×

NEWS & EVENTS

Stay in touch, read about the latest events, update yourselves with SSCOBA which brings you all the news.

101st Annual General Meeting of the Sri Sumangala College Old Boys’ Association will be held on Saturday, June 24th, 2023, at the college auditorium from 8:30 am onwards. All members are welcome!

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ 101වන වාර්ෂික මහා සභාව 2023 ජූනි මස 24 වන සෙනසුරාදා උදැසන 8:30 ට විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. සියලු ආදී ශිෂ්‍ය සාමාජිකයන්ට ආරාධනා!

The Sri Sumangala College Old Boys’ Association (SSCOBA) is set to host its 101st Annual Reunion on 24th June 2023. This prestigious event will unfold at the idyllic Blue Water Hotel and Spa in Wadduwa, kicking off at 6.30 pm to the rhythmic beats of the renowned band, FREEZE.

Adding to the significance of the occasion, two of Sri Sumangala College’s most esteemed alumni are set to grace the event. The night’s Chief Guest is none other than Rear Admiral Asanga Ranasuriya, an illustrious son of our Alma Mater. Also honouring the event is Iran Champika de Silva, Principal of Bandaranayake College, Gampaha, who will be our esteemed Guest of Honor. Both are proud embodiments of the values and excellence Sri Sumangala College stands for.

Steering the evening’s festivities will be our very own Sumangalians, Kelum Srimal and Kamila Fernando, who are excited to bring their charisma to the event as the official comperes. Adding a splash of elegance and vibrancy, the Sway Dance Troupe is ready to deliver enchanting dance performances.

Tickets for this grand event are available at a price of 5,000/- and can be procured from the SSCOBA Exco Members. In the spirit of camaraderie and celebration, guests are encouraged to bring their own booze.

A warm and cordial invitation is extended to all Sumangalians to join us as we commemorate our long-standing history and foster our bond.

For additional details regarding the event and for tickets, please reach out to Dilika Wijayasinghe at 070 190 5877, Chamath Dias at 077 251 9408, or Amara Lanka at 077 325 2953. We eagerly await your presence to make this event a remarkable one.

This year also, the Sri Sumangala College Old Boys’ Association proudly contributed to the Alms Giving event organized by the college in commemoration of its 114th Founders’ Day with Rs 225,000/-. The occasion was a testament to the enduring bond between the college and its alumni, as they came together to honour the legacy of the founding members.

The contribution was handed over to the Acting Principal, Mrs Sinali De Silva by the Treasurer of the Sri Sumangala College Old Boys’ Association, Mr Dinesh Katipearachchi at the Principal’s office.

As Sri Sumangala College continues its journey towards excellence, the Old Boys’ Association remains steadfast in its support, offering resources and guidance to help the college flourish. This enduring partnership, exemplified by the recent Alms Giving event, demonstrates the profound connection between past, present, and future generations of Sri Sumangala College, united by a shared commitment to upholding the values that have guided the institution for 114 remarkable years.

19 වන සියවසේ බෞද්ධ පුනරුදය ඇති කිරීමෙහිලා මුලිකත්වය ගත් ඇතැම් සංඝයා වහන්සේලාට ඉතිහාසයේ හිමිවිය යුතුව තිබු නිසි තැන උරුම වුයේ ද යන්න දෙවරක් නොව දහස් වරක් සිතා බැලිය යුතු කරුණකි. 19 වන සියවසේ ඉංග්‍රීසි මිෂනාරී බලපෑම් හමුවේ නිර්මල බුදුදහම සහ සිංහල සභ්‍යත්තවය වැළලී යද්දී නිර්මල බුදුදහමේ සහ සිංහල සභ්‍යත්තවයේ පෝෂණය වෙනුවෙන් නිබඳව නැගී සිටි යතිවරයාණ කෙනෙකු වශයෙන් අති පූජනීය ශාසනවංශාලංකාර කවිධජ විනයාචාර්යය වැලිගම ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ හැඳින්විය හැක. උන්වහන්සේ අපවත් වී අදට වසර 118 කී. ඒ වෙනුවෙන් උන්වහන්සේගේ ජීවන චරිතය අලලා ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සටහන් කර තබන සංක්ෂිප්ත වාර්තාවකි මේ.

වර්ෂ 1825 දෙසැම්බර් මස 07 වන දින දී දකුණුලක වැලිගම දී ප්‍රභූ පවුලක සිවුවන දරුවා ලෙස ජන්මලාභය ලැබූ උන්වහන්සේගේ දෙමාපියන් වූයේ ලොකුබදු ජයසූරිය පැටබැඳිගේ දොන් ඒබ්‍රහම් ජයසූරිය සහ එම මැතිණියයි. උන්වහන්සේ එංගලන්තට යවා අධ්‍යාපනය ලබා දී වෛද්‍යවරයෙකු කිරීමේ පරම අභිලාශය දෙමාපියන් සතුව පැවතියත් කුඩා කල ඇති වූ රෝගී තත්වයක් නිසා මෙම අදහස අත්හැර දමන්නට සිදු වු බව කියැවේ.

උන්වහන්සේ වැරැල්ලාවේ පදුම ගබ්භාරාමයේ අධිපතිව වැඩ විසු මහෝපාධ්‍යාය පැරෑලියේ ශ්‍රී ජිනරතන මා හිමියන් වෙතින් අධ්‍යාපනය ලැබීම ආරම්භ කළහ. ක්‍රි.ව. 1837 දී පමණ එවකට දිවයිනෙහි සංස්කෘත භාෂාව පිළිබඳ ප්‍රවීණ භික්ෂුවක ලෙස සැලකූ බෙන්තොට පුරාණ විහාරාධිපතිව වැඩ විසූ බෙන්තොට අත්තදස්සි නායක ස්වාමීන් වහන්සේ සමීපයෙහි උන්වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය හැදෑරු බව කියැවේ. තම ගුරු හිමියන් ඇසුරෙන් පාලි හා සංස්කෘත භාෂා විශාරදයෙකු වූ සුමංගල හිමියෝ පානදුරා වාදයේ දී බෞද්ධ පක්‍ෂයට ඉමහත් ශක්තියක් වුයේ වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ට වාදයට අවශ්‍ය ධර්ම ඥාණය ලබා දෙමිනි.

බෞද්ධයින් විසින් දැක පහන් සංවේගනා උපදවා ගතයුතු ස්ථාන 4ක් ලෙස බුදුහිමියෝ අනුදැන වදාල ස්ථාන අතුරින් එකක් වූ බුද්ධගයාව හින්දු භක්තිකයින්ගෙන් බේරා ගැනීමේ සටනෙහි ආරම්භක පියවර තබනු ලැබුවේ වැලිගම ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බව කියැවේ. බෞද්ධයින්ගේ මුදුන් මල්කඩක් බඳු වූ බුද්ධගයාවට මහන්තා ඇතුළු හින්දු පූජකවරුන් විසින් සිදු කර ඇති ඛේදනීය තත්ත්වය එවකට ලන්ඩන් ටෙලිග්‍රාෆ් පුවත්පතේ කතෘවරයෙකු ලෙස කටයුතු කළ තම සමීප මිතුරෙකු වූද ආසියාවේ ආලෝකය ලෙස සිංහලයට පරිවර්තනය වූ ලයිට් ඔෆ් ඒෂියා (Light of Asia) කෘතිය රචනා කළ ශ්‍රීමත් එඞ්වින් ආර්නල්ඞ් මැතිතුමා මාර්ගයෙන් ලෝක අවධානයට නතු කිරීමට උන්වහන්සේට හැකි විය.

ශ්‍රීමත් එඞ්වින් ආර්නල්ඞ් මැතිතුමා විසින් රචිත “India Revisited” නම් ග්‍රන්ථයෙන් මෙසේ සඳහන්ව ඇත.

These  Kind Buddhists of  Panadura  had adorned their audience – room and temple with palm branches and complimentary inscriptions wrought in flowers and coloured leaves, and provide shelter and refreshment for as in this Charming Sea Side village, where Senegalese scenery may be witnessed at its best. after the far too flattering ceremonies of the morning had been concluded I had the pleasure and advantage of a private interview with the chief priest, During two hours  or more, in the library in his Vihara ……….. After many questions about the localities in the life history of Buddha, Which I had recently visited, he expressed and ardent wish that the Buddhist might same day recover the guardianship of that sacred ground at Buddha Gaya, where “The Lord” meditated so long under the Boddhi tree, and finally attained his Buddhaship. He said that this place and kasia, in the north west, where the great Teacher entered in to Nirwana, Were too spots which ought no longer to be in any hands except those of Buddhist………. 

අවසානයේ බුද්ධගයාව බෞද්ධයින් අතට නැවත පත් විය. එහෙත් ඒ වන විට සුමංගල හිමියෝ අපවත්ව සිටියහ. බුද්ධගයාව බෞද්ධයින් අතට පත් කර ගැනිමේ සටනේ වැලිගම ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේගේ කාර්යයභාරය ඉන්දීය ලේඛකයෙකු වූ Dipak Kumar Barua තම “Buddhagaya Temple its History” නම් ග්‍රන්ථයේ ද ප්‍රශංසාත්මකව සාකච්ඡසාකච්ඡාවට ලක් කර ඇත.

බුද්ධ ධර්මය විෂයෙහි මුන් වහන්සේගේ දැනුම් සම්භාරය කෙබඳු වීද යත් හිතෝපදේශ සංස්කරණය, ඉතිහාසය, මුග්ධබෝධ නම් සංස්කෘත ව්‍යාකරණ ග්‍රන්ථයට සිද්ධාන්තශේකර නම් ව්‍යාඛ්‍යායනක් ද මුන්වහන්සේ අතින් ලියැවුණු ග්‍රන්ථ කිහිපයකි. එවක පැල්මඩුල්ලේ පැවැත්වූ ධර්ම සංගායනාවේ ප්‍රමුඛත්වය ගත්තේ ද උන්වහන්සේම ය.

යටත්විජිත සමයෙහි ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් බෞද්ධ අධ්‍යාපනය ක්‍රිස්තියානි මිෂනාරීන් මත පතුරුවාලන පාසල් විවෘත කරද්දී මුන්වහන්සේ පානදුර රන්කොත් විහාරයට අනුබද්ධ ශ්‍රී සෞගත පිරිවෙන 1896 දී ආරම්භ කරන ලදී.

උන්වහන්සේගේ සුපේශල ශික්ෂාකාමී පැවිදි ජීවිතයත් බුදු දහමට සිදු කරනු ලැබු අමරණීය මෙහෙයත් නිසාවෙන් අමරපුර මහා නිකායේ සියලූම භික්ෂු සංඝයා වහන්සේලා 1894 වර්ෂයේ රැස්ව අමරපුර මහා නිකායේ නායක හිමියෝ ලෙස උන්වහන්සේව පත් කරගත් සේක. තමන් උපන් දේශයටත් බුදු දහමටත් අමරණීය සේවාවක් කළ ශ්‍රී සුමංගල මහ නායක හිමියෝ අවුරුදු 80 ක් ආයු වළඳා 1905 වසරේ මාර්තු 13 වන දින අපවත් වී වදාළේ අද වැනි දිනයක දීය.

වැලිගම ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය

උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වු උන්වහන්සේගේ ඇවැමෙන් පානදුර රන්කොත් විහාරයේ ශ්‍රී සෞගත පිරිවෙනෙහි අධිපති ධුරයට පත් වූ පණ්ඩිතාචාර්යය පානදුරේ ඤාණවිමල තිස්ස ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ මඟ යමින් 1909 මාර්තු මස 03 වන දින ශ්‍රී සුමංගල විද්‍යාලය ආරම්භ කිරීමට ඇප කැප වී ක්‍රියා කළහ. අප පාසල ශ්‍රී සුමංගල විද්‍යාලය ලෙස නම් කරනු ලැබුවේ ද උන්වහන්සේට උපහාරයක් පිණිස ය. ඒ අර්ථයෙන් ශ්‍රී සුමංගලය සදාකාලීකවම ගුරු උපහාරයකි. පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය හැරුණු කළ වැලිගම ශ්‍රී සුමංගල විද්‍යාලය 1927 දී එම නමින් ආරම්භ වුයේ උන්වහන්සේට උපහාරයක් පිණිසමය.

වැලිගම ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේට ගෞරවයක් පිණිස ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යයාංශය විසින් 1988 දී උන්වහන්සේගේ ඡායායාරූප සහිත සමරු මුද්දරයක් එළි දක්වන ලදී.

උන්වහන්සේට උපහාරයක් පිණිස ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ද වැලිගම ශ්‍රී සුමංගල නායක මා හිමිපාණන්ගේ ප්‍රතිමාවක් පාසල් භුමියේ ඉදි කර ඇත.

වැලිගම ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ අපවත් වී අදට වසර 118 ක් ගත වුව ද උන්වහන්සේගේ නාමය ලාංකීය බෞද්ධ ඉතිහාසයේ සදා අනුස්මරණියව පවතී. උන්වහන්සේගේ ශාසනික සහ අධ්‍යාපන සේවය වෙනුවෙන් ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය නමස්කාර පුර්වක ගෞරවය බැති සිතින් පුද කර සිටී.

It is our pleasure to inform you that Sumangalian Tilak De Silva, the Patron of SSCOBA, has been appointed as the Chairman of The Engineering Council Sri Lanka (ECSL).

Tilak De Silva has more than 34 years of experience in the IT and Communication fields. He has gained multi-disciplinary exposure in the fields of engineering, Information Technology and global telecom business; he has held the key positions of Head of IT, Chief Global Officer, Chief Network Officer, Advisor to CEO on Technology Strategies and Chief Business Innovation Officer of Sri Lanka Telecom (SLT). He has also held the position of CEO of SLT Hong Kong which was a subsidiary of SLT.

He is a Chartered Engineer and a Chartered IT Professional. He held the prestigious national figure of President of the Institution of Engineers Sri Lanka (IESL) in the year 2013. He has gained professional memberships in FIE (SL), FIET (UK), FBCS (UK) and SMIEEE (USA).

ශ්‍රී සුමංගල විද්‍යාලයීය 114 වන ආදි කර්තෘ දිනය නිමිති කර ගෙන උදෑසන පාසලේ පවත්වන ලද සිසු හමුවේ දී අප පාසල බිහි කිරීමට පුරෝගාමී වූ පානදුර රන්කොත් විහාරාධිපතිව වැඩ විසු අති පුජනීය පණ්ඩිතාචාර්යය පානදුරේ ඤාණවිමලතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ සහ ඒ වනවිට රන්කොත් විහාරාධිපතිව වැඩ විසු සිරිමුණිවර සද්ධම්ම වංසපාල ශාසනධජ අමරපුර නිකායේ අමරපුර පාර්ශවයේ මහා නායක අති පුජනීය වල්පිට ගුණරතනතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ ද ඡායාරූප දෙකක් පාසලේ ප්‍රධාන ශාලාවේ නිරාවරණය කිරීම සඳහා ආදි ශිෂ්‍ය සංගමය විසින් පාසලට භාර දෙන ලදී. එම අවස්ථාව දැක්වෙන ඡායාරූප කිහිපයකි මේ.

19 වන සියවසේ මෙරට තුළ ඇති වූ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ සුවිශේෂි සංධිස්ථානයක් සනිටුවහන් කළ පානදුර ශ්‍රී සුමංගල විද්‍යයාලය ආරම්භ වී අදට වසර 114 කි. පාසලක දියුණුව මැනිය යුත්තේ එම පාසල සතු භුමිය හෝ එය සතු භෞතික සම්පත් ප්‍රමාණය අනුව නොව එම පාසල තම ඉතිහාසය තුළ මව් රටට දායාද කළ මානව ප්‍රාග්ධනය මතය. ඒ අර්ථයෙන් ගත් කළ ශ්‍රී සුමංගලය දියුණු පාඨශාලාවක් වන්නේ එමගින් ලක් මාතාවට දායාද කළ උගත් බුද්ධිමත් මිනිසුන් සංඛ්‍යාව ගැණිය නොහැකි තරම් නිසා ය.

ශ්‍රී සුමංගල මාතාව ශත වර්ෂයකටත් අධික ඇගේ ඉතිහාස ගමන් මගේ තවත් සොඳුරු පරිච්ඡේදයක් විවර කරන අද දිනයේ ඇගේ ගමන් මග පිළිබඳව ආදි ශිෂ්‍ය සංගමය සටහන් කර තබන සංක්ෂිප්ත වාර්තාවකි මේ.

ශ්‍රී සුමංගල විද්‍යයාලය ආරම්භ වන්නේ 1909 මාර්තු මස 03 වන දින දීය. ඒ ඓතිහාසික පානදුරා වාදයට ජීවය සැපයු පානදුර රන්කොත් විහාර පුණ්‍ය භුමියේ දී ය. ශ්‍රී සුමංගල විද්‍යාලය ආරම්භ කිරීමේ ඉතිහාසය පිළිබඳව කරුණු නිසිලෙස අවබෝධ කර නොගත්තෝ, පාසල ආරම්භ කරනු ලැබුවේ අමරපුර නිකායේ අමරපුර පාර්ශවයේ මහානායක ශාසනවංශාලංකාර කවිධජ විනයාචාර්යය වැලිගම ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බව වැරදි මතයක එළඹ සිටිති.

ශ්‍රී සුමංගල විද්‍යාලය ආරම්භ කිරීමේ ගෞරවය නිතැතින්ම හිමි විය යුත්තේ පසු කළෙක පානදුරේ රන්කොත් විහාරාධිපතිව වැඩ විසු සංස්කෘත භාෂා ප්‍රවීණ පණ්ඩිතාචාර්යය පානදුරේ ඤාණවිමල තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට වේ. එහෙත් සුමංගල ඉතිහාසයේ උන්වහන්සේට හිමි විය යුතුව තිබු තැන සැබවින්ම හිමි වුයේ ද යන්න ප්‍රශ්නාර්ථයකි.

වර්ෂ 1942 දී ශ්‍රී සුමංගල විද්‍යාලය නල්ලූරුව භුමිභාගයේ ස්ථාපිත කරන අවස්ථාවේ දී එවක කළමණාකරණ මණ්ඩලය විසින් එළි දක්වන ලද වාර්තාවක ඤාණවිමල තිස්ස ස්වාමින් වහන්සේ සම්බන්ධව මෙසේ සටහන්ව තිබේ.

The need for an English Buddhist Educational Institution at Panadura was first raised by the late Rt. Rev. Nanawimala Tissa , and as a result of his strenuous efforts, Sri Sumangala College was started in march , 1909, on Temple premises at Rankoth Vihara, Panadura , with the kind permission of the late Rt. Rev. Walpita Gunaratana Tissa. The College was named after the late Rt. Rev. Sasanawansalankara Kavidaja Vinayacharya Weligama Sri Sumangala ,The chief of the Amarapura Sect…….

එවක පාසලේ කළමණාකරුවකු ලෙස කටයුතු කළ පාසලේ ආරම්භක ශිෂ්‍යයා වූ වොල්ටර් සල්ගාදු මහතා විසින් ඉදිරිපත් කර ඇති මෙම වාර්තාවට අනුව පානදුර ප්‍රදේශයේ ඉංග්‍රීසි බෞද්ධ අධ්‍යාපන ආයතනයක අවශ්‍යතාවය මුලින්ම මතු කරනු ලැබුවේ ද ඒ සඳහා අප්‍රතිහත ධෛර්යයයෙන් කටයුතු කරනු ලැබුවේ ද පානදුරේ ඤාණවිමල තිස්ස ස්වාමින් වහන්සේ බව එම වාර්තාවේ පැහැදිලිව සඳහන් කර ඇත. උන්වහන්සේගේ මෙම ව්‍යායාමයට එවක පානදුර රන්කොත් විහාරාධිපතිව වැඩ විසු පසු කළෙක අමරපුර නිකායේ අමරපුර පාර්ශවයේ මහා නායක ධුරයට පත් සිරිමුණවර සද්ධම්මවංසපාල අති පුජණිය වල්පිට ගුණරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ අනුමැතිය සහ අවසරය ලැබුණු බැවින් පාසල රන්කොත් විහාර භුමියේ ආරම්භ කර ඇත.

කෙසේවුවද පාසලට නම තැබීමේ දී 19 වන සියවසේ බෞද්ධ පුනර්ජිවන ව්‍යාපාරයේ මිණි පහනක් සේ බැබලූණු වැලිගම ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේට ගෞරවයක් පිණිස උන්වහන්සේගේ නමින් නව පාසල ශ්‍රී සුමංගලය ලෙසින් නම් කර තිබේ.

ශ්‍රී සුමංගලය ආරම්භ වුයේ පානදුර රන්කොත් විහාරයේ දායකයින්ව සිටි අපගේ ආදි කතෘවරුන් විසින් දානමය පුණ්‍ය කර්මයක දී ඇති කරගත් සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් යැයි ජනශ්‍රුතියෙහි සඳහන්ව ඇතත් පාසලේ කළමණාකාරීත්ව මණ්ඩලය විසින් එළි දක්වන ලද නිල වාර්තාවේ ඒ සම්බන්ධයෙන් එකඳු හෝ වචනයක් සඳහන්ව නොමැති අතර, වාර්තාවේ පැහැදිලිව සඳහන් කරන්නේ ඤාණවිමල තිස්ස නායක ස්වාමින් වහන්සෙගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස වල්පිට ගුණරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ අවසරය මත පාසල ආරම්භ වූ බවයි.

දානමය පුණ්‍යය කර්මයක දී පානදුරේ දරුවනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් බෞද්ධ අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් පාසලක් ඉදි කළ යුතුය යැයි ඇති වූ මතය පාසල ආරම්භ කිරීමෙහි ඇතැම් විට ආසන්නතම හේතුව විය හැකි වූවත් එය අපගේ ඉතිහාසය අධ්‍යනය කිරීමෙහි කේන්ද්‍රස්ථානය නොවිය යුතු බව අපි තරයේ විශ්වාස කරන්නෙමු.

ශ්‍රී සුමංගල විද්‍යයාලය බිහිවීම පිටුපස ඇති යථාර්ථය නිසි පරිදි අවබෝධ කර ගැනීමට නම්;

  • 19 වන සියවසේ මෙරට පැවති සමාජ පසුබිමත්
  • බෞද්ධ පුනර්ජිවන ව්‍යාපාරයත්
  • පහතරට කුල ක්‍රමයත්
  • අමරපුර නිකාය බිහිවීමත්
  • අපගේ පැවිදි සහ ගිහි ආදි කතෘවරුන් කවුරුන්ද යන්නත් ඔවුන්ගේ පරම්පරාව පිළිබඳවත්

මනා අවබෝධයක් තිබිය යුතුය.

19 වන සියවසේ මුල් භාගයේ දී මෙරට අධ්‍යාපනය මිෂනාරීන්ගේ ඒකාධිකාරයක් බවට පත්ව තිබුණිග ශ්‍රී ලංකාව තුළින් බුදු දහම තුරන්කර ක්‍රිස්තු ධර්මය ව්‍යාප්ත කිරීම සඳහා ඉංග්‍රීසීන් භාවිතා කළ එක ක්‍රමයක් වූයේ මිෂනාරී අධ්‍යාපනය මෙරට තුළ ව්‍යාප්ත කිරීම ය.

1815 මාර්තු 02 වන දින උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව සම්පූර්ණ ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍ය යටත් විජිතයේ කොටසක් බවට පත් විය. උඩරට ගිවිසුමේ පස්වන වගන්තිය මගින් බුද්ධාගමට රාජකීය අනුග්‍රහය බ්‍රිතාන්‍ය පාලකයින් සහතික කරනු ලැබුවත් එය හුදෙක් ලියවිල්ලකට පමණක් සීමා විය.

බටහිර බලපෑම්වලටත්, බුදු දහම නොසලකා හරිමින් එවක බ්‍රිතාන්‍ය රජය විසින් ගෙන යනු ලැබූ ක්‍රියා කලාපයට එරෙහිව ක්‍රම ක්‍රමයෙන් බෞද්ධ බලවේග නැගී සිටින්නට විය. මෙම තත්වය තුල බුදු දහම නගා සිටුවීමේ කාර්යය සඳහා බෞද්ධ පාඨශාලා ආරම්භ කළ යුතු බව බෞද්ධ ගිහි පැවදි නායකයින්ට අවබෝධ විය.

මහාචාර්ය මංගල ඉලංගසිංහ මහතා විසින් රචිත රජය, ආගම සහ අධ්‍යාපනය යන ග්‍රන්ථයට බ්‍රිතාන්‍ය රජය සහ බෞද්ධ අධ්‍යාපනය යන මාතෘකාව යටතේ හයවන පරිච්ඡේදය ලියා ඇති කැලණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වූ ද ආචාර්ය ආර්. එච්. ආර්. ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ එහිලා බෞද්ධ ගිහි පැවදි නායකයින්ගේ මූලික අවධානය යොමු වී තිබුණේ ස්වභාෂා පාසල් කෙරෙහි බවයි.

ඒ ඉංග්‍රීසි පාසල් පිහිටුවීම වඩාත් අසීරු කාර්යයක්ව තිබූ බැවිනි. මෙම ස්වභාෂා පාසල් වැඩියෙන්ම බිහිවීම ආරම්භ වූයේ මිෂනාරී අභියෝග වඩාත් තදින් දැනුන බෞද්ධ බල ප්‍රදේශයන් හි බව පෙනී යයි.

19 වන සියවසේ මැද භාගය වන විට දොඩන්දූව, ගාල්ල, පානදුර හා බද්දේගම වැනි ප්‍රදේශ මිෂනාරී බලපෑම්වලට තදින් ලක් වූ ප්‍රදේශ විය.

ඉතිහාසය පිළිබඳව නිසි අවබෝධයකින් තොරව ඇතැම් පුද්ගලයින් බෞද්ධ පාඨශාලා ආරම්භ කිරීමෙහි ගෞරවය හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා වෙත පිරිනමන නමුත් එය වඩාත් නිවැරදි නොවන බව අප අවබෝධ කරගත යුතුය. ශ්‍රී ලංකාවේ බෞද්ධ පාඨශාලා ආරම්භ කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ පූජ්‍ය දොඩන්දූවේ පියරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේටය. පූජ්‍ය දොඩන්දූවේ පියරතන තිස්ස ස්වාමීන් වහන්සේ ශ්‍රී සුමංගල අපට වැදගත් වන්නේ අප පාසල බිහි කිරීමට පුරෝගාමී වූ අති පූජනීය වල්පිට ගුණරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ කර්මාචාර්යවරයෙකු වීම නිසාය.

පියරතන තිස්ස මහනායක ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කළ ලංකාවේ ප්‍රථම බෞද්ධ පාඨශාලාව වන්නේ දොඩන්දූවේ ශෛලබිම්බාරාමය මධ්‍යස්ථානය කර ගනිමින් ඇරඹි ජිනලබ්ධි විශේධන පාසලයි. මෙම පාසල ආරම්භ කර ඇත්තේ 1869 වර්ෂයේ දී ය. ඉන් වසර 10කට පසුව උන්වහන්සේ විසින්ම එනම් 1879 දී ප්‍රථම සිංහල බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව කොස්ගොඩ නුගටිය නම් පෙදෙසේ ආරම්භ කළ අතර මේ සඳහා බලපිටිය වැලිතර මහකප්පින වලව්වේ සැම්සන් රාජපක්ෂ වාසල මුදලිතුමා අනුග්‍රහය දක්වා ඇත. වර්තමානයේ මෙම පාසල හඳුන්වනු ලබන්නේ අහුංගල්ල රාජපක්ෂ මහා විද්‍යාලය වශයෙනි. ජිනලබ්ධි විශේධන පාසලට අමතරව පියරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේ විසින් පානදුර උපාධ්‍යාය විද්‍යාලය, වැලිගම බෞද්ධ පාසල, දොඩන්දූවේ යශෝදරා බාලිකා පාසල සහ අම්බලන්ගොඩ පටබැඳිමුල්ල බෞද්ධ පාඨශාලාව ද ආරම්භ කර ඇත.

පියරතන නායක ස්වාමීන් වහන්සේට සමකාලීනව කරතොට සෝභිත හිමියන් ද, වැලිතොට විමලසාර තිස්ස නායක හිමියන් ද බෞද්ධ පාඨශාලා ආරම්භ කර ඇත. (මෙම පාඨශාලා කොරතොට හෝමාගම හඳපාන්ගොඩ වලයාපිටිය යන ප්‍රදේශවල පවත්වාගෙන ගොස් ඇත.)

හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ලංකාවට පැමිණෙද්දී මෙම බෞද්ධ පාඨශාලා බිහිව තිබූ අතර එතුමා ලංකාවට සම්ප්‍රාප්ත වන විට බෞද්ධ පාඨශාලාවල දරුවන් එතුමා පිළිගැනීමට අතින් ගත් කොඩි සහිතව සිටි බව ද කියැවේ. ඒ අර්ථයෙන් ගත් කළ ඕල්කට්තුමා ලංකාවට පැමිණීමට පෙරම බෞද්ධ පාඨශාලා ලංකාවේ ආරම්භ වී තිබූ බව පෙනී යයි.

ලංකාවේ බෞද්ධ පාඨශාලා ක්‍රමය වඩා විධිමත් වන්නේ ඕල්කට්තුමාගේ ලංකා සංචාරයත් සමග ය. එතුමාට එකතුව සිටි රුසියානු රදල කුමාරිකාවක වූ හෙලේනා බ්ලැවැට්ස්කි මැතිණියගේ ද සහය ඇතිව පරම විඥානාර්ථ සමාගම බිහි කර ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය විධිමත් කිරීමට එතුමා කටයුතු කරන ලදි. එකී ප්‍රතිඵලයක් ලෙස කොළඹ ආනන්ද, නාලන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ල මහින්ද වැනි පාසල් බිහි විය.

ඒ අනුව 20 වන සියවසේ මුල භාගය වන විට ලංකාවේ බෞද්ධ පාඨශාලාවල පුනරුදයක් ඇති විය. එම පුනරුදයට ජීවය සැපයූවේ පහතරට බෞද්ධ ගිහි පැවදි උතුමන් ය.

සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා වු ද පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ආරම්භක උප කුලපතිවරයා වූ ශ්‍රීමත් අයිවෝ ජෙනිංග්ස් මහතා මෙම පුනර්ජීවනය හැදීන්වුයේ ගාලූ පාරේ බුද්ධාගම හෙවත් ගාලූ පාරේ ශිෂ්ටාචාරය යනුවෙනි.

බෞද්ධ පාඨශාලා ආරම්භවද්දී පිරිවෙන් අධ්‍යාපනය ද වඩාත් නැවුම් මුහුණුවරක් ගනු ලැබීය. වැලිගම ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ පානදුර රන්කොත් විහාරය මූලික කොට ගෙන පානදුර සෞගත පිරිවෙන ආරම්භ කරන ලදි.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ 1873 දී විද්‍යෝදය පිරිවෙනත් රත්මලානේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ විද්‍යාලංකාර පිරිවෙනත් ආරම්භ කරන ලදි. මේ අර්ථයෙන් ගත් කළ 20 වන සියවසේ මුල් භාගය පහතරට මුහුදුබඩ කලාපයේ බෞද්ධ අධ්‍යාපනය ඉතා ඉහළින්ම ව්‍යාප්ත කිරීමට ඇප කැප වූ ප්‍රදේශයක් බව පෙනී යයි.

එම බෞද්ධ පුනර්ජීවනයේ ගාමක බලවේගයක් වූ වැලිගම සුමංගල ස්වාමීන් වහන්සේ රන්කොත් විහාරය සමග සෘජුව සම්බන්ධ විය. පානදුරාවාදය පැවති සමයේ රන්කොත් විහාරයේ විහාරාධිපති ධූරය දරන ලද්දේ වල්පිට ගුණරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේ ය. උන්වහන්සේට බෞද්ධ පාඨශාලා සම්බන්ධයෙන් තම ගුරු දේවයාන කෙනෙකු වූ දොඩන්දූවේ පියරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ ආභාෂය සහ මගපෙන්වීම නිතැතින්ම ලැබෙන්නට ඇත.

වැලිගම සුමංගල ස්වාමීන් වහන්සේගෙන් පසුව රන්කොත් විහාරයට අනුබද්ධිත ශ්‍රී සෞගත පිරිවෙනෙහි අධිපති ධූරය භාරගනු ලැබුවේ ඥාණවිමලතිස්ස ස්වාමීන් වහන්සේ ය. වැලිගම සුමංගල ස්වාමීන් වහන්සේගේ සමීප මිතුරකු වූ Light of Asia (ආසියාවේ ආලෝකය) නම් ග්‍රන්ථය රචනා කළ ශ්‍රීමත් එඞ්වින් ආර්නල්ඞ් මැතිතුමා 1886 වර්ෂයේ දී රන්කොත් විහාරයට පැමිණි බව ද වාර්ථා වේ. එතුමා විසින් රචිත India Revisited නම් ග්‍රන්ථයේ මෙසේ සඳහන්ව ඇත.

These Kind Buddhists of Panadura had adorned their audience – room and temple with palm branches and complimentary inscriptions wrought in flowers and coloured leaves, and provide shelter and refreshment for as in this Charming Sea Side village, where Senegalese scenery may be witnessed at its best. after the far too flattering ceremonies of the morning had been concluded I had the pleasure and advantage of a private interview with the chief priest, During two hours  or more, in the library in his Vihara ……….. After many questions about the localities in the life history of Buddha, Which I had recently visited, he expressed and ardent wish that the Buddhist might same day recover the guardianship of that sacred ground at Buddha Gaya, where “The Lord” meditated so long under the Boddhi tree, and finally attained his Buddhaship. He said that this place and kasia, in the north west, where the great Teacher entered in to Nirwana, Were too spots which ought no longer to be in any hands except those of Buddhist……….

(pages 269 and 270)

හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ද මෙම යුගයේ පානදුරයේ සංචාරය කර ඇති අතර පානදුරා වාදය පැවති ස්ථානයට සහ වැලිපිටිය පන්සලට පැමිණි බව ඉතිහාසය සාක්ෂි දරයි. වැලිපිටිය පන්සලට පමණක් 3000කට අධික පිරිසක් පැමිණ තිබූ බව ද 1880-06-12 වන දින ලක්රිවි කිරණ පුවත්පත වාර්ථා කර ඇත.

ඒ අර්ථයෙන් ගත් කළ 19 වන සියවසේ අගභාගය සහ 20 වන සියවසේ මුල් භාගය කළ පානදුරයේ ඉතා ඉහළ බෞද්ධ පිබිදිමක් තිබු බව අවබෝධ කර ගත හැක.

ශ්‍රී සුමංගලය බිහි වන්නේ එවැනි පසුබිමක ය.

අපගේ ආදි කර්තෘවරු

ශ්‍රී සුමංගලය ආරම්භ කිරීමේ දී එහි සියලූ ගොඩනැගිලි ඉදි කරනු ලැබුවේ අපගේ ආදි කර්තෘවරු හය දෙනාගේ ධන පරිත්‍යාගයෙනි. ඒ බව කළමණාකරණ මණ්ඩල වාර්තාවේ මෙසේ සඳහන්ව ඇත.

The old buildings, which housed Sri Sumangala College up to this day, were erected by the initiative and generosity of the late Messrs. M. Mathes Salgado and Lewis Dias and with the co-operation of  Messrs. M.C. Perera, P. Domingo Dias, P.C.H. Dias and Mudaliyar Thomas Rodrigo. 

තවද, පාසල මුල් කාලයේ සම්පුර්ණ අධ්‍යාපනය නොමිලේ ලබා දී තිබු අතර, ඒ සඳහා සම්පූර්ණ අනුග්‍රහය ලබා දී තිබුණේ ද ඉහත කී ආදි කර්තෘවරුන් විසින්ම බව කළමණාකරණ මණ්ඩල වාර්තාවේ පහත සඳහන් කොටසින් අවබෝධ වේ.

It is interesting to recall how this institution was financed by the founders till 1921. They were the leading business men of the town. It was run entirely as a Philanthropic institution. Mr. P. Domingo Dias was the Manager till his death in 1921″ and during this period of 12 years close upon Rs. 60,000/- had been donated by the founders to meet the working expenses. When considering the financial state of the school, the founders, being business men in partnership, always made the first call on their profits by a donation to meet the losses of the school in the previous year and the expenditure of the following year.

අපගේ ආදි කර්තෘවරුන් ගත් කළ ඔවුන් සියලූ දෙනාම එකිනෙකාට ඥාතීන් වූ හා පානදුර රන්කොත් විහාරයේ තැන්පත් කර ඇති පරම්පරා පුස්තකයට අනුව ඔවුහු රන්කොත් විහාරස්ථානයේ තුන්වන සහ සිව්වන පරම්පරාවල්වල දායකයෝ වූහ. කරාව වංශිකයින් වූ ඔවුන් තත්කාලීන ලංකාවේ ආර්ථිකමය වශයෙන් බලවත් පුද්ගලයෝ වුහ. වැවිලි කර්මාන්තයට අමතරව හෝටල් කර්මාන්තය ද පතල් කර්මාන්තය ද ඔවුන්ට ආර්ථික සමෘධිය ලඟා කර දුනි. ඔවුන්ගේ ආර්ථික ශ්‍යකතාවය නිසාවෙන්ම ඔවුන්ට සුරා බදු ක්ෂෙත‍්‍රයේ බලපත්‍ර රේන්ද ක්‍රමයකට මිලදී ගැනීමට හැකි විය. එය ඔවුන් ආර්ථික වශයෙන් වඩාත් සමෘධිමත් ස්ථානයකට ඔසවා තැබීමට හේතුවක් වුයේය.

කොළඹ සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳව සහය මහාචාර්යයවරියක වූ කුමාරි ජයවර්ධන මහත්මිය විසින් රචිත Nobodies to somebodies The Rise of the Colonial Bourgeoisie in Sri Lanka නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන්ව ඇත.

The Buddhist Families of the Karava from Panadura, ———- Ponnehennedige Dias, Merennege Salgado, Mahawaduge Perera,  Pattinihennedige Rodrigo were linked by marriage; they also intermarried with families from Moratuwa such as the Fernando Sri Chandrasekeras and with the Amarasuriya family of Galle who dominated the Southern Province liquor rents.

The Panadura Buddhist capitalist families- Dias, Rodrigo, Salgado and Perera were also interconnected. P. Jeremias Dias married his first cousin Selestina Rodrigo, Daughter of  P. Solomon Rodrigo a leading renter of  Panadura. The renter, Merennege Mathes Salgado’s daughter Eugenia Grace married Jeremias Dias’ son, Arthur V. Dias, and Mahawaduge Mathes Perera’s son, the entrepreneur M. Abraham Perera, married Jeremias Dias’s daughter, Lilian Mathes Perera’s daughter married Mathes Salgado’s son Walter, and his son Cornelius Perera married Cecilia, the daughter of simon Fernando Sri Chandrasekara Of Moratuwa. There were also links between the Galle Amarasuriyas and Panadura Buddhists. H.W. Amarasuriya (1904-81) married Leena the eldest daughter of M.Coranelis Perera, and Jeremias Dias’s daughter married Dr. Amarasuriya. In Later years too, such marriages of great ‘convenience’ occurred between the wealthy karava families, Some of the dowry money being channeled into philanthropy, social movements and political causes.

(see Chapters 16 & 19)

අදාළ කතුවරිය අපගේ ආදි කර්තෘවරුන් සම්බන්ධයෙන් තම පර්යේෂනාත්මක ග්‍රන්ථයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර ඇත.

Ponnehennedige Domingo Dias, another member of the family of Panadura, was also a great Buddhist benefactor. He was trustee of many temples, including  Rankot Vihara, and a contribution towards the movement for the acquisition by the Buddhists of Buddha Gaya in India (ibid: 685). Dias’ brother-in-law, the wealthy capitalists Merennege Mathes Salgado (1860-1918),was also a Supporter of Buddhist Charities and the founder of a Buddhist temple at Pinwella (ibid: 682 & 685). His son, Richard Salgado, and son-in-law, Arthur Dias, were imprisoned in 1915 after the Buddhist- Muslim riots, accused of inciting Buddhists against Muslims. Mahawaduge Cornelis Perera, a distillery owner, also gave support to Buddhist schools. His father was the famous arrack – renter, Mathes Perera, and his brother , Abraham Perera, married Jeremias Dias’ daughter Lilian; their son Wilmot Perera, a politician of later years and a supporter of radical causes was the founder of a Buddhist school and cultural centre, Sri Palee, inspired and inaugurated by Rabindranath Tagore in 1934. Some of the Panadura Buddhists married into karava Buddhist families of Moratuwa and Galle. Mututantrige ————— Fernando’s daughter Cecilia (from Moratuwa) married Mahawaduge Cornelius Perera of Panadura. Simon Fernando who took the name Sri Chandarasekera, started a fund,  in that name to endow Buddhist charities and Buddhist education.

අමරපුර නිකාය සහ ශ්‍රී සුමංගල අතර ඇති අවියෝජනීය බැඳීම

අමරපුර නිකාය සහ ශ්‍රී සුමංගල අතර ඇත්තේ අවියෝජනීය බැඳීමකි. ශ්‍රී සුමංගල ආරම්භ කරන ලද රන්කොත් විහාරය අමරපුර නිකායට අයත් පන්සලකි. රන්කොත් විහාරයේ ආදී කතෘවරයාණන් ලෙස සැලකෙන්නේ බටපොළ කල්‍යාණ තිස්ස මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. උන්වහන්සේ වූ කලි 1810 වර්ෂයේ දී අමරපුර නිකායේ අමරපුර පාර්ශවයේ පිහිටුවා වදාළ භදන්ත කතළුවේ ශ්‍රී ගුණරත්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නයයි.

දකුණුලක කතළුව ග්‍රාමයේ හෙට්ටිතන්ත‍්‍රිගේ කුමාරදාස වෙද මහතා සහ මැතිණිය දාව 1752 දී උත්පත්තිය ලද කතළුවේ ගුණරතන තිස්ස හිමියෝ පොත්ගහවත්ත විහාරයේ බෝවල ධම්මානන්ද හිමියන් වෙතින් පැවිද්ද ලබා ගෙන ඇත.

කතළුවේ ගුණරතන තිස්ස හිමියෝ ක්‍රි.ව.1803 දී රාමඤ්ඤ දේශයට වැඩම කර උපසම්පදාව ලබාගෙන 1810 දී නැවත ලංකාවට වැඩම කර ඇත. රන්කොත් විහාර භුමියේහි විහාරස්ථානයක් ගොඩනගන ලෙස ප්‍රදේශවාසීන් විසින් කතළුවේ ගුණරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටින ලදුව සැදැහැවතුන්ගේ ආරාධනය පිළිගත් උන්වහන්සේ එය ඉටු කරන ලෙස තම ප්‍රධාන ශිෂ්‍යයා වූ බටපොළ කල්‍යාණ තිස්ස මා හිමියන් වෙත දන්වා සිටියහ. ඒ අනුව ක්‍රි.ව. 1810 දී බටපොළ කල්‍යාණ තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ මුලිකත්වයෙන් රන්කොත් විහාරය ආරම්භ වූ අතර, එය මුල් කාලීනව ගල්වල පන්සල, ගල්වලේ පන්සල යැයි ව්‍යවහාර වී ඇත.

කතළුවේ ගුණරතන තිස්ස හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නය වූ බටපොළ කල්‍යාණ තිස්ස නායක ස්වාමීන් වහන්සේ පානදුර රන්කොත් විහාරයේ ආදී කතෘවරයාණෝය. උන්වහන්සේගෙන් පසුව පිළිවෙළින් වල්පිට සිරි සුමන තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1841-1857) වල්පිට ගුණරතන තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1857-1920) පණ්ඩිත ආචාර්යය පානදුරේ ඥාණවිමල තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1920-1929) කරගම්පිටියේ ජොතිරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1929-1958) මහාචාර්යය රාජකීය පණ්ඩිත මොරටුවේ ශාසනනෙන අනුශාසක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1958-1981) මහාචාර්යය රාජකීය පණ්ඩිත කහපොල සුගතරතන අනුශාසක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1981 සිට මේ දක්වා) රන්කොත් අධිපති ධූරය දරනු ලබයි.

අමරපුර නිකාය පිහිටුවා වදාළ භදන්ත ශ්‍රී කතළුවේ ගුණරතන නායක ස්වාමින් වහන්සේගේ පරම්පරාවෙන් පැවත එන, ශ්‍රී සුමංගලය බිහිවීමෙන් පසුව වැඩ සිටී රන්කොත් විහාරයේ නායක ස්වාමින් වහන්සේලා එදාමෙදා තුළ සුමඟුල් ඉතිහාසයේ සෑම ඓතිහාසික සංසිද්ධියකදීම පෙනී සිටිමින් අවවාද අනුශාසනා ලබා දීම කළෙහිය.

1894 දී අමරපුර නිකායේ අමරපුර පාර්ශවයේ මහා නායක පදවියට පත් වුයේ වැලිගම ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ ය. වල්පිට ගුණරතන තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1911 දී මෙම නිකායෙහි මහා නායක ධුරයට පත් වූ අතර, වර්තමානයේ මෙම නිකායේ නායකත්වය හොබවනු ලබන්නේ ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ පැවදි අනුශාසක ධූරය හොබවනු ලබන රන්කොත් විහාරාධිපති මහාචාර්යය කහපොල සුගතරතන නායක ස්වාමීන් වහන්සේ වේ. ඒ අර්ථයෙන් ගත් කළ අමරපුර නිකාය සහ ශ්‍රී සුමංගලය අතර පවතින්නේ ශත වර්ෂයකටත් වඩා වැඩි අවියෝජනීය සම්බන්ධතාවයකි.

අමරපුර නිකායේ අමරපුර පාර්ශවයේ මහා නායක සිරිමුණවර සද්ධම්මවංසපාල ශාසනධජ අති පූජණිය වල්පිට ගුණරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේ

ශත වර්ෂ 1755 තුලා රවි දාසය භාග වූ මංගල දිනයේ වල්පිට නම් ග්‍රාමයෙහි ධනවත් කීර්තිමත් පවුලක ජන්ම ලාභය ලැබු ගුණරතන තිස්ස නායක ස්වාමින් වහස්සේ රන්කොත් විහාරාධිපතිව වැඩ විසු වල්පිට සිරිසුමන තිස්ස මහා නායක ස්වාමින් වහන්සේගේ දෙවන ශිෂ්‍ය රත්නයයි.

කුඩා කාලයේ දීම මුන්වහන්සේගේ පියාණන් අභාවප්‍රාප්ත වී ඇත. ඉතා රෝගාතුරව මරණමංචකයේ සිටි තම පියා බැලීමට නිවසට සංසුන් ගමනින් වැඩම කළ භික්ෂුන් වහන්සේ කෙනෙක් දැක පූර්ව කර්ම බලයෙන් මෙහෙයවන ලද පුණ්‍ය ශක්තියෙන් තමාට ද මහණ වීම සඳහා අවසර ලබා දෙන ලෙස පියාණන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මංචපරායනව සිටි පියා ද කුඩා දරුවාගේ එකී ඉල්ලීමෙන් ප්‍රීතියට පත්ව පවුලේ වැදගත් ඥාතියෙකු කැඳවා නිසි වයස පැමිණි කළ නොවරදවාම මහණ කරන ලෙස දැනුම් දී ඇත. ඒ අනුව වයස අවුරුදු 10 පමණ සම්පුර්ණ වු විට ගුණරතන තිස්ස හිමියන්ගේ මව සහ වැදගත් ඥාතින් එක්ව ශිල්ප ශාස්ත්‍ර හැදැරීම පිණිස එවක ලක්දිව ප්‍රචලිත කීර්තිමත් සුපේෂල ශික්ෂාකාමි භික්ෂුවක වූ පානදුරේ රන්කොත් විහාරාධිපති වල්පිට සිරිසුමන තිස්ස නායක හිමිපාණන් වෙත භාර කරන ලදී.

සිරිසුමන තිස්ස හිමියෝ ද කුඩා දරුවා පන්සලට ගෙනැවිත් එහි නවාතැන් දී ශිල්ප ශාස්ත‍්‍රය ද දායාද කළහ. ඉතා උන්නදුවෙන් අධ්‍යාපනය හැදෑරු කුඩා දරුවා ප්‍රසන්න ඉඳුරන්ගෙන් සමන්විත විය.

පානදුර නදියෙහි මහා පාරුවක සාදන ලද මහා මණ්ඩපයක් තුළ වැඩහුන් මහා සංඝයා ඉදිරියෙහි ආශ්චර්යමත් උත්සවයක දී මුන්වහන්සේව වල්පිට ගුණරතන නමින් මහණ කරන ලදී. ගිහි කාලයේ පටන්ම ගුණරතන හිමියන්ගේ සුපේෂල ගුණයන් කෙරෙහි පැහැදි සිටී පානදුර රන්කොත් විහාරයේ එවක ප්‍රධාන දායකමහතෙකුව සිටි දාවිත් පිරීස් මහතා සියලූ භික්ෂු සංඝයා ඉදිරියේ අඩ දණින් හිඳ දොහොත් මුදුන් දී වැඳ මුන්වහන්සේට මම දිවි හිමි කොට සියලූ කටයුත්තෙහි කප්පියකාරයා වෙමියි ශ්‍රද්ධාවෙන් ප්‍රකාශ කළ බව කියැවේ. පසුව කොග්ගල ධම්මසාර නායක මහා ස්ථිවිරයන් වහන්සේගේ උපාද්‍යත්වයෙන් ද මිරිස්සේ ධම්මානන්ද, උඩුහල්පිටියේ සිරි සුමන තිස්ස, දොඩන්දුවේ පියරතනතිස්ස යන නායක ස්වාමින් වහන්සේලා තිදෙනාගේම කර්මාචාර්යයත්වයෙන් සොළොස් නමක් කාරක මහා සංඝයා මධ්‍යයෙහි දොඩන්වේදූ එවකට පිහිටුවන ලද උදකුක්කේප සීමා මාලකයේ දී ගුණරතන තිස්ස යන නාමයෙන් උපසම්පදාව ලබාගත් සේක.

තම ගුරුදේවයාණ වූ වල්පිට සිරිසුමන තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීමෙන් පසු පානදුර රන්කොත් විහාරයේ විහාරාධිපති ධුරයට පත් වූ ගුණරතන තිස්ස නායක ස්වාමින් වහන්සේ පානදුර රන්කොත් විහාරයේ සමෘද්ධියේ ආරම්භය සනිටුහන් කළහ.

බුදු දහමේ හරය පසක් කළ පානදුරා වාදය සුපෝෂණය කිරීම සඳහා මුන්වහන්සේ විශිෂ්ට සේවාවක නිරත විය. රන්කොත් විහාරයේ විහාරාධිපති ලෙස, හික්කඩුවේ ශ්‍රී සුමංගල සහ වැලිගම ශ්‍රී සුමංගල යන නායක ස්වාමීන් වහන්සේලා සමඟ එක්ව පානදුරා වාදයේ දී මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ට අයෝමය ශක්තියක් විය.

මෙම යුගයේ සියලූ විවාහ ලියාපදිංචි කිරීම් ක්‍රිස්තියාණි පල්ලිය තුළ ක්‍රිස්තියාණි පුජකයින් අතින් සිදුවනු දුටු මුන්වහන්සේ එයින් බුදු දහමට සිදු විය හැකි හානිය අවබෝධ කරගෙන ඊට විරුද්ධව කටයුතු කළ ලූවිස් බාස් මහතාට උපරිම සහය ලබා දී ඇත. ලූවීස් බාස් මහතා ක්‍රි.ව 1859 සිට 1863 දක්වා ලංකාවේ ගම් 76 ක් පුරා ඇවිද අත්සන් තිස්තුන් දහසක් ලබා ගෙන බ්‍රිතාන්‍ය ආණ්ඩුවට කරන ලද කරුණු දැක්වීමක් අනුව වර්තමානයේ සිටින විවාහ රෙජිස්ට්‍රාර්වරුන් විවාහ ලියාපදිංචිය සඳහා ලබා ගැනීමට හැකි විය.

ලූවීස් බාස් මහතාම ලියා ඇති පරිදි එතුමාට එම කාර්යය සාර්ථක කරගැනීමට ශක්තියක් වී තිබෙන්නේ ගුණරතන තිස්ස නායක ස්වාමින් වහන්සේ ය.

තමන් වහන්සේ ජන්ම ලාභය ලැබු රටටත් බුද්ධ ශාසනයටත් නොනිමි මෙහෙවරක් කළ මෙම සුපේෂල ශික්ෂාකාමී ගුණරතන තිස්ස මහා නායක ස්වාමීන් වහන්සේ සකල ලාංකීය ජනතාවම සංවේගයට පත් කරමින් 1920 ජුනි මස අපවත් වී වදාළහ. උන්වහන්සේ අපවත් වනවිට රන්කොත් විහාරයට අමතව කළුතර පුලිනතලාරාමය, පිංවල පාඨලීරුක්කාරාමය, කෝවිලගොඩැල්ලේ නාගානන්ද විහාරය යන විහාරවල අධිපති ධුරය දැරූහ.

රන්කොත් විහාරයේ ශ්‍රී සෞගත පිරිවෙන් ආරම්භ වුයේ ද එඞ්වින් ආර්නල්ඞ් මැතිතුමා රන්කොත් විහාරයට සම්ප්‍රාප්ත වුයේ ද, රන්කොත් විහාරයේ ශාසනකෙත දහම් පාසල ආරම්භ වුයේද ගුණරතන තිස්ස නායක හිමියන්ගේ කාලයේ දීය.

උන්වහන්සේගේ අපවත් වීම සම්බන්ධව එකල මෙරට මාධ්‍යන්හි විශාල ප්‍රසිද්ධියක් ලබා දී තිබුණි. 1920-07-18 වන දින පළ වූ දිනමිණ පුවත්පතෙහි මෙසේ සටහන්ව ඇත.

ඊයේ පානදුරේ ආදාහන මහෝත්සව. ස්වර්ගස්ථ ශ්‍රී ගුණරතන තිස්සාභිදාන අමරපුර නිකායේ නායක ස්ථවිරයන් වහන්සේගේ මාතෘ දේහය ආදාහනය කිරීම.

ඊයේ පානදුර නගරය පිළිබඳ ඉතිහාසයේ ඉතා සිහි කටයුතු දිනකි. පසුගිය සඳු දින ස්වර්ගස්ථ වූ පානදුරේ රන්කොත් විහාරාධිපතිව වැඩ විසු ගෞර්වාර්හ ශ්‍රී ගුණරතන තිස්ස නායක ස්ථවිරයන් වහන්සේගේ මාතෘ ශරීරය ආදාහනය කිරීමේ පුජා මහෝත්සවය ඊයේ පසුවරු කාලයේ පානදුරේ දුම්රිය ස්ථානයට නුදුරුව පිහිටි භුමිභාගයෙක්හි දී අත්‍යලංකාර ලෙස පවත්වන ලදී. මෙම නායක ස්ථවිරයන් වහන්සේ ස්වර්ගස්ත වූ දිනයේ පටන් මුළු පානදුරා නගරයේම පැවති උන්නදුභාවය වර්ණනාවිෂයාතික්‍රාන්ත විය. ගුණරතන නායක හාමුදුරුවෝ ස්වර්ගස්ථ විය යනප්‍රවෘත්තිය ඇසු පාණදුරා නගරවාසීන් පමණක් නොව කළුතර, මොරටුව, අම්බලන්ගොඩ, කොළඹ, ගාල්ල සහ මාතර යනාදි නොයෙක් පළාත්වලින් උන්වහන්සේගේ මාතෘ දේහය දර්ශනාභිලාශයෙන් පැමිණි නොයෙක් ජනයාගෙන් රන්කොත් විහාර භුමි භාගය සමාකීර්ණ විය. එසේම මෙම ආදාහන මහෝත්සවය හැකි තරම් අලංකාර සහිතව පැවැත්වීම සඳහා නොයෙක් දෙනා කටයුතු කරන ලීලාවෙන්ම උන්වහන්සේ කෙරෙහි නගර වැසි සෑම ලබ්ධික සෑම ජාතික ජනයාගේ ඇති ගෞරව සැළකිල්ල මොනවට ප්‍රකාශ විය. මෙම ආදාහන උත්සවයේ පැවති විශේෂ ලක්‍ෂණයක් නම් ක්‍රිස්තියානි ලබ්ධික මහත් පිරිසක් ද පැමිණ මෙහි කටයුතු වලට සහභාගී වීමය. කලින් නියම කර තිබු පරිදි හරියට 2.30 ට පමණ අවමංගල්‍ය පෙරහැර රන්කොත් විහාර භුමි භාගයෙන් පිටත් විය. මෙම ආදාහන පෙරහර අතිශය කළ්‍යාණ දර්ශනීය විය. බැන්ඞ්, තූර්යය වාද, හේවිසි නාගසලන් ආදි නා නා තූර්යය රාවයන්ගෙන් මුළු නගරයම ඒක නින්නාද විය. පෙරහර පෙරටුව ස්වර්ස්ථ නායක ස්ථිවිරයන් වහන්සේගේ ප්‍රතිරූපය සහිත “ශ්‍රී ගුණරතන තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පෙරහර” යන වාක්‍ය අන්තර්ගත විසිතුරු තොරණක් රැගෙන ගියෝය. මීළඟට කොඩිගත් අත් ඇති ශ්‍රී සුමංගල පාඨශාලාව, වලානේ මහානාම පාඨශාලාව, නල්ලූරුවේ උක්වත්තේ බෞද්ධ පාඨශාලාව, වෑකඩ බෞද්ධ පාඨශාලාව, එගොඩ උයනේ බෞද්ධ පාඨශාලාව, කොරළවැල්ලේ බෞද්ධ පාඨශාලාව යනාදී පාඨශාලා ශිෂ්‍යයෝ පිළිවෙළින් ගමන් කළහ. ශ්‍රී සුගත ශාසනෝදය සමිතියේ සාමාජිකවරු ද සමාගමේ කොඩිය පෙරටුවෙන් ගෙන පෙරහරේ ගමන් කළෝය. මීළඟට හස්ත ලංකාරයෙන් සැරසු ඇත්තු සය දෙනෙක් ගෙන ගියෝය.

තදනන්තරව භික්ෂුන් වහන්සේලා ගමන් කළෝය. ඊට පසු මෘත ශරීරය සහිත දෙණ බහාලූ රන්සිවි ගෙය උසුලා ගත් ශ්‍රද්ධා සම්පන්න දායක පිරිස ගමන් කළහ. රන්සිවි ගෙය වනාහි ඉතා විසිතුරු කොට පටපිළි සහ නොයෙක් විසිතුරු කර්මාන්තයන්ගෙන් නිමවන ලද්දකි. එය දුටුවන්ගේ සිත් සතුටු එළවන සුළුය. මෙම රන්සිවි ගෙයට පසු පස්සෙ තවත් භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනෙක් පිළිවෙළින් වැඩම කළෝය. මෙම ආදාහනෝත්සවයට භික්ෂුන් වහන්සේලා දෙසිය නමක් පමණ වේ. මේ පසුපස්සේ නොයෙක් පුජා ද්‍රව්‍යගත් උපාසිකා පිරිස ගමන් කළාය. චිතකය ද විසිතුරු තොරණ් ආදිය බැඳ මනාව සරසන ලද්දකි. ආදාහන භුමියේ දී ගෞ. ඇම්. මේධානන්ද ස්වාමීන් වහන්සේ, ගෞ. ශ්‍රී ඥානේශ්වර නායක ස්වාමීන් වහන්සේ යන ස්ථවිරයන් වහන්සේලා සහ ජොන් විලියම් සිල්වා නීතිඥ මහතා සහ ඇම්.එච්. ජයතිලක මහතාත් කතා පැවැත්වූහ. ඒ අවසානයේ දී මහත් තුර්යය වාද සහ සාදු නාද පවත්වන අතර චිතකයට ගිනි දල්වන ලදී.

1920-07-17 වන දින පළ වු ලක්මිණ පුවත්පතෙහි උන්වහන්සේගේ ජිවන චරිතය අලලා ලිපියක් රචනා වී තිබු අතර, එහි කොටසක් පහත පරිදි වේ.

අතිගෞරවාර්හ ගුණරතන තිස්ස මහානායක මාහිමිපාණන් වහන්සේ, සංක්ෂිප්ත ජීවන චරිතය. පානදුරේ රන්කොත් විහාරාධිපතිව වැඩ විසු අතිගෞරවාර්හ සිරි මුණිවර සද්ධම්මපාල ශාසනධජ ගුණරතන තිස්සාභිදාන මහානායක මාහිමිපාණන් වහන්සේ වනාහි සම්බුද්ධ ශාසනයට සහ මහාජනතාවට ද විශේෂාර්ථදායි කටයුතු රාශියක් කර දීමෙන් තමන් ලත් ජිවිතය සපල කරගත් උත්තමයාණ කෙනෙක.

ගුණරතන තිස්ස ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් එකල ලංකාවේ ප්‍රධාන මුද්‍රිත මාධ්‍යයන් හි පළව තිබු අදහස් මගින් ද අපගේ ආදී කතෘවරයවාණෝ කෙතරම් විශිෂ්ට ජිවන චරිතයකට උරුමකම් කීවේ ද යන්න පසක් කරගත් හැකිය.

පණ්ඩිතාචාර්යය පානදුරේ ඤාණවිමල තිස්ස නායක ස්වාමීන් වහන්සේ

ඤාණවිමල තිස්ස ස්වාමීන් වහන්සේ සැලකෙන්නේ සංස්කෘත භාෂාව පිළිබඳ ප්‍රවීණ භික්ෂුවක වශයෙනි. සමකාලීන භික්ෂුන් වහන්සේලා අතර, 19 වන සියවසේ මෙරටේ ඇති වූ බෞද්ධ අධ්‍යාපන පුනරුදයේ සුවිසල් නිහඩ සේවාවක් සිදු කළ යතිවරයාණ කෙනෙක වශයෙන් ඤාණවිමල තිස්ස ස්වාමීන් වහන්සේ හැඳින්විය හැක. වැලිගම ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ විසින් පානදුර රන්කොත් විහාරයේ ආරම්භ කළ ශ්‍රී සෞගත පිරිවෙණෙහි උන්වහන්සේගෙන් පසු පරිවේණාධිපති ධූරයට පත් වූයේ ඤාණවිමල තිස්ස ස්වාමීන් වහන්සේ ය.

යම් කිසි ගාථාවක් හෝ ශ්ලෝකයක් වරක් ඇසු පමණින් ධාරණය කර ගැනීමේ දියුණු ශක්තියක් මුන්වහන්සේ වෙත වූ බව කියැවේ.

පාණානී ව්‍යාකාරණයෙහි අති දක්‍ෂ විශාරදයෙකු වූ ඤාණවිමල තිස්ස ස්වාමීන් වහන්සේ ලඝු සිද්ධාන්ත කෞමුදී මහා සිද්ධාන්ත කෞමුදී ආදි මහා ග්‍රරන්ථයන් ශුද්ධ කොට මුද්‍රණය කර ප්‍රසිද්ධ කර ඇත.

උගත් බුද්ධිමත් ශිෂ්‍ය පරම්පරාවක් මුන්වහන්සේ අභිමුවේ පෝෂණය වු අතර, එම ශිෂ්‍යයන් පසු කාලීන ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය දියුණු කිරිමේ කාර්යයයේ සුවිශාල කාර්යයභාරයක් ඉටු කරනු ලැබුහ.

මුන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යයෙකු වු කහඳමෝදර පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අධ්‍යාපනය ලබා කොට්ටේගොඩ සෞගත විද්‍යාලය ආරම්භ කළේය. සඳකිඳුරු දා සන්නස, බුදුගුණ අලංකාර සන්නස වැනි ග්‍රන්ථ රචනා කළ විචිත‍්‍රභාණක සිරි සද්ධම්චාරිය වලානේ ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ ද ඥාණවිමල තිස්ස හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නයකි. වලානේ ශ්‍රී විජය සෞගත විද්‍යාලය ආරම්භ කරන ලද්දේ මෙම ධම්මානන්ද හිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් වූ වලානේ විජයනන්ද නායක ස්වාමීන් වහන්සේ ය.

එකල පාචීන භාෂෝපකාර සමිතියේ කාරක සභිකයෙකු ව සිටි ඥාණවිමල තිස්ස ස්වාමින් වහන්සේ විභාග ප්‍රශ්නපත්‍ර සකස් කිරිමේ කාර්යය පවා පැවරි තිබු උගත් භික්ෂුන් වහන්සේ නමකි.

1909 මාර්තු මස 03 වන දින ශ්‍රී සමුංගල විද්‍යාලය ආරම්භ කරන විට ඒ සඳහා ගුණරත්නතිස්ස නායක ස්වාමීන් වහන්සේ සමඟ අවවාද අනුශාසක කරන ලද්දේ ඥාණවිමල තිස්ස නායක ස්වාමින් වහන්සේමය. වර්ෂ 1942 දී ශ්‍රී සුමංගල විද්‍යාලයේ නල්ලූරුව භුමිභාගයේ ගොඩනැගිලි විවෘත කරන දා එවක කළමණාකරණ මණ්ඩලය විසින් එළි දක්වන ලද වාර්තාවක ඥාණවිමල තිස්ස ස්වාමින් වහන්සේ සම්බන්ධව මෙසේ සටහන්ව තිබේ.

The need for an English Buddhist Educational Institution at Panadura was first raised by the late Rt. Rev. Gnanawimala Tissa , and as a result of his strenuous efforts, Sri Sumangala college was started in march , 1909, on temple premises at Rankoth Vihara, Panadura, with the kind permission for the late Rt. Rev. Walpita Gunaratana Tissa. The College was named after the late Rt. Rev. Sasanawansalankara Kavidaja Vinayacharya Weigama Sri Sumangala, The chief of the Amarapura Sect…….

අපගේ ගිහි ආදි කර්තෘවරු

පොන්නහැන්නදිගේ දුමින්ගු දියෙස් මැතිතුමා

කොවිස් දියෙස් සහ හේවා ෆොන්සේකාගේ හෙලේනා ෆොන්සේකා යන දම්පතීන්ට දාව එම පවුලේ තුන්වන පුත්‍රයා ලෙස 1853 වර්ෂයේ දී මෙතුමා ජන්මලාභය ලබා ඇත. මෙතුමාගේ පියා මෙන්ම සීයා වූ පොන්නහැන්නදිගේ කොරනේලිස් දියෙස් මහතා ද එකල ලංකාවේ ප්‍රබල ව්‍යාපාරිකයෝ වූහ. ජිනෝරිස් දියෙස්, අන්දිරිස් දියෙස්, පේරමියස් දියෙස් වශයෙන් සොහොයුරන් තිදෙනෙකු ද සොලෝනා දියෙස්, ලෙනෝරා දියෙස්, මිසිනෝනා දියෙස් සහ ජේන් ඉසබෙලා දියෙස්, සෙලෙස්තිනා දියෙස් යනුවෙන් සහෝදරියන් පස් දෙනෙක් මෙතුමාට සිට ඇත. තම පාසල් අධ්‍යාපනයෙන් පසුව වයස අවුරුදු 20 දී තම පියාගේ ව්‍යාපාර කටයුතු සමඟ සම්බන්ධ වූ මෙතුමා පසුව තමාගේම ව්‍යාපාර ගණනාවක් ආරම්භ කරමින් ඒවා දියුණු කරනු ලැබීය. නාවලපිටිය හිල්විට් හෝටලය, මහනුවර රෝයල් සහ කාසල් යන හෝටල් ද මස්කෙලියේ සහ හැටන් ප්‍රදේශයන්හි සුරාබදු ක්ෂේත‍්‍රයට අදාල ව්‍යාපාර කිහිපයක් ද මෙතුමා විසින් ආරම්භ කර ඇත.

1883 සිට 1897 දක්වා මධ්‍යම පළාතේ සුරා බදු ක්ෂේත්‍රයේ සාමාන්‍යාධිකාරවරයා මෙන්ම එහි කොටස්කරුවෙකු ද විය. 1898 වර්ෂය පමණ වන විට පානදුර ප්‍රදේශයේ ප්‍රධාන සුරාබදු ගෙවන ව්‍යාපාරිකයා බවට ඒ මහතා පත්ව සිටියේ ය. 1896 වර්ෂය වන විට එතුමා වැවිලි ක්ෂේත‍්‍රය කෙරෙහි ද යොමු වී තිබූ අතර, එතුමාගේ නමට ලියවුණු තේ, පොල් සහ රබර් වතු ගණනාවක් බස්නාහිර පළාතේ සහ වයඹ පළාතට අයත් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ විය.

1895 වර්ෂයේ දී තම ජීවන ගමන් මගේ තවත් එක් සොදුරු කඩඉමක් පසු කල එතුමා එවකට මිනිරන් පතල් ක්ෂේත‍්‍රයේ කීර්තිමත් නාමයක් හිමි කර ගෙන තිබූ මුතුතන්ත්‍රී පටබැදි මෙන්ඩිස් කුරේ මැතිතුමාගේ එකම දියණිය වූ ඩොවිසිනා ලියනොරා මෙනවිය සමඟ විවාහ වුයේ ය. එම විවාහයේ සාක්‍ෂිකරු වී තිබුණේ එවකට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වේ.

මෙතුමාගේ සහෝදරියක වූ මිසිනෝනා යන අය විවාහ වී තිබෙන්නේ ශ්‍රී සුමංගලයේ තවත් ආදි කතෘවරයෙකු වූ මත්තෙස් සල්ගාදු මහතා සමගය. දුමින්ගු දියෙස් මහතාට දරුවන් සිට නොමැති අතර තමාගේ සහෝදරියකු වූ මිසිනෝනා යන අයගේ දියණියක වූ ගර්ටෘඞ් යන අය දරුකමට හදා ගෙන ඇති අතර ඇය පසු කලෙක කීර්තිමත් වෛද්‍යවරයෙකු ද කෘතහස්ත දේශපාලඥයෙකු ද පසු කලෙක ශ්‍රී සුමංගලයේ කළමණාකාරිත්ව මණ්ඩලයේ ප්‍රධාන නිලය ද හෙබවූ ශ්‍රීමත් සුසන්තා ද ෆොන්සේකා මැතිතුමා සමග විවාහ වී ඇත. බෞද්ධ විහාරස්ථාන කිහිපයකම ප්‍රධාන දායකයෙකු වූ දුමින්ගු දියෙස් මහතා මහනුවර උඩවත්ත ප්‍රදේශයේ දහම් පාඨශාලා ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළ අයෙකි.

බුද්ධගයාව නැවත බෞද්ධයින් වෙත දිනා ගැනීම සදහා වැලිගම සුමංගල හිමි සහ අනගාරික ධර්මපාලතුමා ප්‍රමුඛ බෞද්ධ ගිහි පැවිදි දෙපක්ෂයම ගෙන ගිය සටනේ එතුමා ද කොටස්කරුවෙකු විය. එම කාර්යය සාර්ථක කර ගැනීම සදහා එම යුගයේ ඒ මහතා විසින් පරිත්‍යාග කළ ලෙස සැලකෙන මුදල රුපියල් දහසකි (රු. 1000/-)

එතුමා එවකට ක්‍රියාත්මක වී පැවති දේශීය කෘෂිකාර්මික සමිතියේ (Local Agricultural Society) භාණ්ඩාගාරික ධූරය ද, ලංකා කෘෂිකර්ම සමිතිය (Ceylon Agricultural Society) සහ පානදුර සංගමයේ (Panadura Association) හි සාමාජිකයෙකු ද විය.

1921 වර්ෂයේ දී තම ජිවන ගමන නිම කළ මෙතුමාගෙන් හිස් වූ ශ්‍රී සුමංගල විද්‍යාලයේ කළමණාකාර ධූරයට පී. ද එස්. කුලරත්න මැතිතුමා පත් කර ඇත. දියෙස් මැතිතුමාගේ අභාවයෙන් පසුව එතුමා සිහිවනු පිණිස එතුමාගේ ආදරණිය බිරීඳ විසින් පානදුර නගර ශාලාව ඉදි කරවා ජනතා අයිතියට පරීත්‍යාග කරනු ලැබුවා ය. අදටත් පානදුර ජනතාවට ඇති එකම නගර ශාලාව වන්නේ පී. දුමින්ගු දියෙස් අනුස්මරණ නගර ශාලාව පමණි. (P. Domingo Dias Memorial Town Hall)

මහවඩුගේ කොරනේලිස් පෙරේරා මැතිතුමා

19 වන සියවසේ මෙරට සාර්ථක ව්‍යාපාරිකයකු වූ මහවඩුගේ මතේස් පෙරේරා සහ කැරලීනා අයරීන් පෙරේරා දිසානායක යුවලට දාව 1872 වර්ෂයේ දී මහවඩුගේ කොරනේලිස් පෙරේරා මැතිතුමා උපත ලැබීය. මුල් කාලීනව පෞද්ගලිකවත් පසුව කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද මෙතුමා අධ්‍යාපනය ලබා ඇත. ”ආරෝන්” මහත්තයා යන නමින් ද ප්‍රසිද්ධියට පත් වුණු මෙතුමාගේ සීයා වුයේ (මවගේ පියා) නල්ලූරුවේ වැලිපිටිය පන්සල නිමවා ශාසනයට පුජා කළ මහවඩුගේ අන්ද්‍රිස් පෙරේරා අභය කරුණාරත්න දිසානායක මුදලිතුමා වේ. මෙතුමාගේ සහෝදරයා වූයේ එකල “රබර් රජ්ජුරුවෝ” යන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධියට පත් ව සිටි මහවඩුගේ ඒබ‍්‍රහම් පෙරේරා මැතිතුමාය.

පාසල් අධ්‍යාපනයෙන් පසුව රයිගම කොරළයේ හොරණ රත්නපුර අතර පිහිටි සොරණ වතු යායේදී තේ, කුරුඳු සහ පොල් වගාවන් පිළිබඳව ඉගෙනුම ලබා ඇති මෙතුමා පසුව වැවිලි ක්ෂේත්‍රයට යොමු වී ඇත. පානදුර අවට පොල් සහ කුරුඳු වතු 50 ක් පමණ ඔහුගේ නමට ලියවී තිබුණු බව කියවේ. තේ කර්මාන්තශාලා සහිත විශාල වතු දෙකක් ද ඔහු විසින් පාලනය කළ බව එතුමාගේ පවුලේ ඉතිහාසය සොයා බැලීමේ දී අනාවරණය වේ. පසුව රේන්ද ව්‍යාපාරයට යොමු වී ඇති එතුමා එම ක්ෂේත‍්‍රයේ සීග්‍ර දියුණුවක් ලබමින් එකල ලංකාවේ සිටි ප්‍රධානම රේන්ද ව්‍යාපාරිකයෙකු බවට පත්ව තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා විෂය පිළිබඳව සහය මහාචාර්යවරියක වූ කුමාරි ජයවර්ධන මහත්මිය විසින් රචිත Nobodies to somebodies The Rise of the Colonial Bourgeoisie in Sri Lanka නමැති ග්‍රන්ථයේ 109 පිටුවේ මෙසේ සඳහන්ව ඇත.

Another notable example was the influential Mahawaduge Perera family of wekande, Panadura, the largest owners of distilleries in the area. The family fortune through distilling and renting had been built up by Mahawaduge Mathes Perera in the 1860S. One of his sons, M. Abraham Perera, had shares in distilleries and another son, M. Cornelis Perera was the leading distiller of his time.

Also owning wholesale stores at Panadura from which renters were supplied with arrack Cornelis Perera’s interests in the arrack trade at the turn of the century were described by Wright as follows:

To supply the large demand for the spiritious beverage, he  is obliged to buy large quantities from various other manufactures in adition to the output from his own distilleries. In fact, he is one of the largest dealers in arrack in Ceylon.

වයස අවුරුදු 24 දී මුතුතන්ත‍්‍රිගේ සයිමන් ප්‍රනාන්දු ශ්‍රී චන්ද්‍රසේකර මුදලිතුමාගේ සිව්වන දියණිය වූ සිසිලියා සමඟ විවාහ වූ කොරනේලිස් පෙරේරා මැතිතුමාට නෙවිල් සහ ලිනා යනුවෙන් දරුවන් දෙදෙනෙකු සිට ඇත. ඔවුන් අතුරින් ලිනා විවාහ වී තිබෙන්නේ 20 වන සියවසේ මෙරට ජනතාවගේ නොමද ආදරයට පාත්‍ර වූ ගාල්ල මහින්ද විද්‍යාලයේ කලක් කළමණාකරු ලෙස කටයුතු කළ මහා දානපතියෙකු ද කෘතහස්ත දේශපාලඥයෙකු ද වූ හෙන්රි වුඞ්වඞ් අමරසුරිය මැතිතුමා සමඟ වේ. (H. W. අමරසුරිය මැතිතුමා)

මෙතුමාගේ සහෝදරයා වූ ඒබ්‍රහම් පෙරේරා මැතිතුමා විවාහ වුයේ ජෙරමියස් දියෙස් සහ සෙලෙස්තිනා දියෙස් දෙපළගේ දියණියක වු ලිලියන් ෆිලිෂියා දියෙස් මෙනෙවිය සමඟය. එම දේපලගේ පුත්‍රයා විලිමට් ඒ පෙරේරා මැතිතුමා වෙයි. ජෙරමියෙස් දියෙස් මැතිතුමා යනු 1873 පානදුරා වාදයේ සම්පූර්ණ අනුග්‍රාහකයා වූ පානදුර රන්කොත් විහාරයේ දෙවන පරම්පරාවේ දායකයෙකි. පානදුරා වාදය පවත්වන ලද්දේ ද එතුමාගේ දොඹගහවත්ත නමැති ඉඩමෙදීය. සෙලෙස්තිනා දියෙස් මැතිණිය කොළඹ විසාඛා විද්‍යාලය මෙන්ම පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය බිහි කිරීමට පුරෝගාමී වූ අතර, විලිමට් ඒ. පෙරේරා මැතිතුමා හොරණ ශ්‍රීපාලී විද්‍යාලයේ නිර්මාතෘ විය. ඒ අර්ථයෙන් ගත් කළ කොරනේලිස් පෙරේරා මැතිතුමාගේ පවුල මේ රටේ බෞද්ධ අධ්‍යාපනයේ දැවැන්ත කාර්යය භාරයක් ඉටු කළ පවුලක් ලෙස සැලකීම වඩා නිවැරදිය.

සිසිලියා පෙරේරා මැතිණිය ද තම ස්වාමි පුරුෂයා වූ කොරනේලිස් පෙරේරා මැතිතුමා බිහි කිරීමට මුල් වූ ශ්‍රී සුමංගලයේ දියුණුවට නිබඳව අතහිත දුන් තැනැත්තියක වුවාය. නල්ලූරුව භුමියේ අක්කර 2 1/4 ක ප්‍රමාණයක් ඇය විසින් පාසලට පරිත්‍යාග කළාය. සිසිලියා පෙරේරා මහත්මිය 1941 ජනවාරි 23 වන දින හෝ ඊට ආසන්න දිනයක අභාවප්‍රාප්ත වී ඇති අතර, ඒ වෙනුවෙන් පාසල අඩ දිනයක නිවාඩුවක් ද ප්‍රකාශයට පත් කර ඇත.

පොන්නහැන්නැදිගේ ලූවිස් දියෙස් මැතිතුමා

පානදුරා පුරවරයේ විසු දානපතියෙකු වූ මෙතුමා ශ්‍රී සුමංගල විද්‍යාලය ආරම්භ කිරීමේ ක්‍රියාවලියේ මුලිකත්වය ගෙන කටයුතු කළ අයෙකි. පානදුරා රන්කොත් විහාරයේ 3 වන පරම්පරාවේ දායකයෙකු වූ ඒ මහතා ශ්‍රී සෞගත විද්‍යාල පිරිවෙන පිහිටුවීමට මුල් වී කටයුතු කළ අය අතුරින් කෙනෙකි. (මෙතුමා සම්බන්ධයෙන් වැඩිවිස්තර සැපයිය හැකි ආදි ශිෂ්‍යයින්වෙත් නම් එම තොරතුරු අප වෙත ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු)

මෙරෙඤ්ඤගේ මත්තෙස් සල්ගාදු මැතිතුමා

19 වන සියවසේ කීර්තිමත් වෙළඳ ව්‍යාපාරිකයෙකු වූ ඒබ්‍රහම් සල්ගාදු මහතාට සහ එම මැතිණියට දාව මෙරෙඤ්ඤගේ මත්තේස් සල්ගාදු මහතා 1860 වර්ෂයේ ජන්මලාභය ලබා ඇත. වයස අවුරුදු 16 දී තම පියාගේ මහනුවර ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීම සදහා එම ප්‍රදේශයට ගිය මෙතුමා තම පියාගේ ව්‍යාපාර වූ හමුදාවේ රෝහල් වලට සහ බන්ධනාගාර වලට ආහාර ද්‍රව්‍ය සැපයීමේ ව්‍යාපාර කටයුතු වල නිරත වී සිට 19 වන සියවසේ අගභාගයේ දී අනුරාධපුරය, රත්නපුරය සහ පානදුර යන ප්‍රදේශවල රේන්ද ව්‍යාපාරයට සම්බන්ධ වී ඇත. තම පවුලේ බේකරි ව්‍යාපාරය දියුණු කිරීමට කටයුතු කළ මෙතුමා නාවලපිටිය, නුවර, හැටන්, තලවකැළේ, දියතලාව, බදුල්ල සහ කුරුණෑගල බේකරි පාලනය කර ඇත. රේන්දකරුවෙකු ලෙස ඔහු ලබා තිබූ සාර්ථකත්වය කෙබදු වී ද යත් ඔහුගේ පානදුර ගුදමේ ධාරිතාවය එවක සටහන් වී තිබුණේ ගැලූම් පනස් දහසක් වශයෙනි.

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා විෂය පිළිබඳව සහය මහාචාර්යවරියක වූ කුමාරි ජයවර්ධන මහත්මිය විසින් රචිත Nobodies to somebodies The Rise of the Colonial Bourgeoisie in Sri Lanka නමැති ග්‍රන්ථයේ 110 පිටුවේ මෙසේ සඳහන්ව ඇත.

The founder of another influential family, the renter Merennege Mathes Salgado of Panadura (who also owned a chain of the famous Salgado bakeries), was a prominent wholesale dealer, whose arrack stores at Panadura were said to have had “a storage capacity of 50,000 gallons” from which arrack was “sent out to the various centers required”

වතුහිමි වැවිලිකරුවෙකු ද වූ එතුමාගේ නමට ලියැවුණු තේ, පොල් සහ කුරුඳු වතු ගණනාවක්ම විය. සුප්‍රසිද්ධ Richarddale සහ Graceland වතු යායන් එතුමාට අයිති වී තිබුණි. නුවර රෝයල් හෝටලයේ එතුමා ද කොටස්කරුවෙකු විය.

අපගේ තවත් ආදි කතෘවරයෙකු වන පොන්නහැන්නැදිගේ දුමින්ගු දියෙස් මහතාගේ සහෝදරියක වූ මිසිනෝනා යන අය සමග විවාහ වූ මෙතුමාට පුතුන් දෙදෙනෙකු සහ දියණිවරුන් සතර දෙනෙකු සිට ඇත. ශ්‍රී සුමංගලයේ ආරම්භක ශිෂ්‍යයින් වූ වෝල්ටර් සල්ගාදු සහ රිචඞ් සල්ගාදු යන මහතුන් මෙතුමාගේ පුත්‍රයින් දෙදෙනා වේ. ගර්ටෘඞ්, ඇඞ්ලින්, ග්‍රේස් සහ රාණි යනු මෙතුමාගේ දියණිවරුන් වේ. මොවුන් අතුරින් ග්‍රේස් සල්ගාදු විවාහ වී තිබෙන්නේ සුප්‍රසිද්ධ ආතර් වී දියෙස් මහතා සමගය.

පානදුර වලපල පන්සල නමින් ප්‍රසිද්ධ ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙන මෙතුමා විසින් තනවා පූජා කරන ලදි. මෙතුමාගේ මුණුබුරා වූ රාජා සල්ගාදු මහතා ද ශ්‍රී සුමංගල විද්‍යාලයේ සහ එහි ආදි ශිෂ්‍ය සංගමයේ දියුණුව උදෙසා අනුපමේය සේවයක් කරනු ලැබුවේ 1980 දශකයේ මුල පටන් 2019 වර්ෂයේ මිය යන තෙක්ම එම සංගමයේ අනුශාසකවරයෙකු ලෙස කටයුතු කරන ලදී.

1886 දී මෙතුමා විසින් මහනුවර දළදා මාළිගාවට ආසන්නව ආරම්භ කරනු ලැබූ සල්ගාදු බේකරිය ශ්‍රී ලංකාවේ එම ක්ෂේත‍්‍රයේ පැරණිම ආයතනයකි. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට සුවිශාල කාර්යය භාරයක් කළ මෙතුමා තම කාලය සහ ධනය ඒ වෙනුවෙන් නොපැකිළිව පරිත්‍යාග කළ මහා ධානපතියෙකි.

ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය ආරම්භ කිරීම සඳහා පරිත්‍යාග කළ ඉඩම් වල කොටසක අයිතිකරු වූයේ ද මෙතුමා ය.

ශ්‍රී සුමංගල විද්‍යාලයේ දියුණුව උදෙසා අමිල මෙහෙවරක් ඉටු කළ මෙතුමාගේ අභාවය 1918 වර්ෂයේ දී සිදු විය.

පී. සී. එච්. දියෙස් මැතිතුමා (1965-1931) (පොන්නහැන්නදිගේ චාර්ලිස් ඩයස්)

ක්‍රි.ව. 1865 නොවැම්බර් මස 05 වන දින මොරවින්න චාලි ඩයස් වෙද මහතාට සහ එම මැතිණියට දාව මෙතුමා පානදුර මොරවින්නේ දී ජන්ම ලාභය ලබා ඇත. මෙතුමාගේ පියා එකල මොරවින්න දිබ්බැද්ද සුදර්මාරාම විහාරයේ ප්‍රධාන දායක මහතා වූ බැවින්, මෙතුමා බෞද්ධ පරිසරයක හැඳි වැඩුණු බව පෙනී යයි.

වරුස හැන්නැදිගේ ඇන්ජලා ඇලන් ප්‍රනාන්දු මැතිණිය සමඟ විවාහ වූ මෙතුමා පුතුන් අට දෙනෙකුගේ සහ දියණියන් තිදෙනෙකුගේ පියෙකි.

වරෙක ආරක්‍ෂක ලේකම් ධුරය ද, තවත් වරෙක විදේශ කටයුතු ලේකම් ධුරය ද දරමින් ශ්‍රී ලාංකීය පරිපාලන ක්ෂේත්‍රයේ නොමැකෙන කීර්තිමත් නමක් රැඳවූ නීල් ක්වින්ටස් ඩයස් (N. Q. ඩයස්) මැතිතුමා මෙතුමාගේ තුන්වන පුත්‍ර රත්නයයි.

ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි කතෘවරයෙකු වන මෙතුමා තම ජිවිත කාලය තුළ සුමංගල මාතාවගේ දියුණුව වෙනුවෙන් නිබඳව පෙනී සිටියේය. 1924 ඔක්තෝබර් මස 23 වන දින ශ්‍රී සුමංගල ක්‍රීඩා සමාජයට ආධාර එකතු කර ගැනීම පිණිස පවත්වන ලද විවිධ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සම්ප්‍රාප්ත වී තිබෙන්නේ ද මෙතුමා යි.

පානදුර ජනතාවට චිරාත් කාලයක් අමිල සේවාවක් සපයන සුප්‍රසිද්ධ කේතුමතී කාන්තා රෝහල මෙතුමා තම ජිවිත කාලය තුළ ජිවත්ව සිටි නිවස වන අතර, ඒ මහතාගේ බිරිඳගේ අභාවයෙන් පසුව එම දේපල මාතෘ රෝහලක් සඳහා රජයට පරිත්‍යාග කර ඇත.

දෙවන ලෝක යුද්ධ සමයේ එතෙර අධ්‍යාපනයට ගොස් නැවත ලංකාවට පැමිණෙමින් සිටිය දී තමා පැමිණෙමින් තිබූ නෞකාවට හෙළන ලද බෝම්බ හේතුවෙන් අකාලයේ මරණයට පත් වූ තම ආදරණීය පුත්‍රයා වූ බෙන්ජමින් කැල්වින් දියෙස් මහතා සිහි වනු පිණිස දියෙස් මැතිණිය විසින් පාසලට එවක රුපියල් දස දහසක වියදමක් දරා විද්‍යාගාර ගොඩනැගිල්ලක් පරිත්‍යාග කර ඇත. දශක ගණනාවක් සුමඟුල් දරුවන්ගේ විදුනැණ පෑදූ විද්‍යාගාරය එයම විය.

පානදුර රන්කොත් විහාරයේ ධර්මශාලාව තැනවීමේ කටයුත්තේ දී මෙතුමා මුලිකත්වය ගෙන කටයුතු කළ අයෙකි.

පී. සී. එච්. දියෙස් මැතිතුමාගේ අභාවය 1931 නොවැම්බර් මස 27 වන දින සිදු වී ඇති අතර, ඒ මහතාට ගෞරව දැක්වීමක් ලෙස එදින පාසලේ අපරභාග පංති පවත්වා නොමැති බව වාර්තා වේ.

මුදලිදු තොමස් රුද්‍රිගෝ මැතිතුමා

ජෙරොනිමස් රුද්‍රිගෝ සහ ප්‍රොලෙන්ටිනා සොයිසා යන දම්පතීන්ට දාව පිරිමි දරුවන් හතරදෙනෙකු ගෙන් යුතු පවුලක බාලයා ලෙස 1868 අප්‍රේල් මස 11 වන දින තෝමස් රුද්‍රිගෝ මැතිතුමා ජන්මලාභය ලබා ඇත. එතුමා තම පාසල් අධ්‍යාපනය ලබා තිබෙන්නේ මොරටුව වේල්ස් කුමර විද්‍යයාලයෙනි.

පාසල් අධ්‍යාපනයෙන් පසුව නීතිපති දෙපාර්තමේන්තුවේ එවකට සොලිසිටර් ජෙනරාල්වරයාගේ කාර්යය මණ්ඩලයේ ලිපිකරුවෙකු ලෙස මෙතුමා තම වෘත්තිය ජිවිතය ආරම්භ කරන ලදී. එකල රාජ්‍ය සේවයේ ලිපිකාර තනතුරක් ලබා ගැනීම ඉතා සුවිශේෂි ජයග්‍රහණයක් විය. එම ජයග්‍රහණය වඩාත් අද්විතිය වන්නේ නීතිපති දේපාර්තමේන්තුවේ එවකට සොලිසිටර් ජෙනරාල්වරයාගේ කාර්යය මණ්ඩලයේම පත්වීමක් ලද නිසාය. නියමිත කාලයට පෙර නීතිපති දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම යන විටත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලිපිකාර තනතුරට පත්වීමට තරම් එතුමා සැබෑ දක්‍ෂයෙකුව සිටියේය.

නීතිපති දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගත් මෙතුමා ඊට පසුව වැවිලි ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරික කටයුතු සඳහා යොමුව ඇත. වල්ගම Rock Cave වතු යාය මෙතුමා විසින් මුල් කාලීනව මිලදී ගෙන ඇත. පසුව තම ව්‍යාපාර ක්ෂේතරය පුළුල් කරමින් එකල ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබුණු පැගොඩා රෙස්ටුරන්ට් ආයතනයේ කොටස්කරුවකු බවට පත්විය. ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ සුවිශේෂි ලකුණක් සනිටුහන් කල මෙතුමාට එකල බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් මුඞ්ලියර් තනතුරක් ප්‍රදානය කිරීමෙන් ගෞරවය දක්වා ඇත.

බේරුවල එමිලි රොස්ලින් ප්‍රනාන්දු මෙනවිය සමඟ විවාහ වූ මෙතුමාට පුතුන් පස්දෙනෙකු සහ දියණියන් පස්දෙනෙකු සිට ඇත.

ශ්‍රී සුමංගල විද්‍යාලය ආරම්භ කිරීමේ මුල් අඩිතාලම දැමීමෙන් නොනැවතුණු මෙතුමා තම ජීවිතය පුරාවටම ශ්‍රී සුමංගලයේ දියුණුව වෙනුවෙන් නිබඳව කටයුතු කළේ ය. 1938 වර්ෂයේ දී විද්‍යාලයේ කළමණාකරණ මණ්ඩලයේ ප්‍රධාන නිලයට පත්වීමට තරම් මෙතුමා සුමංගලය හා සම්බනධ වී සිටියේ ය.

1945 ඔක්තෝම්බර් මස 07 වන දින තම ජිවන ගමන නිම කළ මෙතුමාගෙන් ශ්‍රී සුමංගලයට සිදු වු නොනිමි මෙහෙවර අගයනු අස් එවක පාලන අධිකාරිය පාසලේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරන ලද්දේ ය.

පාසලේ විකාශනය

පාසල ආරම්භ වූ දිනයේ ඇතුළත් වු ශිෂ්‍ය සංඛ්‍යාව 77ක් ලෙස සටහන්ව ඇත. එවක පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි වොල්ටර් සල්ගාදු සහ රිචඞ් සල්ගාදු යන දෙසොහොයුරෝ පාසලේ මුල්ම ශිෂ්‍යයින් දෙපළ ලෙස ලියාපදිංචි වී ඇත. වර්තමානයේ පාසලේ සිසුන් සංඛ්‍යාව 3500 ඉක්මවා ඇත. ආරම්භක දිනයෙහි ගුරුවරුන් දෙදෙනෙකු ආචාර්යය මණ්ඩලයට එක්ව සිටි අතර, වර්තමානයේ එම සංඛ්‍යාව 134 ක් පමණ වේ. පාසලේ ආරම්භක විදුහල්පතිවරයා වුයේ තෝමස් ඊ. ගුණරත්න මැතිතුමායි. ඉන්පසුව විදුහල්පතිවරුන් ගණනාවක්ම පාසල සාර්ථකත්වය කරා මෙහෙයවනු ලැබීය.

1940 දශකය වනවිට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙද්දි වැඩිවන ශිෂ්‍ය ප්‍රජාවේ අධ්‍යන සහ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා රන්කොත් විහාර භුමි භාගය ප්‍රමාණවත් නොවීය. ඒ අනුව පාසල වෙනත් භුමි භාගයකට ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳ කළමණාකාරීත්ව මණ්ඩලයේ අවධානය යොමුවිය.

තමන් උගත් පාසලට අවශ්‍ය බිම් ප්‍රමාණය ලබා දීමට ඉදිරිපත් වුයේ පාසලේ ආරම්භක ශිෂ්‍යයා වූ වොල්ටර් සල්ගාදු මහතායි. එතුමා විසින් නල්ලූරුවේ පිහිටි තම අක්කර 2 ක ඉඩමක් පාසලට පරිත්‍යාග කරනු ලැබු අතර, ඒ සමඟම කොරනේලිස් පෙරේරා මැතිතුමාගේ බිරිඳ වූ සිසිලියා පෙරේරා මැතිණිය අක්කර 2 1/4 ක ඊට යාබද ඉඩමක් පාසලට පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වුවාය. ඒ අනුව අක්කර 4 1/4 ක භුමි භාගයක් ආරම්භයේ දීම නව පාසලට උරුම විය කළමණාකාරීත්ව මණ්ඩල වාර්තාවේ ඒ සම්බන්ධව මෙසේ වාර්තා වී ඇත.

The land on which this building is situated was donated by Mr. Walter Salgado, the first boy to be admitted to Sri Sumangala College in 1909 and son of one of the original founders. He donated 2 acres of land this was immediately followed by another generous donation of 2 1/4 acres by the late  Mrs. M.C. Perera, the widow of one of the original founders.

එහි ප්‍රතිඵලය වුයේ සුමංගලයේ ඉදි කිරීම සඳහා 1940-03-24 වන දින මුල් ගල් තැබීමය. ද්විතික අංශයේ පංති නල්ලූරුව භුමි භාගයේ ඉදිකිරීම ආරම්භ කිරීම සම්බන්ධව කළමණාකරණ මණ්ඩල වාර්තාවේ මෙසේ සටහන්ව ඇත.

In 1940, largely due to the enthusiasm of Mr. D. S. Fernando an old boy, steps were taken to remove the college from its over- crowded and unsuitable location to this site, and on the 24th March, 1940, the foundation stone of this building was laid by Mr. P. De. S. Kularatne.

ඒ අනුව 1940 මාර්තු 24 වන දින පි. ද. එස්. කුලරත්න මැතිතුමා විසින් මුල් ගල් තැබු නල්ලූරුවේ විදුබිමේ මුල් ගොඩනැගිල්ල නිමවා වැඩ අවසන් කරනු ලැබුවේ 1942 වර්ෂයේදී ය. වසර 2 ක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රතාපවත් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට පානදුරේ දානපතිහු නොමසුරුව ආධාර කළහ. පැය 3 ක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් දහසය දහස (රු. 16,000/-) ක මුදලක් ගොඩනැගිලි අරමුදලට එකතු වී තිබුණි. ආදි ශිෂ්‍යයෙකු වු ද පානදුර නගර සභාවේ එවක සභාපතිවරයා ද වු ඩබ්. ලියෝ ප්‍රනාන්දු මැතිතුමා තම පුද්ගලික වියදමින් පාසලේ ප්‍රධාන ශාලාව ඉදිකර දීමේ කටයුත්ත භාරගනු ලැබීය. ඒ සඳහා අපේක්‍ෂිත මුදල වුයේ රුපියල් දොළොස් දහස් එකසිය හැත්තෑ දෙක (රු. 12,172/-) කි. දෙවන ලෝක සංග්‍රාමයේ පැවති යුගයේ විදේශිය අධ්‍යාපනය හදාරා නැවත මව් රටට එමින් සිටිය දී තමන් පැමිණෙමින් තිබු නැව මතට එල්ල වූ බොම්බ ප්‍රහාරයකින් අකාලයේ මිය ගිය තම ආදරණිය පුතණුවන් වූ බෙන්ජමින් කැල්වින් දියෙස් මැතිතුමා සිහිවනු පිණිස පි. සී. එච්. දියෙස් මැතිණිය විසින් රුපියල් දසදහස (රු. 10,000/-) ක වියදමින් රසායනික විද්‍යාගාර ගොඩනැගිල්ල නිමවා දී එයට අවශ්‍ය භාණ්ඩ ද පරිත්‍යාග කළාය.

මේ සම්බන්ධ කළමණාකාරිත්ව මණ්ඩල වාර්තාවේ මෙසේ සටහන් වි ඇත.

A sum of Rs 16,000 was collected within three hours from Panadura residents, and within the next week , Mr. W.  Leo Fernando, Chairman of the Panadura Urbaun Council, also an old boy, very  generously undertook to put up at his expence  the Assembly Hall at a cost of Rs 12.172 and Mrs P C H dias the widow of one of the founders ,donated Rs 10,000/= for the science Block in memory of her sonz Ben ,who was one of tragic victims of the war.mrs dias bhas also very kindly offered to equip the laboratory with the necessary fittings.

1922 ඔක්තෝම්බර් මස 28 වන දින ආරම්භ කරන ලද ආදි ශිෂය සංගමය ද මෙම ප්‍රධාන ගොඩනැගිල්ල ඉදි කිරීමේ කාර්යයයෙහි උද්යෝගිමත්ව නිරත වූයේ රුපියල් එකදහස් තුන්සිය විසි දෙකයි ශත පනස් නවය (රු. 1322.59/-) ක මුදලක් පරිත්‍යාග කරනු ලැබීය. ඒ බව අදාල වාර්තාවේ මෙසේ සටහන්ව ඇත.

The old boys very enthusiastically undertook a special collection campaign and helped the funds with a collection of Rs. 1,322/59. Mr. Dick H. Dias with the help of the then Principal, Mr. A. M. De. Silva and the old the present boys staged a play for the purpose of helping the funds and collected a sum of Rs. 954/83.

ඉන්පසුව වරින්වර පාසලට නව ගොඩනැගිලි එකතු විය. 1945 වර්ෂය වනවිට ප්‍රධාන ගොඩනැගිල්ලට පිටුපසින් තවත් පන්ති කාමර 5 ක් කාණ්ඩ දෙකකට ඉදිවු අතර, 1956 මාර්තු 1 වන දා ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍යව සිටි ශ්‍රීමත් ජොන් ලයනල් කොතලාවල මහතා විසින් නව දෙමහල් ගොඩනැගිල්ලකට මුල්ගල තැබු අතර පසු කලෙක ජීව විද්‍යා අංශයේ සිසුන්ට සහ 10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ට සෙවණ දුන් ගොඩනැගිල්ල එය විය. 1990 වර්ෂයේ ජුනි මස 17 වන දින විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලට පිටුපසින් තිබු රසායන විද්‍යාගාරයට යාබදව ක්‍රීඩාපිටියට මුහුණලා පන්තිකාමර සහිත ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම සිදුවු අතර, එම වර්ෂයේදීම නව පරිගණක විද්‍යාගාරයක් ද විවෘත වුණි. 1992 වර්ෂයේ ජුනි මස 4 වන දින හටගත් ධාරානිපාත වර්ෂාවකින් රන්කොත් විහාරයේ උඩ මළුවේ තාප්පය සහ එකී කොටසේ කඩා වැටීමෙන් සුමංගලයේ මුල් ගොඩනැගිල්ලට බලවත් හානි සිදු වූ අතර, ප්‍රාථමික අංශය නල්ලූරුව භුමි භාගයට ගෙන ඒමේ සාකච්ඡා ආරම්භ විය. ඒ අනුව ප්‍රාථමික අංශය වෙනුවෙන් තාවකාලීක පංති පේළියක් ක්‍රීඩා පිටියේ බස්නාහිර මායිමේ ඉදි විය.

දෙස් විදෙස් කෙළිබිම ජයගත් ක්‍රීඩකයින් බිහි කළ නල්ලූරුව ක්‍රීඩාපිටියට ආදි ශිෂ්‍ය සංගමයේ මුලිකත්වයෙන් සංවර්ධනය කිරීම ඇරඹුනේ 1987 ජනවාරි 17 වන දායි. අදියර තුනක් යටතේ රුපියල් ලක්‍ෂ දහ නවයකට ආසන්න මුදල් වැය කර ඉදි කරනු ලැබු ක්‍රීඩා පිටිය සිසු අයිතියට පත් කිරීම එවක අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි රිචඞ් පතිරණ මහතාගේ සුරතින් 1996 ජනවාරි 19 වන දා සිදු විය. පසුකාලීනව පාසලේ ප්‍රාථමික අංශයේ දරුවනට සෙවණ දුන් ප්‍රාථමික අංශයේ තෙමහල් ගොඩනැගිල්ල ද එදිනම අමාත්‍යවරයා විසින් මුල් ගල් තැබීමෙන් වැඩ ආරම්භ විය.

පාසලේ ඉතිහාසය පරීක්‍ෂා කිරීමේ දී පාසල 1911 මැයි 16 වනදා රජයේ ආධාර ලබන විද්‍යායතනයක් ලෙස ලියාපදිංචි කර ඇත. කළමණාකාරීත්ව මණ්ඩලයක් මගින් පාලනය වූ ශ්‍රී සුමංගල විද්‍යාලය 1962 පෙබරවාරි මස 10 වන දා රජයට පවරා ගන්නා ලදී. ශ්‍රී සුමංගල විද්‍යාලයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්ති 1955 වර්ෂයේ ආරම්භ වී ඇති අතර, 1961 වර්ෂයේ සමස්ථ ලංකාවේම විද්‍යා අංශයේ හොඳම ප්‍රතිඵල වාර්තා කිරීමට පාසල සමත් විය. එවක විදුහල්පති ධූරය දරනු ලැබුවේ කේ. එල්. වී. අලගියවන්න මැතිතුමායි.

1993 වර්ෂයේ දී පාසල ජාතික පාසලක් බවට උසස් වීම් ලැබුවේ ඩී. ඊ. ජයනෙත්ති විදුහල්පතිතුමාගේ කාලයේ දී ය.

අප පාසල ද 2004 දෙසැම්බර් මස 26 වන දා ඇති වූ සුනාමි ව්‍යසනයේ ගොදුරක් බවට පත් විය. දහසකුත් තර්ක විතර්ක මධ්‍යයේ පාසල වර්තමානයේ පිහිටා ඇති වෑකඩ වලව්වත්ත ප්‍රදේශයට ගෙන යාමට තීරණය විය. ඒ අනුව 1942 අගොස්තු මස 07 වන දා නල්ලූරුව විදු බිමේ ආරම්භ වු ශ්‍රී සුමංගලය 2005 සැප්තැම්බර් 16 වන දා අවුරුදු 53 කට පසුව එම පුණ්‍ය භුමියට සමු දෙන ලදී.

ජපන් රජයේ මුල්‍ය ආධාර මත ඉදි වු පාසලේ ගොඩනැගිලි සංකීර්ණයේ පළමු අදියරයේ කටයුතු 2007 සැප්තැම්බර් 27 වන දා විවෘත කරන ලදී. එම යුගයේ විදුහල්පතිවරයාව සිටියේ එල්. ඩබ්. සෝමතිලක විතාරණ මහතාය. නව පාසලට අභිමානයක් එක් කරමින් ආදි ශිෂ්‍ය පෙර සිංහාධිපති රෝහාන්ත ද ෆොන්සේකා මැතිතුමාගේ ප්‍රධාන මුල්‍ය ආධාරයෙන් පිහිනුම් තටාකයක් තිළිණ වී ඇත.

ශ්‍රී සුමංගලය විද්‍යයාලයීය ආදි ශිෂ්‍ය සංගමය තම දෙස් විදෙස් ශාඛා ජාලය ද සම්බන්ධ කර ගනිමින් පාසලේ අනෙකුත් අවශේෂ සංගම් ද පිරිවරාගෙන සුමඟුල් මාතාවගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරනු ලබන්නීය.

අපගේ ආදි කර්තෘවරුන්ගේ අපේක්‍ෂාවන් සපුරමින් ගෙවී ගිය ඉතිහාස ගමන් මගේ ලක් දෙරන පෝෂණය කළ විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රාඥයින් බිහි කිරීමට සුමඟුල් මාතාව සමත් වූවාය. වර්තමානයේ පාසල ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාඨශාලාවක් බවට පත්ව තිබීම අප සැමට අභිමානයට හේතුවකි. අධ්‍යාපනය මතු නොව සාහිත්‍ය, ලලිතකලා, ක්‍රීඩා, බාලදක්‍ෂ, ශිෂ්‍යභට ආදි සෑම ක්ෂේත‍්‍රයකින්ම සුමඟුල් දරුවෝ ඉදිරියට පැමිණ ඇත. අපි ඔවුන්ට සුභ පතන්නෙමු.

සුමඟුල් මාතාවට පණ දුන් අපගේ ආදි කර්තෘවරු ද ඉන්පසු සුමඟුල් නාමය ලක් අඹරේ ඉහළින් ඔසවා තබන්නට ශක්තිය ධෛර්යය සැපයු ඇතැම් විදුහල්පතිවරු ගුරුවරු ආදිශිෂ්‍යයින් ඇතුලූ සුභ පතන්නන් සමහරෙක් තම ජීවන ගමන මේ වනවිට නිමවා ඇත. සුමඟුල් මාතාවගේ චිර පැවැත්ම වෙනුවෙන් තම කාලය ධනය වැය කර තම ජීවන ගමන නිම වූ සියලූ දෙනා මේ මොහොතේ අපි අපේ හදවත්වල ගැඹුරුම තැනින් නැගෙන ගෞරවනීය හැගීමෙන් සිහිපත් කරන්නෙමු.

පාසල වසර 114 ක් සම්පූර්ණ කරන අද දිනයේ විද්‍යාලයේ වැඩ බලන විදුහල්පතිතුමිය ලෙස සිනාලී ද සිල්වා මහත්මිය කටයුතු කරන අතර, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස සම්පත් බැංකුවේ හිටපු කළමණාකරණ අධ්‍යක්‍ෂක අරවින්ද පෙරේරා මැතිතුමා කටයුතු කරනු ලබයි.

වසර 114 ක අභිමානවත් ඉතිහාස ගමන් මඟ පිළිබඳව අපි ඇගේ සුජාත පුත්‍රයින් ලෙස සතුටු වන්නෙමු. ඉතිහාසයේ බිහි කලා සේම අනාගතයේ දීත් ලක්මවට වැඩදායි පුතුන් සිය දහස් ගණනින් බිහි කිරීමට සුමඟුල් මාතාවට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නේමු.

සුමඟුල් මාතාව සදා සැරදේවා !

ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය

  • පාසලේ ආරම්භය සහ ආදි ශිෂ්‍ය සංගමයේ ඉතිහාස ගමන් මඟ පිළිබඳව විස්තර සහිත ග්‍රන්ථය 2023-06-24 වන දින එළි දැක්වීමට අප සංගමය කටයුතු යොදා ඇති බව සතුටින් දැනුම් දී සිටිමු.

The College Administration and Grade 11 students in collaboration with the Old Boys’ Association of Sri Sumangala College, held a car wash on February 12, 2023, to gather funds for Master Vihanga Ransara Samarasinghe’s surgical procedures.

We are happy to report that we raised over Rs 600,000/- from the car wash and we will take the necessary steps to deliver the funds to the father of Master Vihanga Ransara Samarasinghe.

We express our gratitude to the College Administration, Grade 11 students, and members of the SSCOBA Exco for initiating and organizing the car wash, as well as to all the students, teachers, parents, old boys, and others who brought their vehicles for the wash and provided us with tremendous support.

Good deeds done selflessly are a rarity. Thank you all from the bottom of our hearts!

We would like to thank Sumangalian, Nadun Jayasekara for donating Rs 25,000/- to SSCOBA for the College Primary Section developments.

Thank you so much for your generosity!

TOP