annual audited accounts.
- Published in News & Events
SSCOBA Centenary Celebrations Tickets Are Out
It’s time to dance to the moon and reach to the stars to the pulsating music of Wayo at the event of the century, the Centenary Celebrations of Sri Sumangala College Old Boys’ Association, which will be held on the 05th November 2022, 6.00 pm onwards at our old college grounds in Nalluruwa, Panadura.
Are you ready Sumangalians?
Centenary Celebrations of Sri Sumangala College Old Boys’ Association will be held on the 05th November 2022, 6.00 pm onwards at our old college grounds in Nalluruwa, Panadura.
Music by WAYO
Buy the ticket online now: https://sumangalaoba.com/shop/centenary-celebrations/
ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයට අවුරුදු 100ක් පිරිම නිමිත්තෙන් පැවැත්වෙන සියවස් සැමරුම් උත්සවය වායෝ සංගීත කණ්ඩායමේ සංගීතයෙන් වර්ණවත්ව 2022 නොවැම්බර් 05 වන සෙනසුරාදා සවස 6 සිට අපගේ නල්ලුරුවේ පැරණි ක්‍රීඩා පිටියේදී.
සැ.යු.: මෙය ආදී ශිෂ්‍යයන් සඳහා පමණි. ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට සහ හිතවතුන්ට මේ සඳහා සහභාගී විය නොහැක.
ටිකට් පත් සීමිතයි!
අදම ආදී ශිෂ්‍ය සංගමයේ වෙබ් අඩවියෙන් ඔබගේ ටිකට් පත මිලදී ගන්න: https://sumangalaoba.com/shop/centenary-celebrations/
වැඩි විස්තර සඳහා,
චාමර – 0712 967 967
චමත් – 072 751 9408
දිනේෂ් – 077 389 2843
කැටපේ – 077 731 6183
- Published in News & Events
“සුමඟුල් ක්‍රීඩා සැනකෙලියේ” පළමු අංගය වන චෙස් ක්‍රීඩා තරගාවලිය විද්‍යාලීය පරීශ්‍රයේදී සැප්තැම්බර් 10 වන දින සාර්ථකව නිමාවට පත්විය
පාසලේ සියලු වයස් කාන්ඩ වල නියෝජනය සහිතව තරඟාවලිය පැවතුනි. එදිනට සංගමයේ ආරාධනය පරිදි විදුහල්පති නිලූක වීරසිංහ මහතාද සහභාගී වූ අතර අදාළ ක්‍රීඩාව බාර කසුන් මහතා , ප්‍රවීණ චෙස් පුහුණුකරු කුමාරවඩු මහතා ඇතුළු තවත් පුහුණුකරුවන් කිහිපදෙනෙක්ද ආදි චෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ද මෙම ඉසව්වේ විනිසුරු සහ අධීක්ෂණ කටයුතු කරණ ලදි. ඉසව්ව සංවිධාන කිරීමේදී සහ මෙහෙයුම් පැවැත්වීමේදී අප සංගමයේ උපසභාපති කුමාරසිරි මහතාද සාමාජික නිලූක මහතාද විශිෂ්ඨ මෙහෙයක් කරන ලදි. ඊයේ දිනයේ තරඟාවලිය පැවත්වීමේදී ක්‍රීඩා කමිටු සාමාජික පසන් මදුක මහතාද දවස පුරා රැඳී සිටිමින් ඔවුන්ට සහය දක්වන ලදි.
තවද අප ක්‍රීඩා කමිටුව වෙනුවෙන් ඔවුනට අමතරව උපසභාපති කසුන් හේවගේ මහතා, ජනක චිත්‍රානන්ද, කපිල කුමාර, මලිත් උපමාල් යන මහතුන් සහභාගී විය.
එමෙන්ම සංගමයේ ගරු සමලේකම් ධනුක කොට්ටහච්චි, ගරු භාන්ඩාගාරික දිනේශ් කැටිපේආරච්චි මහතුන් සහභාගී විය. මෙම වැඩසටහන සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමේදී ලබා දුන් සහය වෙනුවෙන් ගරු සභාපති අරවින්ද පෙරේරා මහතා ඇතුළු ප්‍රධාන මේසයේ නිලදාරීන්ට මෙහිදී අපගේ ස්තූතිය පිරිනැමීමට බලාපොරොත්තු වෙමු. ජයග්‍රාහකයින්ගේ කුසලාන, සහතිකපත් ඉදිරියේදී ලබාදීමට කටයුතු යොදා ඇත.
තවද සංගමයේ ගරු උපදේශක මහේශ් ෆොන්සේකා මහතාද මෙදින සහභාගී වූ අතර අපට ලබාදුන් උපදෙස් සහ සහය වෙනුවෙන් ස්තූතිය පුද කරමු.
එමෙන්ම අපගේ ඊලඟ ඉසව්ව වන බැඩ්මින්ටන් තරගාවලිය සාර්ථකත්වයට ගෙන ඒමට ඔබ සැමගේ සහය අපේක්ෂා කරමු.
- Published in News & Events