×

“සිහනද 2022” අන්තර් පාඨශාලීය සමස්ත ලංකා විවාද තරගාවලියේ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලයට

/ / News & Events

විචාරශීලී පරපුරක් නිර්මාණය කිරීම උදෙසා පානදුරා වාදයේ නූතන සම්ප්‍රාප්තිය ලෙසින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයට සියවසක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ “සිහනද 2022” අන්තර් පාඨශාලීය සමස්ත ලංකා විවාද තරගාවලිය සදහා දිවයිනේ පළාත් 7 ක් දිස්ත්‍රික්ක 23 ක් නියෝජනය කරමින් සහභාගී වු කණ්ඩායම් අතරින් අවසන් මහා වාග් සංග්‍රාමය කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර 2022 ඔක්තෝම්බර් මස 24 දා විද්‍යාලයිය සෝමතිලක විතාරණ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

එහිදී ශූරතාවය කොළඹ රාජකීය විද්‍යාලය ද අනුශුරතාවය කොළඹ ලුම්බිණි විද්‍යාලය ද හිමිකර ගත්හ.

මෙම තරගාවලිය සාර්ථක කරගැනීම සදහා විද්‍යාලයිය විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද කථික හා විවාද සංගමය ද ආදී විවාදකයින් ද ආදිශිෂ්‍යයින් ද දායක විය. එහිදී ආදිශිෂ්‍ය ප්‍රසාන්ත මාගින ආරච්චි මහතා විසින් විශේෂ අනුග්‍රාහක දායකත්වයක් ලබාදෙන ලදී.

TOP