×
Downloan the Membership FormDownload the Special Funds FormCheck Swimming Pool Fees

Latest News & Events

  • Sumangalian Justice K. Priyantha Fernando has been appointed to the Court of Appeal

  • බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ සුවිශේෂී ලකුණක් සනිටුහන් කළ පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යයාලය ආරම්භ වී අදට වසර 116 කි

  • Sumangalian Indika Perera Promoted as a Major General

  • 102nd Old Boys’ Day Events Prize Giving

  • Sumangalian Prof. Kapila Perera, new Secretary to the Ministry of Transport, Highways, Ports and Civil Aviation

QUESTIONS? Call: +94 77 733 0494
  • Membership
  • Merchandises
  • Identity Card
  • SUPPORT

Old Boys' Association | Sri Sumangala College | Panadura | Sri Lanka

  • Home
  • Update Member Details
  • College
  • SSCOBA
    • History
    • Past Presidents
    • Executive Committee
    • Sub Committees
    • Branches
    • Distinguished Members
    • Affiliated Groups
  • Projects
    • Online Learning
  • News & Events
    • Media
      • Photos
      • Videos
  • Contact Us
  • MY CART
    No products in cart.

Official photos of the Sri Sumangala College Old Boys’ Association Centenary Celebrations

Tuesday, 29 November 2022 by SSCOBA

Check the Facebook album: https://www.facebook.com/media/set/?vanity=vevrasrilanka&set=a.2757234804408272

Read more
  • Published in News & Events
No Comments

Thewarathanthrige Sarath Fernando Memorial Award 2022

Friday, 25 November 2022 by SSCOBA

Master S. P. Sahan Madusanka is the proud winner of the T. Sarath Fernando Memorial award for 2022 for his outstanding results at the advanced level examination in 2021. The prize, a brand new laptop was awarded to the student at a function held at the college on 19th November 2022 with the participation of the family members of the late Mr. Sarath Fernando, the Principal Mr. Niluka Weerasinghe, the President of SSCOBA Mr. Aravinda Perera, Joint Secretaries and Treasurer of SSCOBA, and members of the Executive Committee. The family of the late Mr. Sarath Fernando and SSCOBA wish all the very best for the future of S. P. Sahan Madusanka.

The SSCOBA would like to thank Mr. Bingumal Thewarathanthri, the son of the late Mr. Sarath Fernando, who is the Chief Executive Officer of Standard Chartered Bank of Sri Lanka, and his family members for their continuous effort in awarding this prize annually.

Read more
  • Published in News & Events
No Comments

Launch of a Commemorative Stamp and First Day Cover

Monday, 21 November 2022 by SSCOBA

The Sri Lanka Philatelic Bureau of the Department of Posts issued a Commemorative Stamp and First Day Cover to mark the centenary celebrations of the Sri Sumangala College Old Boys’ Association, on 05th of November 2022 at the Centenary Celebrations held at College Old Grounds in Nalluruwa.

The cover was ceremonially presented to the President of Sri Sumangala College Old Boys’ Association, Mr Aravinda Perera.

Senior officials of the Department of Post, Joint Secretaries of SSCOBA Mr Dhanuka Kottahachchi and Mr Amila Nawalage, and the Treasurer of the SSCOBA Mr Dinesh Ketipearachchi joined this memorable occasion.

If anyone wants to purchase the Commemorative Stamp and First Day Cover, please contact the Project Chairman of this project, Vice President of SSCOBA Mr Nuwan Ranamayuru on 0777 330 494. The cost of the Commemorative Stamp and First Day Cover will be Rs 500/-.

Read more
  • Published in News & Events
No Comments

Alms givings to inmates of children and elderly homes in Panadura

Thursday, 10 November 2022 by SSCOBA

In order to mark the 100th Anniversary of the Old Boys’ Association of Sri Sumangala College, SSCOBA had arranged alms givings to inmates of below children and elderly homes in Panadura.

24th October 2022
Breakfast – inmates of the Girls Home Morawinna, Panadura
Dinner – inmates of the Aruna Home for the Disables at Nalluruwa, Panadura

25th October 2022
Breakfast – inmates of the Sujatha Elderly Home at Wekada, Panadura

26th October 2022
Breakfast – inmates of the Bandaranayake Mawatha Elderly Home, Panadura

27th October 2022
Dinner – inmates of the Sisila Elderly Home, Pinwatta, Panadura

We would like to take this opportunity to thank each and every one who contributed in numerous ways to make this a success.

Read more
  • Published in News & Events
No Comments

Sri Sumangala College Old Boys’ Association 100 Year Old History Video Released

Wednesday, 09 November 2022 by SSCOBA

Watch the video on Sri Sumangala College Old Boys’ Association’s official YouTube Channel:

Read more
  • Published in News & Events
No Comments

Alms Giving in Commemoration of 100th Anniversary of Sri Sumangala College Old Boys’ Association

Wednesday, 09 November 2022 by SSCOBA

Meritorious act of Alms Giving for 100 monks organized by Sri Sumangala College Old Boys’ Association in lieu of its 100th anniversary was successfully held at the College Auditorium on Sunday, October 30, 2022, with the participation of maha sangha led by Ven. Prof. Kahapola Sugatharatana thero – the Chief Incumbent of Amarapura Chapter and the Chief Prelate of Rankoth Viharaya, Panadura.  The Principal, teachers, old boys, parents and students also took part in this event.

We would like to take this opportunity to thank each and everyone who contributed in numerous ways to make this meritorious act a success.

Read more
  • Published in News & Events
No Comments

Annual Blood Donation Camp 2022

Tuesday, 08 November 2022 by SSCOBA

The annual Blood Donation Camp organized by Sri Sumangala College Old Boys’ Association (SSCOBA) in lieu of its 100th anniversary was successfully held at the College premises on 29th October 2022.

This has been conducted with the collaboration of the medical staff of Kethumathi Maternity Hospital. A large number of donors including old boys, their family members and well-wishers donated blood at this camp.

SSCOBA takes this opportunity to extend its heartfelt gratitude to all blood donors for their priceless contributions.

Read more
  • Published in News & Events
No Comments

SSCOBA donated 200 chairs to the college auditorium

Friday, 04 November 2022 by SSCOBA

Old Boys’ Association of Sri Sumangala College donated 200 chairs to the college auditorium as part of its centenary celebrations.

The college auditorium is used for many events and especially for seminars for our college students and outside colleges and we hope this will help to accommodate students in the auditorium more effectively and comfortably.

We would like to thank each and everyone who was part of this project and helped us to get this done on time.

Read more
  • Published in News & Events
No Comments

“සිහනද 2022” අන්තර් පාඨශාලීය සමස්ත ලංකා විවාද තරගාවලියේ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලයට

Thursday, 03 November 2022 by SSCOBA

විචාරශීලී පරපුරක් නිර්මාණය කිරීම උදෙසා පානදුරා වාදයේ නූතන සම්ප්‍රාප්තිය ලෙසින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයට සියවසක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ “සිහනද 2022” අන්තර් පාඨශාලීය සමස්ත ලංකා විවාද තරගාවලිය සදහා දිවයිනේ පළාත් 7 ක් දිස්ත්‍රික්ක 23 ක් නියෝජනය කරමින් සහභාගී වු කණ්ඩායම් අතරින් අවසන් මහා වාග් සංග්‍රාමය කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර 2022 ඔක්තෝම්බර් මස 24 දා විද්‍යාලයිය සෝමතිලක විතාරණ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

එහිදී ශූරතාවය කොළඹ රාජකීය විද්‍යාලය ද අනුශුරතාවය කොළඹ ලුම්බිණි විද්‍යාලය ද හිමිකර ගත්හ.

මෙම තරගාවලිය සාර්ථක කරගැනීම සදහා විද්‍යාලයිය විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද කථික හා විවාද සංගමය ද ආදී විවාදකයින් ද ආදිශිෂ්‍යයින් ද දායක විය. එහිදී ආදිශිෂ්‍ය ප්‍රසාන්ත මාගින ආරච්චි මහතා විසින් විශේෂ අනුග්‍රාහක දායකත්වයක් ලබාදෙන ලදී.

Read more
  • Published in News & Events
No Comments

සියවසක් සපුරන පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය

Thursday, 27 October 2022 by SSCOBA

සියවසක් සැපිරූ පාසල් ලංකාවේ බොහොමයක් ඇතත්, සියවසක් සැපිරූ ආදි ශිෂ්‍ය සංගම් ඇත්තේ අතලොස්සකි. පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ද මෙම විරල භාග්‍යයට හිමිකම් කියන්නීය.

Sri Sumangala College First Building

1873 පානදුරා වාදයේ පුනර්ජීවනයෙන් ලද බෞද්ධ ප්‍රබෝධයේ පහසින් විකසිතව පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය ආරම්භ වූයේ 1909 මාර්තු මස 03 වන දින දී ය. ඒ පානදුර රන්කොත් විහාර පුණ්‍ය භූමියේ දී ය.

තම දරුවන් කොළඹට නොයවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් බෞද්ධ අධ්‍යාපනය පානදුරේදී ම ලබාදීම අරමුණු කරගනිමින් පානදුරේ දානපතීන් කිහිපදෙනෙකු සහ එවක රන්කොත් පරිවේණාධිපති වූ ඤාණවිමලතිස්ස නායක ස්වාමීන් වහන්සේ සහ එවක විහාරාධිපති වූ වල්පිට ගුණරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ශ්‍රී සුමංගලය බිහිවිය. උන් වහන්සේලාගේ ගුරු දේවයන් වූ අති පූජ්‍ය ශාසන වංශාලංකාර කවිධජ විනයාචාර්යය වැලිගම ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමයට උපහාරයක් වන්නට නව පාසල ශ්‍රී සුමංගලය ලෙස නම් කෙරුණි.

The log entry made by Principal, Abeyaeeka Ginige, Esq., on the inauguration of SSCOBA in 1922.

ඉන් දහතුන් වසක් ඉක්ම ගිය තැන 1922 ඔක්තෝම්බර් මස 28 වන දින එවක විද්‍යාලයේ විදුහල්පති ධූරය දැරූ අභයශිල ගිනිගේ මැතිතුමාගේ යුගයේ ආදි ශිෂ්‍ය සංගමය ආරම්භ වි ඇති බවට ඒ මහතා පාසලේ ලොග් පොතෙහි තබා ඇති සටහන සාක්‍ෂි දරයි.

මෙලෙස ආරම්භ වූ ආදි ශිෂ්‍ය සංගමය අද වනවිට දෙස් විදෙස් ශාඛා ජාලයකින් සමන්විතව පාසල් මාතාවට අයෝමය ශක්තියක් සපයන්නීය.

ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සියවසක ගමන් මග රෝසමල් යහනාවක් මතින් පැමිණි ගමනක් නොවේ. විවිධ බාධක, කම්කටොළු, තර්ක, විතර්ක ජයගෙන පැමිණ ගමන් මග අද වැලිතලාවක් වැනිය.

ආදි ශිෂ්‍ය සංගමයේ ඉතිහාසය සාකච්ඡාවට බදුන් කිරීමේ දී පාසල් ඉතිහාසය ද සලකා බැලීය යුතුව ඇත. ශ්‍රී සුමංගල විද්‍යාලයීය ඉතිහාසය මුලික යුග 3ක් යටතේ සාකච්ඡාවට බදුන් කළ හැක. ඒ පානදුර රන්කොත් විහාර පුණ්‍ය භූමියේ ආරම්භක යුගයත්, 1942 වර්ෂයේ සිට නල්ලූරුව භූමියෙහි දෙවන යුගයත්, සහ 2004 සුනාමි ඛේදවාචකයෙන් පසු 2005 සැප්තැම්බර් මස 16 දිනට පසු වෑකඩ නව භුමි භාගයෙහි තුන්වන යුගයත් වශයෙනි.

ආදි ශිෂය සංගමයේ ඉතිහාසය සොයා යන ගමන එතරම් පහසු කාර්යයක් නොවන්නේ 1981 වර්ෂය පමණ වනතෙක් එහි ඉතිහාසය ක්‍රමවත්ව සටහන් වී නොතිබීමය. මුල් කාලීන ආදි ශිෂ්‍ය සංගමයේ ඉතිහාසය පිළිබද විස්තර ලබාගත හැකි පිළිගත හැකි එකම මූලාශ්‍රය ලෙස ඉතිරි වී පවතින්නේ පාසලේ ලොග් සටහන් පොත පමණි. ඒ හැරුණු කළ වයෝවෘද්ධ ආදි ශිෂ්‍යයින් මුඛ පරම්පරාගතව ප්‍රකාශ කරන කාරණා ද ඇතුළත් වන නමුත්, ඒවා එලෙසම සත්‍යය යැයි පිළිගෙන වැළඳ ගැනීමට හෝ අසත්‍ය යැයි ප්‍රකාශ කර එනයින්ම බැහැර කිරීමට හැකියාවක් ද නැත.

ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිත්වය දෙස බලන කළ එය ආරම්භයේ පටන් කාලයට සාපේක්‍ෂව පාසල සමග යහපත් සබඳතා ගොඩනඟා ගෙන තිබූ බව පෙනී යන නමුත්, නිහඬ යුගයන් ද නොතිබුණාම නොවේ. විශේෂයෙන්ම පාසල කළමනාකාරීත්ව මණ්ඩලයක් මගින් පාලනය වීම ද, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරය මුල් කාලයේ නිල බලයෙන් විදුහල්පතිතුමා දැරීම ද තුළ එවැනි නිහඬ යුගයන් නිර්මාණය වී තිබුණි. එයට හේතුව ලෙස ආදි ශිෂ්‍ය සංගමයේ ස්වාධීන නැගිටීම පාසල් පරිපාලනය එතරම් ප්‍රිය නොකළ නිසා බව වයෝවෘද්ධ ආදි ශිෂ්‍යයින්ගේ මතයයි.

විශේෂයෙන්ම 1930 දශකයේ සහ 1960 දශකයේ අගභාගයේ දී ආදි ශිෂ්‍යයෙකුම සංගමයේ සභාපති ධූරයට පත්කරවා ගෙන සංගමයේ ඉදිරි වැඩ කටයුතු පවත්වාගෙන යාමට එකල තරුණ ආදි ශිෂ්‍යයින් උත්සහා ගෙන ඇතත්, ඒවා එතරම් සාර්ථක වී නොතිබුණේ පාසල් පරිපාලනය ඊට ධනාත්මක ප්‍රතිචාර නොදැක්වීම නිසා ය.

1939 වර්ෂයේ රාත්‍රී සුහද හමුවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දිවන්ගත එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමා සම්ප්‍රාප්ත වී තිබීමෙන් ද, 1939 සැප්තැම්බර් මාසයේ විදුහලේ පල වී තිබු සඟරාවක ආදි ශිෂ්‍ය සංගමයේ එවක ක්‍රියාකාරිත්වය සම්බන්ධව සටහන්ව තිබු ධනාත්මක ප්‍රතිචාරයන්ගෙන් ද, 1942-08-07 වන දින නල්ලූරුව භුමිභාගයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරන අවස්ථාවේ දී එවක පාසලේ කළමණාකාරීත්වය මණ්ඩලය විසින් එළි දක්වා තිබු වාර්තාවේ ආදි ශිෂ්‍ය සංගමය සම්බන්ධයෙන් සඳහන්ව ඇති යහපත් ප්‍රතිචාරය මගින් ද මුල් කාලීන ආදි ශිෂ්‍ය සංගමය පාසල සමඟ යහපත් සබඳතාවයක් ගොඩනගා ගෙන තිබු ක්‍රියාකාරී සංගමයක් බව අපට පසක් කරයි.

1958 වර්ෂයේ ඔක්තෝම්බර් 31 වනිදා පැවති කළමණාකාරීත්ව මණ්ඩලයේ වාර්ශික හමුවේ දී එහි සාමාජිකයෙකු ලෙස ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු පත්කර එවිය යුතුය යන යෝජනාව සම්මත වීමට තරම් ආදි ශිෂ්‍ය සංගමය පාසල තුළ ප්‍රබල භුමිකාවක් නිරුපණය කර තිබුණි.

ආදි ශිෂ්‍ය සංගමයේ විධිමත් විකාශය ආරම්භ වන්නේ 1981 වර්ෂයේ පමණ සිටය. ආදි ශිෂ්‍ය සංගමයේ මුල් කාලීන ව්‍යාපෘතින් සලකා බැලීමේ දී එමගින් ගොඩනැගු රුපියල් ලක්‍ෂය (රු. 100,000/-) ක අධ්‍යාපන අරමුදල ද, ශිෂ්‍යත්ව ව්‍යාපෘතින් ද, විශේෂ අරමුදල් ව්‍යාපෘතිය ද සුවිශේෂි වන්නේ අද වනවිට එවා ඉතා පුළුල් පරාසයකින් ව්‍යාප්ත වී ඇති නිසා ය.

1987 වර්ෂයේ ආරම්භ කරන ලද දැනුම මිනුම් තරඟ මාලාව පසුව කළුතර දිස්ත්‍රික් අන්තර් පාඨශාලයිය දැනුම මිනුම තරඟ මාලාවක් දක්වා වර්ධනය විය. 1997 වර්ෂයේ දී අරඹන ලද කථීක තරඟ මාලාව පසුව කළුතර දිස්ත්‍රික් අන්තර් පාඨශාලයීය විවාද තරඟාවලියක් දක්වා පුළුල්ව අද වනවිට සමස්ත ලංකා විවාද තරඟ මාලාවක් බවට වර්ධනය වී ඇත.

පාසලේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ආදි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය සමඟ අත්වැල් බැඳගෙන තිබෙන සංගමය, චෙස්, රගර්, බැට්මින්ටන් සහ අත්පන්දු ආදි ක්‍රීඩාවල උන්නතිය වෙනුවෙන් විශාල කාර්යයභාරයක් ඉටු කරනු ලැබ ඇත. වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ඇතැම් විට මුලූමනින්ම හෝ එහි වැඩි දායකත්වයක් සංගමය දරන්නීය. සෑම වසරකම ඔක්තෝම්බර් මස 28 වන දින ආදි ශිෂ්‍ය දිනය ලෙස සලකා ලේ දන්දීම්, දානමය පුණ්‍යකර්ම ඇතුලූ ව්‍යාපෘති රාශියක් සංගමය විසින් සිදු කරනු ලැබේ.

අදියර 3 ක් යටතේ නිම කළ නල්ලූරුව විද්‍යාල භුමියේ ක්‍රීඩා පිටිය, එවක ආදි ශිෂ්‍ය සංගමයේ ශක්තිය සහ සාමුහිකත්වයේ ප්‍රතිඵලය විහිදා දක්වන කදිම නිදසුනකි. කොළඹින් පිට පාසලක් සතු වු විශාලතම ක්‍රීඩාපිටියක් සාර්ථකව නිම කිරීමට සංගමයට හැකි වූ අතර, එහි මංගල පස් පිඩැල්ල 1987-01-17 වන සෙනසුරාදා දින පෙ.ව. 09.17ට යෙදී තිබු ශුභ මොහොතින් එවක ඉඩම් සංවර්ධන සහ මහවැලි සංවර්ධන අමාත්‍ය ධූරය දැරූ ගාමිණි දිසානායක මැතිතුමා විසින් කපන ලද අතර, 1996-01-19 වන දින සවස 03.30 ට එවක අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරූ රිචඞ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කරන ලදී.

මෙම සියවසේ මුල් භාගයේ අත්විඳි බරපතල ව්‍යවසනය වු සුනාමි ව්‍යවසනයට අපි ද මුහුණ දුන්නේමු. බටහිර ක්ෂිතිජයේ නුදුරින්ම පිහිටා තිබු අප පාසල් මාතාවද සුනාමි රළ පහරට ගොදුරු විය. තර්ක විතර්ක දහසකුත් මතු විය. පාසල නල්ලූරුව භුමියේම නැවත ගොඩනැගිය යුතු බවට එක් මතයක් යෝජනා විය. පාසල වෙනත් භුමි භාගයකට ගෙන යා යුතු යැයි ප්‍රතිවිරුද්ධව යෝජනා විය. ඒ වෙනුවෙන් විශේෂ මහා සභා රැස්වීමක් ද කැඳවනු ලැබීය. අවසානයේ බහුතරයකගේ තීරණය වූයේ පාසල වෙනත් භුමිභාගයකට ගෙන යාම වඩාත් සුදුසු බවය. ඒ අනුව බහුතරයේ මතයට හිස නැමුණි. පාසල වෑකඩ නව භුමි භාගයෙහි ස්ථාපිත විය. ආදි ශිෂ්‍ය සංගමය එම තීරණාත්මක ක්‍රියාවලියෙහි පෙර ගමන්කරුවා විය.

සුමඟුල් ආදි ශිෂ්‍ය සංගමය ශත සංවත්සරය සමරන විට සුමඟුල් මාතාව 113 වසරක් සපුරා ඇත්තීය. පාඨශාලාවක අගය මැනිය යුත්තේ එය සතු ගොඩනැගිලි ප්‍රමාණය හෝ වෙනත් භෞතික සම්පත්වල තත්ත්වය අනුව නොවේ. එම පාඨශාලාව තම මාතෘභුමියට දායාද කර ඇති උගත් බුද්ධිමත් මිනිසුන්ගේ ප්‍රමාණය අනුව ය. ආදි ශිෂ්‍ය සංගමය ශත සංවත්සරය සමරන මේ මොහොතේ ශ්‍රී සුමංගල මාතාව ලක් මවට දායාද කළ උගත් බුද්ධිමත් මිනිසුන්ගේ ප්‍රමාණය ගැනිය නොහැක. එහිදී සුමඟුල් ආදි සිසු සංගමය ද ඒ ඒ යුගයන් හි පාසල් දරුවන්ගේ අධ්‍යාපන සහ සාහිත්‍ය ලලිතකලා, ක්‍රීඩා ආදි අනේක විශයන් හි දියුණුව වෙනුවෙන් සුවිසල් කාර්යයභාරයක් ඉටු කරනු ලැබ ඇත.

සුමඟුල් දරුවන්ට පිහිනුම් තටාකයක්, නව බස් රථයක් ලබා දීමට ආදි ශිෂ්‍ය සංගමයට හැකි වී ඇත. කොවිඞ් 19 වසංගතය හමුවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නොකඩවා පවත්වාගෙන යාමට Microsoft Teams මුදුකාංග පද්ධතිය අප සංගමය මගින් පාසලට පිරිනමන ලදි. නවීන තාක්‍ෂණය අනුව යමින් ස්මාර්ට් පන්තිකාමර ගණනාවක් සංගමය පාසලට පරිත්‍යාග කර ඇත.

සියවස අරමුණු කරගනිමින් සංගමය මෙම වසර පුරාවට ව්‍යාපෘතින් රාශියක් පාසල තුළ සිදු කරනු ලැබීය. පුණර්ජනනීය බලශක්තියේ වටිනාකම නිසාවෙන්ම සුමඟුල් රිවිබල ව්‍යාපෘතිය සාර්ථකව නිම කෙරුණි. පාසලේ දරුවන් අතර පමණක් නොව සමස්ත ලංකා මට්ටමේ තරඟ මාලාවක් සාර්ථකව නිමා කිරිමට හැකි විය. එළඹෙන නොවැම්බර් 05 වනදා ආදි ශිෂ්‍ය සංගමයට සියවසක් පිරීම නිමිති කරගෙන ආදී ශිෂ්‍යයන්ගේ පැරණි මතකයන් අවදි කරනු වස් නල්ලූරුව පැරණි භුමියෙහි උත්සවයක් ද සංවිධානය කර ඇත. එදින සංගමයට සියවසක් සම්පුර්ණ විම නිමිත්තෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය මගින් සමරු මුද්දරයක් නිකුත් කරනු ලැබේ.

සුමඟුල් ආදි ශිෂ්‍ය සංගමය සියවස සපුරන මේ අවස්ථාවේ විද්‍යාලයේ විදුහල්පති ලෙස නිලූක වීරසිංහ මහතා සංගමයට අයෝමය ශක්තියක් සපයන අතර, සම්පත් බැංකුවේ හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂක, මේ වනවිට සිංගර් ෆිනැන්ස් සාමාගමේ සභාපති ධූරය සහ රොසෙල් ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්‍ෂක ධුරය දරන අරවින්ද පෙරේරා මහතා සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබයි.

ශ්‍රී සුමංගල ආදි ශිෂ්‍ය සංගමයට සියවසක් කරා පා නැගිමට හැකි වූයේ එයට ජීවය සැපයු ආදි ශිෂ්‍යයින් නිසාමය. ඇතැමුන් අද තම ජීවන ගමන නිමවා ඇත. සංගමය සියවස සපුරන මේ යුගයේ ආදි ශිෂය සංගමයේ චිර පැවැත්ම උදෙසා සේවය කළ සියලූ ආදි ශිෂ්‍යයින් වෙනුවෙන් සංගමයේ කෘතවේදීත්වය පළ කරමු.

අපගේ අතීත ගමන් මඟ පිළිබඳව සතුටු වන අතරම අපට අකුරු කළ සුමඟුල් මාතාවගේ අනාගතය එළිපෙහෙළි කර අලෝකමත් කිරීමට ආදි ශිෂ්‍ය සංගමය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස සියලූ ආදි ශිෂ්‍යයින්ට අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

සුමඟුල් ආදි ශිෂ්‍ය සංගමය දිගුකල් දිනේවා!

ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ
සියවස් විධායක කමිටුව

Read more
  • Published in News & Events
No Comments
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10

KNOW MORE ABOUT SSCOBA

  • College
  • Contact
  • SSCOBA
  • Membership
  • Projects
  • Merchandises
  • Donations
  • News & Events

NEWSLETTER SIGNUP

By subscribing to our mailing list you will always be update with the latest news from us.

We never spam!

GET IN TOUCH

Mr. Amila Nawalage - President +94 71 781 3267
Mr. Nuwan Ranamayuru - Joint Secretary +94 77 733 0494
Mr. Madhusanka Namasena - Joint Secretary +94 77 733 7372
Mr. Prabhath Tharaka Suranga - Treasurer +94 77 237 9596
Email: [email protected]

Old Boys' Association
Sri Sumangala College
Panadura 12500, Sri Lanka

Old Boys' Association | Sri Sumangala College | Panadura | Sri Lanka

© 2024 Old Boys' Association of Sri Sumangala College, All rights reserved.

TOP