×

පිහිනුම් තරඟාවලිය 2022

/ / News & Events

ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් අප පාසලේ දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යය සහ උනන්දුව වර්ධනය කිරීම උදෙසා ආදි ශිෂ්‍ය සංගමයේ සංවිධානයෙන් සහ විද්‍යාලයේ දායක්ත්වය සහිතව සංවිධානය කරනු ලැබූ පිහිනුම් තරඟාවලිය දෙසැම්බර් 03 වන දින සාර්ථකව පවත්වන ලදි. මෙම තරඟාවලිය සම්පූර්ණයෙන් ආදි ශිෂ්‍ය සංගමයේ මූල්‍ය අනුග්‍රාහකත්වය යටතේ පවත්වන ලද අතර, පිහිනුම් තථාකයද දෛනික කුලී පදනම මත ශ්‍රී සුමංගල ජල ක්‍රීඩා සමාජයට මුදල් ගෙවා ලබා ගන්නා ලදි.

තරඟාවලිය සඳහා සහභාගී වූ සිසුන්ගෙන් කිසිදු මුදලක් අය නොකර මෙම අවස්ථාව නොමිලේ ලබාදීමට කටයුතු කරන ලදි.
මෙම අවස්ථාවට සහභාගීවූ පාසලේ වර්ථමාන විදුහල්පතිතුමන් ලෙස කටයුතු කරන නිලූක වීරසිංහ මහතාට, පාසලේ පිහිනුම් ක්‍රීඩාභාර ආචාර්ය ශ්‍රීධාරි ගුරුතුමියටත්, ප්‍රාථමික අංශ පිහිනුම් ක්‍රීඩාභාර ගුරුතුමිය වන නිශාදි ගුරුතුමියටත් පාසල වෙනුවෙන් සහභාගී වී සහය දැක්වූ සියලු ගුරු මහත්ම, මහත්මීන්ටත්, පාසලේ ප්‍රධාන පිහිනුම් පුහුණුකරු අසේල මහතාටත්, එදින සංවිධාන කටයුතු වලට සම්බන්ධ වූ ආදි ශිෂ්‍ය දෙමාපියන්ටත්, දරුවන් මෙම තරඟාවලිය සඳහා සහභාගී කරවූ දෙමාපියන්ටත්, පිහිනුම් තථාකයේ කාර්‍ය් මන්ඩලයටත් අප සංගමයේ ස්තූතිය පිරිනමනු ලැබේ.

TOP