×

ආදී ශිෂ්‍ය සාමාජික තොරතුරු යාවත්කාලීන කිරීම | Updating Old Boys' Member Details

සියවස සංවත්සරය අභිමුව සිටින ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය (SSCOBA) දිවයිනේ ප්‍රසිද්ධ ස්වෙච්ඡා සංවිධානයකි.

මේවන විටත් අප සතුව පවතින අප සංගමයේ සියලු සාමාජිකයින්ගේ තොරතුරු පරිගණක ගත කර ඇති අතර එම තොරතුරු යාවත්කාලීන කිරීම උදෙසා ගන්නා පියවරක් ලෙසද, අප සංගමයේ සාමාජිකයෙකු නොවුනත් අප පාසලෙන් බිහිවූ කීර්තිමත් ආදි සිසුවෙක් වන ඔබගේ තොරතුරු මේ ඔස්සේ අපගේ දත්ත ගබඩාවට (Database) ඇතුලත් කිරීමට ගන්නා පියවරක් ලෙසද මෙම ව්‍යාපෘතිය හැඳින් විය හැක.

මෙය සියවස සංවත්සරය උදෙසා සංවිධානය කෙරෙන නිළ ව්‍යාපෘතියකි. එමෙන්ම ඔබගේ අදාළ තොරතුරු පහත දක්වා ඇති ආකෘතිපතෙහි (Form) පිරවීමෙන් පමණක් ඔබට මේ සඳහා දායක විය හැක. මෙයට අමතරව වෙනත් කිසිදු ආකාරයක ආදී සිසුන්ගේ තොරතුරු රැස්කිරීමක් (WhatsApp, Viber, FB Massenger, Imo හෝ වෙනයම් මාධ්‍යයන් ඔස්සේ) ආදි ශිෂ්‍ය සංගමය වශයෙන් සිදු නොකරන බව වගකීමෙන් දන්වා සිටිමු.

සැ.යු : ආදි ශිෂ්‍ය සංගමය මඟින් කෙරෙන ව්‍යාපෘතියක් ලෙස හැඟෙන සේ ව්‍යාජ ලෙස පෙනී සිටීමින් තොරතුරු රැස්කිරීමක් සිදුවන බව අප සංගමයට (SSCOBA) වාර්ථා වී ඇති අතර, ඔබ විසින් එවැනි පුද්ගලයින් හෝ සංවිධාන වෙත තොරතුරු ලබාදීමේදී සැලකිලිමත් වන ලෙස ඉතාමත් ඕනෑකමින් දන්වා සිටිමු. එසේ ලබාදෙන තොරතුරු සම්බන්ධයෙන් අප සංගමය විසින් කිසිදු වගකීමක් නොදරන බවද මෙහිදී දැනුම් දෙමු.

Sri Sumangala College Old Boys’ Association (SSCOBA) is on the eve of its centenary.

It is a well known voluntary organization on the island. We have already computerized the information of all the members of our association. Taking a further step, we have decided to update the information of all Sumangalians.

This is an official project organized as part of the series of projects to mark the centenary. Also, you can contribute to this only by filling in the relevant form below. In addition, we responsibly inform you that we will not be collecting old boys' information in any other way (via WhatsApp, Viber, FB Messenger, Imo, or any other medium) as an alumni association.

NB: The Association (SSCOBA) has been informed that information is being collected by posing as a project by the Old Boys' Association, and we urge you to be careful when providing information to such individuals or organizations. We also inform you that we are not responsible for the information provided to other such individuals or organizations.










    TOP