×

අත්‍යාවශ්‍ය ආහාර මල්ලක්

/ / News & Events

අප රටේ වර්තමානයේ උද්ගතව ඇති තත්වය හමුවේ තම යැපුම් අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව සිටින අප සංගමයේ සාමාජිකයින් වෙතොත් ඔවුන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් නොමිලේ ලබා දීමට අප ආදි ශිෂ්‍ය සංගමය කටයුතු සම්පාදනය කර ඇත.

ඔබට හෝ ඔබ දන්නා අප සංගමයේ සාමාජිකයෙකුට 076 274 5123 හරහා මහේෂ් ෆොන්සේකා, 071 445 5324 හරහා අමිල නාවලගේ, 077 731 6183 හරහා දිනේෂ් කැටිපෙආරච්චි හෝ 077 322 4224 හරහා දනුක කොට්ටහච්චි යන අප සංගමයේ නිලධාරීන් අමතා මෙම අත්‍යාවශ්‍ය ආහාර මල්ල හෙට (2020 මාර්තු 26) සිට ලබා ගත හැක.

ඔබ ඔබගේ වයස් කාණ්ඩයේ සභාපතිවරයෙකු නම් (Group Presidents), ඔබගේ වයස් කාණ්ඩයේ සාමාජිකයින් මේ පිළිබඳව දැනුවත් කර අප හා සම්බන්ධ කර දෙන මෙන් ඉල්ලා සිටිමු.

අප බෙදා හරින භාණ්ඩ හැකිතාක් සෞඛ්‍යාරක්ෂක හා පිරිසිඳු බව තහවුරු කිරීමට ක්‍රියාමාර්ග ගනු ඇත.

කරුණාවෙන් සලකන්න:

  • අත්‍යාවශ්‍ය අය පමණක් ඉල්ලීම කරන්න.
  • ඇමතීමේදී සාමාජික අංකය සමඟ අමතන්න.
  • බෙදා හැරීම පානදුර, වාද්දුව හා බණ්ඩාරගමට පමණක් සීමා වේ.
  • අප හට ඇත්තේ සීමිත ආහාර මලු ප්‍රමාණයක් බැවින් අපව අමතන පිළිවෙල අනුව පමණක් බෙදාහැරීම සිදු කරනු ලැබේ.
TOP