×

NEWS & EVENTS

Stay in touch, read about the latest events, update yourselves with SSCOBA which brings you all the news.

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට 115 වසරක් පිරීම නිමිත්තෙන් විද්‍යාලය 1909 මාර්තු 03 දින බිහිවිමට බලපෑ පසුබිම සහ එතැන් සිට මේ දක්වා ගමන් මග පිළිබඳව මූලාශ්‍ර සහිතව දැනුවත් කිරීමේ වැඩ සටහනක් විද්‍යාල පරිශ්‍රයේදි පැවැත්විය.

මේ සඳහා වර්ථමාන විදුහල්පති රවීන්ද්‍ර පුශ්පකුමාර මහතා ඇතුළු සමස්ථ ගුරු මන්ඩලයත්, පාසලේ සියලු ශිෂ්‍ය ප්‍රජාවත් සහභාගී වූ අතර සම්පත් දායකත්වය ආදි ශිෂ්‍ය සංගමය දරන ලදී.

දැනුවත් කිරීමේ දේශනය පවත්වනු ලැබූවේ ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති නීතීඥ අමිල නාවලගේ මහතාය.

ශ්‍රි සුමංගල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය

සුමගුල් මව වැජබේවා… 🇬🇦🇬🇦🇬🇦

This year also, the Sri Sumangala College Old Boys’ Association proudly contributed to the Overnight Pirith Chanting and Alms Giving event organized by the college in commemoration of its 115th Founders’ Day. The occasion was a testament to the enduring bond between the college and its alumni, as they came together to honour the legacy of the founding members.

As Sri Sumangala College continues its journey towards excellence, the Old Boys’ Association remains steadfast in its support, offering resources and guidance to help the college flourish. This enduring partnership demonstrates the profound connection between past, present, and future generations of Sri Sumangala College, united by a shared commitment to upholding the values that have guided the institution for 115 remarkable years.

We are thrilled to announce that South Asian Technologies (Pvt) Ltd is stepping up as the full sponsor of Verbalius 2024! This prestigious All Island Debating Tournament is brought to you by the dedicated English Literary Association of Sri Sumangala College.

This sponsorship was facilitated through the unwavering support of the Sri Sumangala College Old Boys’ Association. A special shoutout to Mr. Mahesh Fonseka, the Immediate Past President and a one of the current Advisors of SSCOBA, who played a pivotal role in coordinating this partnership. Mr. Fonseka, who also serves as the Finance Manager at South Asian Technologies (Pvt) Ltd, has been instrumental in bringing this collaboration to fruition.

A huge thank you to South Asian Technologies (Pvt) Ltd for empowering future voices and everyone involved in making this possible. Here’s to a successful and unforgettable Verbalius 2024!

19 වන සියවසේ මෙරට තුළ ඇති වූ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ සුවිශේෂි සංධිස්ථානයක් සනිටුවහන් කළ පානදුර ශ්‍රී සුමංගල විද්‍යයාලය ආරම්භ වී අදට වසර 115 කි. පාසලක දියුණුව මැනිය යුත්තේ එම පාසල සතු භුමිය හෝ එය සතු භෞතික සම්පත් ප්‍රමාණය අනුව නොව එම පාසල තම ඉතිහාසය තුළ මව් රටට දායාද කළ මානව ප්‍රාග්ධනය මතය. ඒ අර්ථයෙන් ගත් කළ ශ්‍රී සුමංගලය දියුණු පාඨශාලාවක් වන්නේ එමගින් ලක් මාතාවට දායාද කළ උගත් බුද්ධිමත් මිනිසුන් සංඛ්‍යාව ගැණිය නොහැකි තරම් නිසා ය.

ශ්‍රී සුමංගල මාතාව ශත වර්ෂයකටත් අධික ඇගේ ඉතිහාස ගමන් මගේ තවත් සොඳුරු පරිච්ඡේදයක් විවර කරන අද දිනයේ ඇගේ ගමන් මග පිළිබඳව ආදි ශිෂ්‍ය සංගමය සටහන් කර තබන සංක්ෂිප්ත වාර්තාවකි මේ.

ශ්‍රී සුමංගල විද්‍යයාලය ආරම්භ වන්නේ 1909 මාර්තු මස 03 වන දින දීය. ඒ ඓතිහාසික පානදුරා වාදයට ජීවය සැපයු පානදුර රන්කොත් විහාර පුණ්‍ය භුමියේ දී ය. ශ්‍රී සුමංගලයේ බිහි වීම කෘතහස්ථ පරිපාලන නිලධාරියෙකු වූද ජනාධිපති ලේඛම්වරයෙකුද වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා තම ”කළුතර” නම් ග්‍රන්ථයේසඳහන් කරනු ලැබුයේ

Symbolic of the growing pride of the Buddhists at the turn of the 20th century was the commencement of a school for Buddhist children in Panadura named Sri Sumangala in the premises of the Rankot Vihare.

පානදුර රන්කොත් විහාර පරිශ්‍රයේ ශ්‍රී සුමංගල නමින් විදුහලක් බෞද්ධ දරුවන් වෙනුවෙන් ආරම්භ කිරීම, 20 වන සියවසට මාරු වීමේ දී බෞද්ධයන් අතර වැඩෙමින් තිබු අනන්‍යතාව පිළිබඳ සංකේතයකි.

වශයෙනි.

ශ්‍රී සුමංගල විද්‍යාලය ආරම්භ කිරීමේ ඉතිහාසය පිළිබඳව කරුණු නිසිලෙස අවබෝධ කර නොගත්තෝ, පාසල ආරම්භ කරනු ලැබුවේ අමරපුර නිකායේ අමරපුර පාර්ශවයේ මහානායක ශාසනවංශාලංකාර කවිධජ විනයාචාර්යය වැලිගම ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බව වැරදි මතයක එළඹ සිටිති.

ශ්‍රී සුමංගල විද්‍යාලය ආරම්භ කිරීමේ ගෞරවය නිතැතින්ම හිමි විය යුත්තේ පසු කළෙක පානදුරේ රන්කොත් විහාරාධිපතිව වැඩ විසු සංස්කෘත භාෂා ප්‍රවීණ පණ්ඩිතාචාර්යය පානදුරේ ඤාණවිමල තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට වේ. එහෙත් සුමංගල ඉතිහාසයේ උන්වහන්සේට හිමි විය යුතුව තිබු තැන සැබවින්ම හිමි වුයේ ද යන්න ප්‍රශ්නාර්ථයකි.

වර්ෂ 1942 දී ශ්‍රී සුමංගල විද්‍යාලය නල්ලූරුව භුමිභාගයේ ස්ථාපිත කරන අවස්ථාවේ දී එවක කළමණාකරණ මණ්ඩලය විසින් එළි දක්වන ලද වාර්තාවක ඤාණවිමල තිස්ස ස්වාමින් වහන්සේ සම්බන්ධව මෙසේ සටහන්ව තිබේ.

“The need for an English Buddhist Educational Institution at Panadura was first raisedby the late Rt. Rev. Nanawimala Tissa , and as a result of his strenuous efforts, Sri Sumangala College was started in march , 1909, on Temple premises at Rankoth Vihara, Panadura , with the kind permission of  the late Rt. Rev. Walpita Gunaratana Tissa.The College was named after the late Rt. Rev. Sasanawansalankara Kavidaja Vinayacharya Weligama Sri Sumangala ,The chief of the Amarapura Sect…….”

එවක පාසලේ කළමණාකරුවකු ලෙස කටයුතු කළ පාසලේ ආරම්භක ශිෂ්‍යයා වූ වොල්ටර් සල්ගාදු මහතා විසින් ඉදිරිපත් කර ඇති මෙම වාර්තාවට අනුව පානදුර ප‍්‍රදේශයේ ඉංග්‍රීසි බෞද්ධ අධ්‍යාපන ආයතනයක අවශ්‍යතාවය මුලින්ම මතු කරනු ලැබුවේ ද ඒ සඳහාඅප්‍රතිහත ධෛර්යයයෙන් කටයුතු කරනු ලැබුවේ ද පානදුරේ ඤාණවිමල තිස්ස ස්වාමින් වහන්සේ බව එම වාර්තාවේ පැහැදිලිව සඳහන් කර ඇත. උන්වහන්සේගේ මෙම ව්‍යායාමයට එවක පානදුර රන්කොත් විහාරාධිපතිව වැඩ විසු පසු කළෙක අමරපුර නිකායේ අමරපුර පාර්ශවයේ මහා නායක ධුරයට පත් සිරිමුණවර සද්ධම්මවංසපාල අති පුජණිය වල්පිට ගුණරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ අනුමැතිය සහ අවසරය ලැබුණු බැවින් පාසල රන්කොත් විහාර භුමියේ ආරම්භ කර ඇත.

කෙසේවුවද පාසලට නම තැබීමේ දී 19 වන සියවසේ බෞද්ධ පුනර්ජිවන ව්‍යාපාරයේ මිණි පහනක් සේ බැබලූණු වැලිගම ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේට ගෞරවයක් පිණිස උන්වහන්සේගේ නමින් නව පාසල ශ්‍රී සුමංගලය ලෙසින් නම් කර තිබේ.

ශ්‍රී සුමංගලය ආරම්භ වුයේ පානදුර රන්කොත් විහාරයේ දායකයින්ව සිටි අපගේ ආදි කතෘවරුන් විසින් දානමය පුණ්‍ය කර්මයක දී ඇති කරගත් සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් යැයි ජනශ්‍රුතියෙහි සඳහන්ව ඇතත් පාසලේ කළමණාකාරීත්ව මණ්ඩලය විසින් එළි දක්වන ලද නිල වාර්තාවේ ඒ සම්බන්ධයෙන් එකඳු හෝ වචනයක් සඳහන්ව නොමැති අතර, වාර්තාවේ පැහැදිලිව සඳහන් කරන්නේ ඤාණවිමල තිස්ස නායක ස්වාමින් වහන්සෙගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස වල්පිට ගුණරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ අවසරය මත පාසල ආරම්භ වූ බවයි.

දානමය පුණ්‍යය කර්මයක දී පානදුරේ දරුවනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් බෞද්ධ අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් පාසලක් ඉදි කළ යුතුය යැයි ඇති වූ මතය පාසල ආරම්භ කිරීමෙහි ඇතැම් විට ආසන්නතම හේතුව විය හැකි වූවත් එය අපගේ ඉතිහාසය අධ්‍යනය කිරීමෙහි කේන්ද්‍රස්ථානය නොවිය යුතු බව අපි තරයේ විශ්වාස කරන්නෙමු.

ශ්‍රී සුමංගල විද්‍යයාලය බිහිවීම පිටුපස ඇති යථාර්ථය නිසි පරිදි අවබෝධ කර ගැනීමට නම්

  1. 19 වන සියවසේ මෙරට පැවති සමාජ පසුබිමත්
  2. බෞද්ධ පුනර්ජිවන ව්‍යාපාරයත්
  3. පහතරට කුල ක්‍රමයත්
  4. අමරපුර නිකාය බිහිවීමත්
  5. අපගේ පැවිදි සහ ගිහි ආදි කතෘවරුන් කවුරුන්ද යන්නත් ඔවුන්ගේ පරම්පරාව පිළිබඳවත්

මනා අවබෝධයක් තිබිය යුතුය.

19 වන සියවසේ මුල් භාගයේ දී මෙරට අධ්‍යාපනය මිෂනාරීන්ගේ ඒකාධිකාරයක් බවට පත්ව තිබුණිග ශ්‍රී ලංකාව තුළින් බුදු දහම තුරන්කර ක්‍රිස්තු ධර්මය ව්‍යාප්ත කිරීම සඳහා ඉංග්‍රීසින් භාවිතා කළ එක ක්‍රමයක් වූයේ මිෂනාරී අධ්‍යාපනය මෙරට තුළ ව්‍යාප්ත කිරීම ය.

1815 මාර්තු 02 වන දින උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව සම්පූර්ණ ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍ය යටත් විජිතයේ කොටසක් බවට පත් විය. උඩරට ගිවිසුමේ පස්වන වගන්තිය මගින් බුද්ධාගමට රාජකීය අනුග්‍රහය බ්‍රිතාන්‍ය පාලකයින් සහතික කරනු ලැබුවත් එය හුදෙක් ලියවිල්ලකට පමණක් සීමා විය.

බටහිර බලපෑම්වලටත් බුදු දහම නොසලකා හරිමින් එවක බ්‍රිතාන්‍ය රජය විසින් ගෙන යනු ලැබූ ක්‍රියා කලාපයට එරෙහිව ක්‍රම ක්‍රමයෙන් බෞද්ධ බලවේග නැගී සිටින්නට වියග මෙම තත්වය තුල බුදු දහම නගා සිටුවීමේ කාර්යය සඳහා බෞද්ධ පාඨශාලා ආරම්භ කළ යුතු බව බෞද්ධ ගිහි පැවදි නායකයින්ට අවබෝධ විය.

මහාචාර්ය මංගල ඉලංගසිංහ මහතා විසින් රචිත රජය, ආගම සහ අධ්‍යාපනය යන ග්‍රන්ථයට බ්‍රිතාන්‍ය රජය සහ බෞද්ධ අධ්‍යාපනය යන මාතෘකාව යටතේ හයවන පරිච්ඡේදය ලියා ඇති කැලණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වූ ද ආචාර්ය ආර්. එච්ග.ආර්. ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ එහිලා බෞද්ධ ගිහි පැවදි නායකයින්ගේ මූලික අවධානය යොමු වී තිබුණේ ස්වභාෂා පාසල් කෙරෙහි බවයි.

ඒ ඉංග්‍රීසි පාසල් පිහිටුවීම වඩාත් අසීරු කාර්යයක්ව තිබූ බැවිනි. මෙම ස්වභාෂා පාසල් වැඩියෙන්ම බිහිවීම ආරම්භ වූයේ මිෂනාරී අභියෝග වඩාත් තදින් දැනුන බෞද්ධ බල ප්‍රදේශයන් හි බව පෙනී යයි.

19 වන සියවසේ මැද භාගය වන විට දොඩන්දූව, ගාල්ල, පානදුර හා බද්දේගම වැනි ප්‍රදේශ මිෂනාරී බලපෑම්වලට තදින් ලක් වූ ප්‍රදේශ විය.

ඉතිහාසය පිළිබඳව නිසි අවබෝධයකින් තොරව ඇතැම් පුද්ගලයින් බෞද්ධ පාඨශාලා ආරම්භ කිරීමෙහි ගෞරවය හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා වෙත පිරිනමන නමුත් එය වඩාත් නිවැරදි නොවන බව අප අවබෝධ කරගත යුතුය. ශ්‍රී ලංකාවේ බෞද්ධ පාඨශාලා ආරම්භ කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ පූජ්‍ය දොඩන්දූවේ පියරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේටය. පූජ්‍ය දොඩන්දූවේ පියරතන තිස්ස ස්වාමීන් වහන්සේ ශ්‍රී සුමංගල අපට වැදගත් වන්නේ අප පාසල බිහි කිරීමට පුරෝගාමී වූ අති පූජනීය වල්පිට ගුණරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ කර්මාචාර්යවරයෙකු වීම නිසාය.

පියරතන තිස්ස මහනායක ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කළ ලංකාවේ ප්‍රථම බෞද්ධ පාඨශාලාව වන්නේ දොඩන්දූවේ ශෛලබිම්බාරාමය මධ්‍යස්ථානය කර ගනිමින් ඇරඹි ජිනලබ්ධි විශේධන පාසලයි. මෙම පාසල ආරම්භ කර ඇත්තේ 1869 වර්ෂයේ දී ය. ඉන් වසර 10කට පසුව උන්වහන්සේ විසින්ම එනම් 1879 දී ප්‍රථම සිංහල බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව කොස්ගොඩ නුගටිය නම් පෙදෙසේ ආරම්භ කළ අතර මේ සඳහා බලපිටිය වැලිතර මහකප්පින වලව්වේ සැම්සන් රාජපක්ෂ වාසල මුදලිතුමා අනුග්‍රහය දක්වා ඇත. වර්තමානයේ මෙම පාසල හඳුන්වනු ලබන්නේ අහුංගල්ල රාජපක්ෂ මහා විද්‍යාලය වශයෙනි. ජිනලබ්ධි විශේධන පාසලට අමතරව පියරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේ විසින් පානදුර උපාධ්‍යාය විද්‍යාලය, වැලිගම බෞද්ධ පාසල, දොඩන්දූවේ යශෝදරා බාලිකා පාසල සහ අම්බලන්ගොඩ පටබැඳිමුල්ල බෞද්ධ පාඨශාලාව ද ආරම්භ කර ඇත.

පියරතන නායක ස්වාමීන් වහන්සේට සමකාලීනව කරතොට සෝභිත හිමියන් ද, වැලිතොට විමලසාර තිස්ස නායක හිමියන් ද බෞද්ධ පාඨශාලා ආරම්භ කර ඇත. (මෙම පාඨශාලා කොරතොට හෝමාගම හඳපාන්ගොඩ වලයාපිටිය යන ප්‍රදේශවල පවත්වාගෙන ගොස් ඇත.)

හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ලංකාවට පැමිණෙද්දී මෙම බෞද්ධ පාඨශාලා බිහිව තිබූ අතර එතුමා ලංකාවට සම්ප්‍රාප්ත වන විට බෞද්ධ පාඨශාලාවල දරුවන් එතුමා පිළිගැනීමට අතින් ගත් කොඩි සහිතව සිටි බව ද කියැවේ. ඒ අර්ථයෙන් ගත් කළ ඕල්කට්තුමා ලංකාවට පැමිණීමට පෙරම බෞද්ධ පාඨශාලා ලංකාවේ ආරම්භ වී තිබූ බව පෙනී යයි.

ලංකාවේ බෞද්ධ පාඨශාලා ක්‍රමය වඩා විධිමත් වන්නේ ඕල්කට්තුමාගේ ලංකා සංචාරයත් සමග ය. එතුමාට එකතුව සිටි රුසියානු රදල කුමාරිකාවක වූ හෙලේනා බ්ලැවැට්ස්කි මැතිණියගේ ද සහය ඇතිව පරම විඥානාර්ථ සමාගම බිහි කර ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය විධිමත් කිරීමට එතුමා කටයුතු කරන ලදි. එකී ප්‍රතිඵලයක් ලෙස කොළඹ ආනන්ද, නාලන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ල මහින්ද වැනි පාසල් බිහි විය.

ඒ අනුව 20 වන සියවසේ මුල භාගය වන විට ලංකාවේ බෞද්ධ පාඨශාලාවල පුනරුදයක් ඇති විය. එම පුනරුදයට ජීවය සැපයූවේ පහතරට බෞද්ධ ගිහි පැවදි උතුමන් ය.

සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා වු ද පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ආරම්භක උප කුලපතිවරයා වූ ශ්‍රීමත් අයිවෝ ජෙනිංග්ස් මහතා මෙම පුනර්ජීවනය හැදීන්වුයේ ගාලූ පාරේ බුද්ධාගම හෙවත් ගාලූ පාරේ ශිෂ්ටාචාරය යනුවෙනි.

බෞද්ධ පාඨශාලා ආරම්භවද්දී පිරිවෙන් අධ්‍යාපනය ද වඩාත් නැවුම් මුහුණුවරක් ගනු ලැබීය. වැලිගම ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ පානදුර රන්කොත් විහාරය මූලික කොට ගෙන පානදුර සෞගත පිරිවෙන ආරම්භ කරන ලදි.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ 1873 දී විද්‍යෝදය පිරිවෙනත් රත්මලානේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ විද්‍යාලංකාර පිරිවෙනත් ආරම්භ කරන ලදි. මේ අර්ථයෙන් ගත් කළ 20 වන සියවසේ මුල් භාගය පහතරට මුහුදුබඩ කලාපයේ බෞද්ධ අධ්‍යාපනය ඉතා ඉහළින්ම ව්‍යාප්ත කිරීමට ඇප කැප වූ ප්‍රදේශයක් බව පෙනී යයි.

එම බෞද්ධ පුනර්ජීවනයේ ගාමක බලවේගයක් වූ වැලිගම සුමංගල ස්වාමීන් වහන්සේ රන්කොත් විහාරය සමග සෘජුව සම්බන්ධ විය. පානදුරාවාදය පැවති සමයේ රන්කොත් විහාරයේ විහාරාධිපති ධූරය දරන ලද්දේ වල්පිට ගුණරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේ ය. උන්වහන්සේට බෞද්ධ පාඨශාලා සම්බන්ධයෙන් තම ගුරු දේවයාන කෙනෙකු වූ දොඩන්දූවේ පියරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ ආභාෂය සහ මගපෙන්වීම නිතැතින්ම ලැබෙන්නට ඇත.

වැලිගම සුමංගල ස්වාමීන් වහන්සේගෙන් පසුව රන්කොත් විහාරයට අනුබද්ධිත ශ්‍රී සෞගත පිරිවෙනෙහි අධිපති ධූරය භාරගනු ලැබුවේ ඥාණවිමලතිස්ස ස්වාමීන් වහන්සේ ය. වැලිගම සුමංගල ස්වාමීන් වහන්සේගේ සමීප මිතුරකු වූ Light of Asia (ආසියාවේ ආලෝකය) නම් ග්‍රන්ථය රචනා කළ ශ්‍රීමත් එඞ්වින් ආර්නල්ඞ් මැතිතුමා 1886 වර්ෂයේ දී රන්කොත් විහාරයට පැමිණි බව ද වාර්ථා වේ. එතුමා විසින් රචිත India Revisited නම් ග්‍රන්ථයෙන් මෙසේ සඳහන්ව ඇත.

These  Kind Buddhists of  Panadura  had adorned their audience – room and temple with palm branches and complimentary inscriptions wrought in flowers and coloured leaves, and provide shelter and refreshment for as in this Charming Sea Side village, where Senegalese scenery may be witnessed at its best. after the far too flattering ceremonies of the morning had been concluded I had the pleasure and advantage of a private interview with the chief priest, During two hours  or more, in the library in his Vihara ……….. After many questions about the localities in the life history of Buddha, Which I had recently visited, he expressed and ardent wish that the Buddhist might same day recover the guardianship of that sacred ground at Buddha Gya, where “The Lord” meditated so long under the Boddhi tree, and finally attained his Buddhaship. He said that this place and kasia, in the north west, where the great Teacher entered in to Nirwana, Were too spots which ought no longer to be in any hands except those of Buddhist……….  


(pages 269-270)

හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ද මෙම යුගයේ පානදුරයේ සංචාරය කර ඇති අතර පානදුරා වාදය පැවති ස්ථානයට සහ වැලිපිටිය පන්සලට පැමිණි බව ඉතිහාසය සාක්ෂි දරයි. වැලිපිටිය පන්සලට පමණක් 3000කට අධික පිරිසක් පැමිණ තිබූ බව ද 1880-06-12 වන දින ලක්රිවි කිරණ පුවත්පත වාර්ථා කර ඇත.

ඒ අර්ථයෙන් ගත් කළ 19 වන සියවසේ අගභාගය සහ 20 වන සියවසේ මුල් භාගය කළ පානදුරයේ ඉතා ඉහළ බෞද්ධ පිබිදිමක් තිබු බව අවබෝධ කර ගත හැක. ශ්‍රී සුමංගලය බිහි වන්නේ එවැනි පසුබිමක ය.

අපගේ ආදී කර්තෘවරු

ශ්‍රී සුමංගලය ආරම්භ කිරීමේ දී එහි සියලූ ගොඩනැගිලි ඉදි කරනු ලැබුවේ අපගේ ආදි කර්තෘවරු හය දෙනාගේ ධන පරිත්‍යාගයෙනි. ඒ බව කළමණාකරණ මණ්ඩල වාර්තාවේ මෙසේ සඳහන්ව ඇත.

The old buildings, which housed Sri Sumangala College up to this day, were erected by the initiative and generosity of the late Messrs. M. Mathes Salgado and Lewis Dias and with the co-operation of  Messrs. M.C. Perera, P. Domingo Dias, P.C.H. Dias and Mudaliyar Thomas Rodrigo. 

තවද, පාසල මුල් කාලයේ සම්පුර්ණ අධ්‍යාපනය නොමිලේ ලබා දී තිබු අතර, ඒ සඳහා සම්පූර්ණ අනුග්‍රහය ලබා දී තිබුණේ ද ඉහත කී ආදි කර්තෘවරුන් විසින්ම බව කළමණාකරණ මණ්ඩල වාර්තාවේ පහත සඳහන් කොටසින් අවබෝධ වේ.

It is interesting to recall how this institution was financed by the founders till 1921. They were the leading business men of the town. It was run entirely as a Philanthropic institution. Mr. P. Domingo Dias was the Manager till his death in 1921″ and during this period of 12 years close upon Rs. 60″000/- had been donated by the founders to meet the working expenses. When considering the financial state of the school, the founders, being business men in partnership, always made the first call on their profits by a donation to meet the losses of the school in the previous year and the expenditure of the following year.

අපගේ ආදි කර්තෘවරුන් ගත් කළ ඔවුන් සියලූ දෙනාම එකිනෙකාට ඥාතීන් වූ හා පානදුර රන්කොත් විහාරයේ තැන්පත් කර ඇති පරම්පරා පුස්තකයට අනුව ඔවුහු රන්කොත් විහාරස්ථානයේ තුන්වන සහ සිව්වන පරම්පරාවල්වල දායකයෝ වූහ. කරාව වංශිකයින් වූ ඔවුන් තත්කාලීන ලංකාවේ ආර්ථිකමය වශයෙන් බලවත් පුද්ගලයෝ වුහ. වැවිලි කර්මාන්තයට අමතරව හෝටල් කර්මාන්තය ද පතල් කර්මාන්තය ද ඔවුන්ට ආර්ථික සමෘධිය ලඟා කර දුනි. ඔවුන්ගේ ආර්ථීික ශ්‍යකතාවය නිසාවෙන්ම ඔවුන්ට සුරා බදු ක්ෂෙත‍්‍රයේ බලපත‍්‍ර රේන්ද ක්‍රමයට මිලදී ගැනීමට හැකි විය. එය ඔවුන් ආර්ථික වශයෙන් වඩාත් සමෘධිමත් ස්ථානයකට ඔසවා තැබීමට හේතුවක් වුයේය.

පහතරට ප්‍රදේශවල පෘතුගිසීන් සහ ලන්දේසීන් විසින් ගෙනුයනු ලැබු කටයුතු හේතුවෙන් එම ප්‍රදේශවල සමාජ ආර්ථික සහ දේශපාලන විශාල වෙනස්කමක් ඇති වී තිබුණි. පෘතුගිසින් සහ ලනදේසින්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් පහතරට කුල කිහිපයක මිනිසුන් උඩරට ගොවි කුලයට සමාන ආර්ථික බලයක් හිමි කරගෙන තිබුණි.

ලංකා ජාතික ලේඛනාගාරයේහි තැන්පත් කොට ඇති පෘතුගිසි යුගයේ බදු ලේඛනයට එකල රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබුණේ බිං බදු, රේන්ද බදු, තීරු බදු සහ අලි ඇතුන් ය. රජයට ලැබිය යුතු සමහර බදු වර්ග රජයේ නිලධාරීන් ලවා අය කරගන්නවා වෙනුවට එම බදු එකතු කිරිමේ අයිතිය වෙනස් පුද්ගලයින්ට විකිණිම පෘතුගිසී රාජ්‍ය පාලනයේ ප්‍රතිපත්තිය විය. පෘතුගිසීන් විසින් රේන්ද ක්‍රමය වශයෙන් මෙම ක්‍රමය හදුන්වා දෙන ලදී. බදු මුදල් එකතු කිරීමේ අයිතිය තමා වෙත ලබා ගැනීමට ඉහළම ලංසුව ඉදිරිපත් කරන ඉල්ලූම්කරුට බදු එකතු කිරිමේ අයිතිය රජය මගින් පවරා දුනි. එකඟ වු මුදල් රජයට ගෙවු ඉල්ලූම්කරු බදු ගෙවිය යුතු පුද්ගලයින්ගෙන් බදු මුදල් එකතු කර ගනී. රජයට ඔහු ගෙවු මුදල් බදු ගෙවිය යුතු පුද්ගලයන්ගෙන් ඔහු එකතු කරගන්නා මුදලත් අනුව ඔහුගේ ලාභය හෝ අලාභය තීරණය වේ.

ඇතැම් භාණ්ඩ විකිණිමට නම් ඒවාහි රජයේ මුද්‍රාව අනිවාර්යය කර තිබුණි. එම මුද්‍රාව තබා ගැනීමට නම් රජයට ගාස්තුවක් ගෙවීය යුතුය. මෙම මුද්‍රාව තැබිමේ අයිතිය ද රේන්ද ක්‍රමයට යටත් විය. ඉන් පරිබාහිරව අරක්කු සහ දුම්කොළ විකිණිම 1636 සිට පැණි විකිණිමේ අයිතිය ද, ඔරු පාරු සේවාවන් පවත්වා ගැනීමේ අයිතිය ද, රේන්ද ක්‍රමයට හිමිවිය. මෙම රේන්ද ක්‍රමය නිසා පහතරට ධනවත් පවුල් බිහි විය. තවද මෙම යුගයේ සලාගම, කරාව, දුරාව ආදී කුල පහතරට වැදගත් ස්ථානයක් හිමිකර ගෙන තිබුණේය. සලාගම වංශිකයින්යට ක්‍රයාත්මක වූ කුරුඳු දේපාර්තමේන්තුව හෙවත් මහා බද්ද සංවිධානයට මෙකල වැදගත් තැනක් හිමි වි තිබුණි. ලෝකයේ අනෙක් සෑම රටකම කුරුඳුවලට වඩා ශ්‍රී ලංකාවේ කුරුඳු ගුණයෙන් සහ තත්ත්වයෙන් උසස් බැවින් සලාගම වංශිකයින්ට පෘතුගිසී සහ ලන්දේසී යුගයේ වරප්‍රසාද ලැබී තිබුණි.

ධීවර කර්මාන්තය සහ මුහුදු වෙරළ සම්බන්ධ කටයුතුවල ද රේගු කටයුතු සහ ප්‍රවාහන කටයුතුවල ද සම්බන්ධ වී සිටි කරාව වංශිකයින් ද පෘතුගිසීන් සහ ලන්දේසීන්ගෙන් ආර්ථික ප්‍රයෝජන ලබා ගත්හ. මේ ආකාරයට පහතරට දී ගොවි කුලය නොවන වෙනත් කුලවල මිනිසුන් සමාන තත්ත්වයකට පත් වීමෙන් කුල ඝට්ටනයක් ඇති වුණේය.

කොළඹ සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳව සහය මහාචාර්යයවරියක වූ කුමාරි ජයවර්ධන මහත්මිය විසින් රචිත Nobodies to somebodies The Rise of the Colonial Bourgeoisie in Sri Lanka නමැති ග්‍රන්ථයේ පිටුවේ මෙසේ සඳහන්ව ඇත.

The Buddhist Families of the Karava from Panadura, ———- Ponnehennedige Dias, Merennege Salgado, Mahawaduge Perera,  Pattihennedige Rodrigo were linked by marriage; they also intermarried with families from Moratuwa such as the Fernando Sri Chandra sekeras and with the Amarasuriya family of Galle who dominated the Southern Province liquor rents.

The Panadura Buddhist capitalist families- Dias, Rodrigo, Salgado and Perera were also interconnected. P. Jeremias Dias married his first cousin Selestina Rodrigo, Daughter of  P. Solomon Rodrigo a leading renter of  Panadura. The renter, Merennege Mathes Salgado’s daughter Eugenia Grace married Jeremias Dias’ son, Arthur V. Dias, and Mahawaduge Mathes Perera’s son, the entrepreneur M. Abraham Perera, married Jeremias Dias’s daughter, Lilian Mathes Perera’s daughter married Mathes Salgado’s son Walter, and his son Cornelius Perera married Cecilia, the daughter of simon Fernando Sri Chandrasekara Of Moratuwa. There were also links between the Galle Amarasuriyas and Panadura Buddhists. H.W. Amarasuriya (1904-81) married Leena the eldest daughter of M.Coranelis Perera, and Jeremias Dias’s daughter married Dr. Amarasuriya. In Later years too, such marriages of great ‘convenience’ occurred between the wealthy karava families, Some of the dowry money being channeled into philanthropy, social movements and political causes.


(see Chapters 16 & 19)

අදාළ කතුවරිය අපගේ ආදි කර්තෘවරුන් සම්බන්ධයෙන් තම පර්යේෂනාත්මක ග්‍රන්ථයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර ඇත.

Ponnehennedige Domingo Dias, another member of the family of Panadura, was also a great Buddhist benefactor. He was trustee of many temples, including  Rankot Vihara, and a contribution towards the movement for the acquisition by the Buddhists of Buddha Gaya in India (ibid: 685). Dias’ brother-in-law, the wealthy capitalists Merennege Mathes Salgado (1860-1918),was also a Supporter of Buddhist Charities and the founder of a Buddhist temple at Pinwella (ibid: 682 & 685). His son, Richard Salgado, and son-in-law, Arthur Dias, were imprisoned in 1915 after the Buddhist- Muslim riots, accused of inciting Buddhists against Muslims. Mahawaduge Cornelis Perera, a distillery owner, also gave support to Buddhist schools. His father was the famous arrack – renter, Mathes Perera, and his brother , Abraham Perera, married Jeremias Dias’ daughter Lilian; their son Wilmot Perera, a politician of later years and a supporter of radical causes was the founder of a Buddhist school and cultural centre, Sri Palee, inspired and inaugurated by Rabindranath Tagore in 1934. Some of the Panadura Buddhists married into karava Buddhist families of Moratuwa and Galle. Mututantrige ————— Fernando’s daughter Cecilia (from Moratuwa) married Mahawaduge Cornelius Perera of Panadura. Simon Fernando who took the name Sri Chandarasekera, started a fund,  in that name to endow Buddhist charities and Buddhist education.

අමරපුර නිකාය සහ ශ්‍රී සුමංගල අතර ඇති අවියෝජනීය බැඳීම

අමරපුර නිකාය සහ ශ්‍රී සුමංගල අතර ඇත්තේ අවියෝජනීය බැඳීමකි. ශ්‍රී සුමංගල ආරම්භ කරන ලද රන්කොත් විහාරය අමරපුර නිකායට අයත් පන්සලකි. රන්කොත් විහාරයේ ආදී කතෘවරයාණන් ලෙස සැලකෙන්නේ බටපොළ කල්‍යාණ තිස්ස මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. උන්වහන්සේ වූ කලි අමරපුර නිකායේ අමරපුර පාර්ශවයේ පිහිටුවා වදාළ භදන්ත කතළුවේ ශ්‍රී ගුණරත්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නයයි.

දකුණුලක කතළුව ග්‍රාමයේ හෙට්ටිතන්ත‍්‍රිගේ කුමාරදාස වෙද මහතා සහ මැතිණිය දාව 1752 දී උත්පත්තිය ලද කතළුවේ ගුණරතන තිස්ස හිමියෝ පොත්ගහවත්ත විහාරයේ බෝවල ධම්මානන්ද හිමියන් වෙතින් පැවිද්ද ලබා ගෙන ඇත.

කතළුවේ ගුණරතන තිස්ස හිමියෝ ක්‍රි.ව.1803 දී රාමඤ්ඤ දේශයට වැඩම කර උපසම්පදාව ලබාගෙන 1810 දී නැවත ලංකාවට වැඩම කර ඇත. රන්කොත් විහාර භුමියේහි විහාරස්ථානයක් ගොඩනගන ලෙස ප්‍රදේශවාසීන් විසින් කතළුවේ ගුණරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටින ලදුව සැදැහැවතුන්ගේ ආරාධනය පිළිගත් උන්වහන්සේ එය ඉටු කරන ලෙස තම ප්‍රධාන ශිෂ්‍යයා වූ බටපොළ කල්‍යාණ තිස්ස මා හිමියන් දන්වා සිටියහ. ඒ අනුව ක්‍රි.ව. 1810 දී බටපොළ කල්‍යාණ තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ මුලිකත්වයෙන් රන්කොත් විහාරය ආරම්භ වූ අතර, එය මුල් කාලීනව ගල්වල පන්සල, ගල්වලේ පන්සල යැයි ව්‍යවහාර වී ඇත.

කතළුවේ ගුණරතන තිස්ස හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නය වූ බටපොළ කල්‍යාණ තිස්ස නායක ස්වාමීන් වහන්සේ පානදුර රන්කොත් විහාරයේ ආදී කතෘවරයාණෝය. උන්වහන්සේගෙන් පසුව පිළිවෙළින් වල්පිට සිරි සුමන තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1841-1857) වල්පිට ගුණරතන තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1857-1920) පණ්ඩිත ආචාර්යය පානදුරේ ඥාණවිමල තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1920-1929) කරගම්පිටියේ ජොතිරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1929-1958) මහාචාර්යය රාජකීය පණ්ඩිත මොරටුවේ ශාසනනෙන අනුශාසක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1958-1981) මහාචාර්යය රාජකීය පණ්ඩිත කහපොල සුගතරතන අනුශාසක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1981 සිට මේ දක්වා) රන්කොත් අධිපති ධූරය දරනු ලබයි.

අමරපුර නිකාය පිහිටුවා වදාළ භදන්ත ශ්‍රී කතළුවේ ගුණරතන නායක ස්වාමින් වහන්සේගේ පරම්පරාවෙන් පැවත එන රන්කොත් විහාරයේ නායක ස්වාමින් වහන්සේලා එදාමෙදා තුළ සුමඟුල් ඉතිහාසයේ සෑම ඓතිහාසික සංසිද්ධියකදීම පෙනී සිටිමින් අවවාද අනුශාසනා ලබා දීමට කළෙහිය.

1894 දී අමරපුර නිකායේ අමරපුර පාර්ශවයේ මහා නායක පදවියට පත් වුයේ වැලිගම ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ ය. වල්පිට ගුණරතන තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1911 දී මෙම නිකායෙහි මහා නායක ධුරයට පත් වූ අතර, වර්තමානයේ මෙම නිකායේ නායකත්වය හොබවනු ලබන්නේ ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ පැවදි අනුශාසක ධූරය හොබවනු ලබන රන්කොත් විහාරාධිපති මහාචාර්යය කහපොල සුගතරතන නායක ස්වාමීන් වහන්සේ වේ. ඒ අර්ථයෙන් ගත් කළ අමරපුර නිකාය සහ ශ්‍රී සුමංගලය අතර පවතින්නේ ශත වර්ෂයකටත් වඩා වැඩි අවියෝජනීය සම්බන්ධතාවයකි.

අමරපුර නිකායේ අමරපුර පාර්ශවයේ මහා නායක සිරිමුණිවර සද්ධම්මවංසපාල අති පුජණිය වල්පිට ගුණරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේ

ශත වර්ෂ 1755 තුලා රවි දාසය භාග වූ මංගල දිනයේ වල්පිට නම් ග්‍රාමයෙහි ධනවත් කීර්තිමත් පවුලක ජන්ම ලාභය ලැබු ගුණරතන තිස්ස නායක ස්වාමින් වහස්සේ රන්කොත් විහාරාධිපතිව වැඩ විසු වල්පිට සිරිසුමන තිස්ස මහා නායක ස්වාමින් වහන්සේගේ දෙවන ශිෂ්‍ය රත්නයයි.

කුඩා කාලයේ දී ම මුන්වහන්සේගේ පියාණන් අභාවප්‍රාප්ත වී ඇත. ඉතා රෝගාතුරව මරණ මංචකයේ සිටි තම පියා බැලීමට නිවසට සංසුන් ගමනින් වැඩම කළ භික්ෂුන් වහන්සේ කෙනෙක් දැක පූර්ව කර්ම බලයෙන් මෙහෙයවන ලද පුණ්‍ය ශක්තියෙන් තමාට ද මහණ වීම සඳහා අවසර ලබා දෙන ලෙස පියාණන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මංචපරායන ව සිටි පියා ද කුඩා දරුවාගේ එකී ඉල්ලීමෙන් ප්‍රීතියට පත් ව පවුලේ වැදගත් ඥාතියෙකු කැඳවා නිසි වයස පැමිණි කළ නො වරදවා ම මහණ කරන ලෙස දැනුම් දී ඇත. ඒ අනුව වයස අවුරුදු 10 පමණ සම්පුර්ණ වු විට ගුණරතන තිස්ස හිමියන්ගේ මව සහ වැදගත් ඥාතින් එක්ව ශිල්ප ශාස්ත‍්‍ර හැදැරීම පිණිස එවක ලක්දිව ප්‍රචලිත කීර්තිමත් සුපේෂල ශික්ෂාකාමි භික්ෂුවක වූ පානදුරේ රන්කොත් විහාරාධිපති වල්පිට සිරිසුමන තිස්ස නායක හිමිපාණන් වෙත භාර කරන ලදී.

සිරිසුමන තිස්ස හිමියෝ ද කුඩා දරුවා පන්සලට ගෙනැවිත් එහි නවාතැන් දී ශිල්ප ශාස්ත්‍රය ද දායාද කළහ. ඉතා උනන්දුවෙන් අධ්‍යාපනය හැදෑරු කුඩා දරුවා ප්‍රසන්න ඉඳුරන්ගෙන් සමන්විත විය.

පානදුර නදියෙහි මහා පාරුවක සාදන ලද මහා මණ්ඩපයක් තුළ වැඩහුන් මහා සංඝයා ඉදිරියෙහි ආශ්චර්යයමත් උත්සවයක දී මුන්වහන්සේව වල්පිට ගුණරතන නමින් මහණ කරන ලදී. ගිහි කාලයේ පටන්ම ගුණරතන හිමියන්ගේ සුපේෂල ගුණයන් කෙරෙහි පැහැදි සිටි පානදුර රන්කොත් විහාරයේ එවක ප්‍රදාන දායකමහතෙකු ව සිටි දාවිත් පිරීස් මහතා සියලූ භික්ෂු සංඝයා ඉදිරියේ අඩ දණින් හිඳ දොහොත් මුදුන් දී වැඳ මුන්වහන්සේට මම දිවි හිමි කොට සියලූ කටයුත්තෙහි කප්පියකාරයා වෙමි ශ්‍රද්ධාවෙන් ප්‍රකාශ කළ බව කියැවේ. පසුව කොග්ගල ධම්මසාර නායක මහා ස්ථිවිරයන් වහන්සේගේ උපාධ්‍යත්වයෙන් ද මිරිස්සේ ධම්මානන්ද උඩුහල්පිටියේ සිරි සුමන තිස්ස, දොඩන්දුවේ පියරතනතිස්ස යන නායක ස්වාමින් වහන්සේලා තිදෙනාගේ ම කර්මාචාර්යයත්වයෙන් සොළොස් නමක් කාරක මහා සංඝයා මධ්‍යයෙහි දොඩන්දුවේ එවකට පිහිටුවන ලද උදකුක්කේප සීමා මාලකයේ දී ගුණරතන තිස්ස යන නාමයෙන් උපසම්පදාව ලබාගත් සේක.

තම ගුරුදේවයාණ වූ වල්පිට සිරිසුමන තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීමෙන් පසු පානදුර රන්කොත් විහාරයේ විහාරාධිපති ධුරයට පත් වූ ගුණරතන තිස්ස නායක ස්වාමින් වහන්සේ පානදුර රන්කොත් විහාරයේ සමෘද්ධියේ ආරම්භය සනිටුහන් කළහ.

බුදු දහමේ හරය පසක් කළ පානදුරා වාදය සුපෝෂණය කිරීම සඳහා මුන්වහන්සේ විශිෂ්ට සේවාවක නිරත විය. රන්කොත් විහාරයේ විහාරාධිපති ලෙස, හික්කඩුවේ ශ්‍රී සුමංගල සහ වැලිගම ශ්‍රී සුමංගල යන නායක ස්වාමීන් වහන්සේලා සමඟ එක් ව පානදුරා වාදයේ දී මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ට අයෝමය ශක්තියක් විය.

මෙම යුගයේ සියලූ විවාහ ලියාපදිංචි කිරීම් ක්‍රිස්තියානි පල්ලිය තුළ ක්‍රිස්තියානි පුජකයින් අතින් සිදුවනු දුටු මුන්වහන්සේ එයින් බුදු දහමට සිදු විය හැකි හානිය අවබෝධ කරගෙන ඊට විරුද්ධ ව කටයුතු කළ ලූවිස් බාස් මහතාට උපරිම සහය ලබා දී ඇත. ලූවිස් බාස් මහතා ක්‍රි.ව 1859 සිට 1863 දක්වා ලංකාවේ ගම් 76 ක් පුරා ඇවිද අත්සන් තිස්තුන් දහසක් ලබා ගෙන බ්‍රිතාන්‍ය ආණ්ඩුවට කරන ලද කරුණු දැක්වීමක් අනුව වර්තමානයේ සිටින විවාහ රේජිස්ට්‍රාර්වරුන් විවාහ ලියාපදිංචිය සඳහා ලබා ගැනීමට හැකි විය.

ලූවිස් බාස් මහතාම ලියා ඇති පරිදි එතුමාට එම කාර්යය සාර්ථක කරගැනීමට ශක්තියක් වී තිබෙන්නේ ගුණරතන තිස්ස නායක ස්වාමින් වහන්සේ ය.

තමන් වහන්සේ ජන්ම ලාභය ලැබු රටටත්, බුද්ධ ශාසනයටත් නො නිමි මෙහෙවරක් කළ මෙම සුපේෂල ශික්ෂාකාමී ගුණරතන තිස්ස මහා නායක ස්වාමීන් වහන්සේ සකල ලාංකීය ජනතාව ම සංවේගයට පත් කරමින් 1920 ජුනි මස දිනයක අපවත් වී වදාළහ. උන්වහන්සේ අපවත් වනවිට රන්කොත් විහාරයට අමතව කළුතර පුලිනතලාරාමය, පිංවල පාඨලීරුක්කාරාමය, කෝවිලගොඩැල්ලේ නාගානන්ද විහාරය යන විහාරවල අධිපති ධුරය දැරූහ.

උන්වහන්සේගේ අපවත් වීම සම්බන්ධව එකල මෙරට මාධ්‍යන්හි විශාල ප්‍රසිද්ධියක් ලබා දී තිබුණි. 1920-06-18 වන දින පළ වූ දිනමිණ පුවත්පතෙහි මෙසේ සටහන්ව ඇත.

”ඊයේ පානදුරේ ආදාහන මහෝත්සව. ස්වර්ගස්ථ ශ්‍රී ගුණරතන තිස්සාභිදාන අමරපුර නිකායේ නායක ස්ථවිරයන් වහන්සේගේ මෘත දේහය ආදාහනය කිරීම.

ඊයේ පානදුර නගරය පිළිබඳ ඉතිහාසයේ ඉතා සිහි කටයුතු දිනකි. පසුගිය සඳු දින ස්වර්ගස්ථ වූ පානදුරේ රන්කොත් විහාරාධිපතිව වැඩ විසු ගෞර්වාර්හ ශ්‍රී ගුණරතන තිස්ස නායක ස්ථවිරයන් වහන්සේගේ මෘත ශරීරය ආදාහනය කිරීමේ පුජා මහෝත්සවය ඊයේ පස්වරු කාලයේ පානදුරේ දුම්රිය ස්ථානයට නුදුරුව පිහිටි භුමිභාගයෙක්හි දී අත්‍යලංකාර ලෙස පවත්වන ලදී. මෙම නායක ස්ථවිරයන් වහන්සේ ස්වර්ගස්ත වූ දිනයේ පටන් මුළු පානදුරා නගරයේ ම පැවති උන්නදුභාවය වර්ණනාවිෂයාතික්‍රාන්ත විය. ගුණරතන නායක හාමුදුරුවෝ ස්වර්ගස්ථ විය යන ප්‍රවෘත්තිය ඇසු පාණදුරා නගරවාසීන් පමණක් නොව කළුතර, මොරටුව, අම්බලන්ගොඩ, කොළඹ, ගාල්ල සහ මාතර යනාදි නොයෙක් පළාත්වලින් උන්වහන්සේගේ මෘත දේහය දර්ශනාභිලාශයෙන් පැමිණි නොයෙක් ජනයාගෙන් රන්කොත් විහාර භුමි භාගය ජනාකීර්ණ විය. එසේම මෙම ආදාහන මහෝත්සවය හැකි තරම් අලංකාර සහිතව පැවැත්වීම සඳහා නොයෙක් දෙනා කටයුතු කරන ලීලාවෙන් ම උන්වහන්සේ කෙරෙහි නගර වැසි සෑම ලබ්ධික සෑම ජාතික ජනයාගේ ඇති ගෞරව සැළකිල්ල මොනවට ප්‍රකාශ විය. මෙම ආදාහන උත්සවයේ පැවති විශේෂ ලක්‍ෂණයක් නම් ක්‍රිස්තියානි ලබ්ධික මහත් පිරිසක් ද පැමිණ මෙහි කටයුතු වලට සහභාගී වීමය. කලින් නියම කර තිබු පරිදි හරියට 2.30 ට පමණ අවමංගල්‍ය පෙරහැර රන්කොත් විහාර භුමි භාගයෙන් පිටත් විය. මෙම ආදාහන පෙරහර අතිශය කළ්‍යාණ දර්ශනීය විය. බැන්ඞ්, තූර්යය වාද, හේවිසි නාගසලන් ආදි නා නා තුර්යය රාවයන්ගෙන් මුළු නගරය ම ඒක නින්නාද විය. පෙරහර පෙරටුව ස්වර්ස්ථ නායක ස්ථිවිරයන් වහන්සේගේ ප්‍රතිරූපය සහිත ”ශ්‍රී ගුණරතන තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පෙරහර” යන වාක්‍ය අන්තර්ගත විසිතුරු තොරණක් රැගෙන ගියෝ ය. මීළඟට කොඩිගත් අත් ඇති ශ්‍රී සුමංගල පාඨශාලාව, වලානේ මහානාම පාඨශාලාව, නල්ලූරුවේ උක්වත්තේ බෞද්ධ පාඨශාලාව, වෑකඩ බෞද්ධ පාඨශාලාව, එගොඩ උයනේ බෞද්ධ පාඨශාලාව, කොරළවැල්ලේ බෞද්ධ පාඨශාලාව යනාදී පාඨශාලා ශිෂ්‍යයෝ පිළිවෙළින් ගමන් කළහ. ශ්‍රී සුගත ශාසනෝදය සමිතියේ සාමාජිකවරු ද සමාගමේ කොඩිය පෙරටුවෙන් ගෙන පෙරහරේ ගමන් කළෝ ය. මීළඟට හස්ත්‍යලංකාරයෙන් සැරසු ඇත්තු සය දෙනෙක් ගෙන ගියෝ ය.

තදනන්තරව භික්ෂුන් වහන්සේලා ගමන් කළෝ ය. ඊට පසු මෘත ශරීරය සහිත දෙණ බහාලූ රන්සිවි ගෙය උසුලා ගත් ශ්‍රද්ධා සම්පන්න දායක පිරිස ගමන් කළහ. රන්සිවි ගෙය වනාහි ඉතා විසිතුරු කොට පටපිළි සහ නොයෙක් විසිතුරු කර්මාන්තයන්ගෙන් නිමවන ලද්දකි. එය දුටුවන්ගේ සිත් සතුටු එළවන සුළුය. මෙම රන්සිවි ගෙයට පසු පස්සෙ තවත් භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනෙක් පිළිවෙළින් වැඩම කළෝ ය. මෙම ආදාහනෝත්සවයට භික්ෂුන් වහන්සේලා දෙසිය නමක් පමණ වේ. මේ පසුපස්සේ නොයෙක් පුජා ද්‍රව්‍යගත් උපාසිකා පිරිස ගමන් කළා ය. චිතකය ද විසිතුරු තොරණ් ආදිය බැඳ මනාව සරසන ලද්දකි. ආදාහන භුමියේ දී ගෞ. ඇම්. මේධානන්ද ස්වාමීන් වහන්සේ, ගෞ.ශ්‍රී ඥානේශ්වර නායක ස්වාමීන් වහන්සේ යන ස්ථවිරයන් වහන්සේලා සහ ජොන් විලියම් සිල්වා නීතිඥ මහතා සහ ඇම්.එච්. ජයතිලක මහතාත් කතා පැවැත්වූහ. ඒ අවසානයේ දී මහත් තුර්යය වාද සහ සාදු නාද පවත්වන අතර චිතකයට ගිනි දල්වන ලදී.”

ගුණරතන තිස්ස ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේ අති දුර්ලභ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

(මුලාශ්‍රය – Arnold Wight –  Twentieth century impressions of Ceylon)

1920-06-17 වන දින පළ වු ලක්මිණ පුවත්පතෙහි උන්වහන්සේගේ ජිවන චරිතය අලලා ලිපියක් රචනා වී තිබු අතර, එහි කොටසක් පහත පරිදි වේ.

”අතිගෞරවාර්හ ගුණරතන තිස්ස මහානායක මාහිමිපාණන් වහන්සේ, සංක්ෂිප්ත ජීවන චරිතය. පානදුරේ රන්කොත් විහාරාධිපතිව වැඩ විසු අතිගෞරවාර්හ සිරි මුණිවර සද්ධම්මවංසපාල ශාසනධජ ගුණරතන තිස්සාභිදාන මහානායක මාහිමිපාණන් වහන්සේ වනාහි සම්බුද්ධ ශාසනයට සහ මහාජනතාවට ද විශේෂාර්ථදායි කටයුතු රාශියක් කර දීමෙන් තමන් ලත් ජිවිතය සපල කරගත් උත්තමයාණ කෙනෙක.”

ගුණරතන තිස්ස ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් එකල ලංකාවේ ප්‍රධාන මුද්‍රිත මාධ්‍යයන් හි පළව තිබු අදහස් මගින් උන්වහන්සේ කෙතරම් විශිෂ්ට ජිවන චරිතයකට උරුමකම් කීවේ ද යන්න පසක් කරගත් හැකි ය.

පණ්ඩිතාචාර්යය පානදුරේ ඤාණවිමල තිස්ස නායක ස්වාමීන් වහන්සේ

මෙම ඡායාරූපය උපුටා ගනු ලැබුවේ ටී.එස්. ධර්මබන්දු මහතාගේ කෞරව වංශකතාව නමැති ග්‍රන්ථයෙනි.

ඤාණවිමල තිස්ස ස්වාමීන් වහන්සේ සැලකෙන්නේ සංස්කෘත භාෂාව පිළිබඳ ප්‍රවීණ භික්ෂුවක වශයෙනි. සමකාලීන භික්ෂුන් වහන්සේලා අතර, 19 වන සියවසේ මෙරටේ ඇති වූ බෞද්ධ අධ්‍යාපන පුනරුදයේ සුවිසල් නිහඬ සේවාවක් සිදු කළ යතිවරයාණ කෙනෙක වශයෙන් ඤාණවිමල තිස්ස ස්වාමීන් වහන්සේ හැඳින්විය හැක. වැලිගම ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ විසින් පානදුර රන්කොත් විහාරයේ ආරම්භ කළ ශ්‍රී සෞගත පිරිවෙණෙහි උන්වහන්සේගෙන් පසු පරිවේණාධිපති ධූරයට පත් වූයේ ඤාණවිමල තිස්ස ස්වාමීන් වහන්සේ ය.

යම් කිසි ගාථාවක් හෝ ශ්ලෝකයක් වරක් ඇසු පමණින් ධාරණය කර ගැනීමේ දියුණු ශක්තියක් මුන්වහන්සේ වෙත වූ බව කියැවේ.

”පෙරුදුරුවර නුදුටු – ගැඹුරු තැන් දුටු සතරෙහි” යන වැනුම මුන්වහන්සේ ගැනම කියන ලද්දැකැයි පළකරන්නාක් මෙන් ස්වකීය තීක්‍ෂණ ප්‍රඥා මහිමයෙන් මෙතුමෝ ලෝවැසියා විස්මය පත් කළහ.

පාණිනී ව්‍යාකාරණයෙහි අති දක්‍ෂ විශාරදයෙකු වූ ඤාණවිමල තිස්ස ස්වාමීන් වහන්සේ ලඝු සිද්ධාන්ත කෞමුදී මහා සිද්ධාන්ත කෞමුදී ආදි මහා ග්‍රන්ථයන් ශුද්ධ කොට මුද්‍රණය කර ප්‍රසිද්ධ කර ඇත. (මුලාශ්‍රය ටී.සී. ධර්ම බන්දු – කෞරව වංශ කථාව)

උගත් බුද්ධිමත් ශිෂ්‍ය පරම්පරාවක් මුන්වහන්සේ අභිමුවේ පෝෂණය වු අතර, එම ශිෂ්‍යයන් පසු කාලීන ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය දියුණු කිරීමේ කාර්යයයේ සුවිශාල කාර්යයභාරයක් ඉටු කරනු ලැබුහ.

මුන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යයෙකු වු කහඳමෝදර පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අධ්‍යාපනය ලබා කොට්ටේගොඩ සෞගත විද්‍යාලය ආරම්භ කළේ ය. සඳකිඳුරු දා සන්නස, බුදුගුණ අලංකාර සන්නස වැනි ග්‍රන්ථ රචනා කළ විචිත‍්‍රභාණක සිරි සද්ධම්චාරිය වලානේ ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ ද ඤාණවිමල තිස්ස හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නයකි. වලානේ ශ්‍රී විජය සෝගත විද්‍යාලය ආරම්භ කරන ලද්දේ මෙම ධම්මානන්ද හිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් වූ වලානේ විජයනන්ද නායක ස්වාමීන් වහන්සේ ය.

එකල ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ කාරක සභිකයෙකු ව සිටි ඤාණවිමල තිස්ස ස්වාමින් වහන්සේ විභාග ප්‍රශ්නපත්‍ර සකස් කිරීමේ කාර්යය පවා පැවරී තිබු උගත් භික්ෂුන් වහන්සේ නමකි.

ශ්‍රී සමුංගල විද්‍යාලය ආරම්භ කිරීමේ ගෞරවය හිමිවන්නේ ඤාණවිමල තිස්ස නායක ස්වාමින් වහන්සේටම ය. වර්ෂ 1942 දී ශ්‍රී සුමංගල විද්‍යාලයේ නල්ලූරුව භුමිභාගයේ මුල් ගොඩනැගිල්ල විවෘත කරන දා එවක කළමනාකරණ මණ්ඩලය විසින් එළි දක්වන ලද වාර්තාවක ඤාණවිමල තිස්ස ස්වාමින් වහන්සේ සම්බන්ධව මෙසේ සටහන්ව තිබේ.

“The need for an English Buddhist Educational Institution at Panadura was first raised by the late Rt. Rev. Gnanawimala Tissa, and as a result of his strenuous efforts, Sri Sumangala college was started in march, 1909, on temple premises at Rankoth Vihara, Panadura, with the kind permission for the late Rt. Rev. Walpita Gunaratana Tissa.The College was named after the late Rt. Rev. Sasanawansalankara Kavidaja Vinayacharya Weigama Sri Sumangala,The chief of the Amarapura Sect…….”


(Pg 01)

පාසල ආරම්භ කර එයට නම් තැබීමේ දී ඉතා පහසුවෙන් තමාගේ නම ඒ සඳහා යෝජනා කර ගත හැකිව තිබිය දී එසේ නො කර තම ගුරු දේවයාණ කෙනෙක වු ”වැලිගම ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේගේ” නමින් පාසල නම් කිරීමට තරම් උන්වහන්සේ නිහතමානී වු සේක. ඒ අර්ථයෙන් ගත් කළ ශ්‍රී සුමංගලය සදාකාලික ගුරු උපහාරයකි.

අපගේ ගිහි ආදී කර්තෘවරු

පොන්නහැන්නදිගේ දුමින්ගු දියෙස් මැතිතුමා (1853-1921)

කොවිස් දියෙස් සහ හේවා ෆොන්සේකාගේ හෙලේනා ෆොන්සේකා යන දම්පතීන්ට දාව එම පවුලේ තුන්වන පුත්‍රයා ලෙස 1853 වර්ෂයේ දී මෙතුමා ජන්මලාභය ලබා ඇත. මෙතුමාගේ පියා මෙන් ම සීයා වූ පොන්නහැන්නදිගේ කොරනේලිස් දියෙස් මහතා ද එකල ලංකාවේ ප්‍රබල ව්‍යාපාරිකයෝ වූහ. ජිනෝරිස් දියෙස්, අන්දිරිස් දියෙස්, ජෙරමියස් දියෙස් වශයෙන් සොහොයුරන් තිදෙනෙකු ද සොලෝනා දියෙස්, ලෙනෝරා දියෙස්, මිසිනෝනා දියෙස් සහ ජේන් ඉසබෙලා දියෙස්, සෙලෙස්තිනා දියෙස් යනුවෙන් සහෝදරියන් පස් දෙනෙක් මෙතුමාට සිට ඇත. තම පාසල් අධ්‍යාපනයෙන් පසුව වයස අවුරුදු 20 දී තම පියාගේ ව්‍යාපාර කටයුතු සමඟ සම්බන්ධ වූ මෙතුමා පසුව තමාගේම ව්‍යාපාර ගණනාවක් ආරම්භ කරමින් ඒවා දියුණු කරනු ලැබීය. නාවලපිටිය හිල්විව් හෝටලය, මහනුවර රෝයල් සහ කාසල් යන හෝටල් ද මස්කෙලියේ සහ හැටන් ප්‍රදේශයන්හි සුරාබදු ක්ෂේත‍්‍රයට අදාල ව්‍යාපාර කිහිපයක් ද මෙතුමා විසින් ආරම්භ කර ඇත.

1883 සිට 1897 දක්වා මධ්‍යම පළාතේ සුරා බදු එකතු කිරීමෙහි (Arrack Rent) හි සාමාන්‍යාධිකාර වරයා මෙන් ම එහි කොටස්කරුවෙකු ද විය. 1898 වර්ෂය පමණ වන විට පානදුර ප්‍රදේශයේ ප්‍රධාන සුරාබදු ගෙවන ව්‍යාපාරිකයා බවට ඒ මහතා පත්ව සිටියේ ය. වැවිලි ක්ෂේත්‍රය කෙරෙහි ද යොමු වූ එතුමාගේ නමට ලියවුණු තේ, පොල් සහ රබර් වතු ගණනාවක් බස්නාහිර පළාතේ සහ වයඹ පළාතට අයත් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ විය.

1895 වර්ෂයේ දී තම ජීවන ගමන් මගේ තවත් එක් සොදුරු කඩඉමක් පසු කල එතුමා එවකට මිනිරන් පතල් ක්ෂේත‍්‍රයේ කීර්තිමත් නාමයක් හිමි කර ගෙන තිබූ මුතුතන්ත්‍රී පටබැදි මෙන්ඩිස් කුරේ මැතිතුමාගේ එකම දියණිය වූ ඩොවිසිනා ලියනොරා මෙනවිය සමඟ විවාහ වුයේ ය. එම විවාහයේ සාක්‍ෂිකරු වී තිබුණේ එවකට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වේ.

මෙතුමාගේ සහෝදරියක වූ මිසිනෝනා යන අය විවාහ වී තිබෙන්නේ ශ්‍රී සුමංගලයේ තවත් ආදි කර්තෘවරයෙකු වූ එම්. මත්තෙස් සල්ගාදු මහතා සමග ය. දුමින්ගු දියෙස් මහතාට දරුවන් සිට නොමැති අතර තමාගේ සහෝදරියකු වූ මිසිනෝනා යන අයගේ දියණියක වූ ගර්ටෘඞ් යන අය දරුකමට හදා ගෙන ඇති අතර ඇය පසු කලෙක කීර්තිමත් වෛද්‍යවරයෙකු ද කෘතහස්ත දේශපාලඥයෙකු ද පසු කලෙක ශ්‍රී සුමංගලයේ කළමනාකාරිත්ව මණ්ඩලයේ ප‍්‍රධාන නිලය ද හෙබවූ ශ්‍රීමත් සුසන්තා ද ෆොන්සේකා මැතිතුමා සමග විවාහ වී ඇත. බෞද්ධ විහාරස්ථාන කිහිපයකම ප්‍රධාන දායකයෙකු වූ දුමින්ගු දියෙස් මහතා මහනුවර උඩවත්ත ප්‍රදේශයේ දහම් පාඨශාලා ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළ අයෙකි.

බුද්ධගයාව නැවත බෞද්ධයින් වෙත දිනා ගැනීම සදහා ”වැලිගම සුමංගල හිමි” සහ ”අනගාරික ධර්මපාලතුමා” ප්‍රමුඛ බෞද්ධ ගිහි පැවිදි දෙපක්ෂය ම ගෙන ගිය සටනේ එතුමා ද කොටස්කරුවෙකු විය. එම කාර්යය සාර්ථක කර ගැනීම සදහා එම යුගයේ ඒ මහතා විසින් පරිත්‍යාග කළ ලෙස සැලකෙන මුදල රුපියල් දහස (රු. 1000/-) කි.

එතුමා එවකට ක්‍රියාත්මක වී පැවති දේශීය කෘෂිකාර්මික සමිතියේ (Local Agricultural Society) භාණ්ඩාගාරික ධුරය ද, ලංකා කෘෂිකර්ම සමිතිය (Ceylon Agricultural Society) සහ පානදුර සංගමයේ (Panadura Association) හි සාමාජිකයෙකු ද විය.

1921 වර්ෂයේ දී තම ජීවන ගමන නිම කල මෙතුමාගෙන් හිස් වූ ශ්‍රී සුමංගල විද්‍යාලයේ කළමනාකාර ධුරයට පී. ද එස්. කුලරත්න මැතිතුමා පත් කර ඇත. දියෙස් මැතිතුමාගේ අභාවයෙන් පසුව එතුමා සිහිවනු පිණිස එතුමාගේ ආදරණිය බිරීඳ විසින් පානදුර නගර ශාලාව 1927 වර්ෂයේ දී ඉදි කරවා ජනතා අයිතියට පරීත්‍යාග කරනු ලැබුවා ය. අදටත් පානදුර ජනතාවට ඇති එකම නගර ශාලාව වන්නේ පී. දුමින්ගු දියෙස් අනුස්මරණ නගර ශාලාව පමණි. (P. Domingo Dias Memorial Town Hall)

මහවඩුගේ කොරනේලිස් පෙරේරා මැතිතුමා

19 වන සියවසේ මෙරට සාර්ථක ව්‍යාපාරිකයකු වූ මහවඩුගේ මත්තෙස් පෙරේරා සහ කැරලීනා අයරීන් පෙරේරා දිසානායක යුවලට දාව 1872 වර්ෂයේ දී මහවඩුගේ කොරනේලිස් පෙරේරා මැතිතුමා උපත ලැබී ය. මුල් කාලීනව පෞද්ගලිකවත් පසුව කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද මෙතුමා අධ්‍යාපනය ලබා ඇත. ”ආරෝන්” මහත්තයා යන නමින් ද ප්‍රසිද්ධියට පත් වුණු මෙතුමාගේ සීයා වුයේ (මවගේ පියා) නල්ලූරුවේ වැලිපිටිය පන්සල නිමවා ශාසනයට පුජා කළ මහවඩුගේ අන්ද්‍රිස් පෙරේරා අභය කරුණාරත්න දිසානායක මුදලිතුමා වේ. මෙතුමාගේ සහෝදරයා වූයේ එකල ”රබර් රජ්ජුරුවෝ” යන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධියට පත් ව සිටි මහවඩුගේ ඒබ්‍රහම් පෙරේරා මැතිතුමා ය.

පාසල් අධ්‍යාපනයෙන් පසුව රයිගම කොරළයේ සොරණ වතු යායේදී තේ, කුරුඳු සහ පොල් වගාවන් පිළිබඳව ඉගෙනුම ලබා ඇති මෙතුමා පසුව වැවිලි ක්ෂේත‍්‍රයට යොමු වී ඇත. පානදුර අවට පොල් සහ කුරුඳු වතු 50 ක් පමණ ඔහුගේ නමට ලියවී තිබුණු බව කියවේ. තේ කර්මාන්තශාලා සහිත විශාල වතු දෙකක් ද ඔහු විසින් පාලනය කළ බව එතුමාගේ පවුලේ ඉතිහාසය සොයා බැලීමේ දී අනාවරණය වේ. පසුව රේන්ද ව්‍යාපාරයට යොමු වී ඇති එතුමා එම ක්ෂේත‍්‍රයේ සීඝ්‍ර දියුණුවක් ලබමින් එකල ලංකාවේ සිටි ප්‍රධාන ම රේන්ද ව්‍යාපාරිකයෙකු බවට පත් ව තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා විෂය පිළිබඳව සහය මහාචාර්යවරියක වූ කුමාරි ජයවර්ධන මහත්මිය විසින් රචිත Nobodies to somebodies The Rise of the Colonial Bourgeoisie in Sri Lanka නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන්ව ඇත.

Another notable example was the influential Mahawaduge Perera family of wekande, Panadura, the largest owners of distilleries in the area. The family fortune through distilling and renting had been built up by Mahawaduge Mathes Perera in the 1860S. One of his sons, M. Abraham Perera, had shares in distilleries and another son, M. Cornelis Perera was the leading distiller of his time, 

Also owning wholesale stores at Panadura from which renters were supplied with arrack Cornelrs Perera’s interests in the arrack trade at the turn of the century were described by Wright as follows:

To supply the large demand for the spiritious beverage, he  is obliged to buy large quantities from various other manufactures in adition to the output from his own distilleries. In fact, he is one of the largest dealers in arrack in Ceylon.


(Pg 109 and 110)

වයස අවුරුදු 24 දී මුතුතන්ත‍්‍රිගේ සයිමන් ප්‍රනාන්දු ශ්‍රී චන්ද්‍රසේකර මුදලිතුමාගේ සිව්වන දියණිය වූ සිසිලියා සමඟ විවාහ වූ කොරනේලිස් පෙරේරා මැතිතුමාට නෙවිල් සහ ලිනා (අමරසූරිය මැතිණිය) යනුවෙන් දරුවන් දෙදෙනෙකු සිට ඇත. ඔවුන් අතුරින් ලිනා විවාහ වී තිබෙන්නේ දකුණු ලක සිංහල බෞද්ධ අධ්‍යාපනයේ පුරෝගාමී මෙහෙවරක් කළ ගාල්ල මහින්ද විද්‍යාලයේ නිර්මාතෘවරයෙකු වු තෝමස් ද සිල්වා අමරසූරිය පරපුරේ මුණුබුරෙකු වූ ද 20 වන සියවසේ මෙරට ජනතාවගේ නොමද ආදරයට පාත්‍ර වූ ගාල්ල මහින්ද විද්‍යාලයේ කලක් කළමනාකරු ලෙස කටයුතු කළ මහා දානපතියෙකු ද කෘතහස්ත දේශපාලඥයෙකු ද වූ හෙන්රි වුඞ්වඞ් අමරසුරිය මැතිතුමා සමඟ වේ. (H.W. අමරසුරිය මැතිතුමා) අලූත් ශ්‍රි ලංකාවේ ජාතික වංශ කතාව නමැති ග්‍රන්ථය රචනා කළ තිස්ස කාරියවසම් මහතා සඳහන් කර ඇති ආකාරයට ලීනා අමරසුරිය මැතිණියගේ අවමංගලයට අමරගිරි වලව්වට එක්වු පිරිස හතළිස් දහසක් පමණ වේ.

මෙතුමාගේ සහෝදරයා වූ ඒබ්‍රහම් පෙරේරා මැතිතුමා විවාහ වුයේ ජෙරමියස් දියෙස් සහ සෙලෙස්තිනා දියෙස් දෙපළගේ දියණියක වු ලිලියන් ෆිලිෂියා දියෙස් මෙනෙවිය සමඟ ය. එම දේපලගේ පුත්‍රයා විලිමට් ඒ පෙරේරා මැතිතුමා වෙයි. ජෙරමියෙස් දියෙස් මැතිතුමා යනු 1873 පානදුරා වාදයේ සම්පූර්ණ අනුග්‍රාහකයා වූ පානදුර රන්කොත් විහාරයේ දෙවන පරම්පරාවේ දායකයෙකි. පානදුරා වාදය පවත්වන ලද්දේ ද එතුමාගේ දොඹගහවත්ත නමැති ඉඩමෙදී ය. සෙලෙස්තිනා දියෙස් මැතිණිය කොළඹ විශාකා විද්‍යාලය මෙන්ම පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය බිහි කිරීමට පුරෝගාමී වූ අතර, විලිමට් ඒ. පෙරේරා මැතිතුමා හොරණ ශ්‍රීපාලී විද්‍යාලයේ නිර්මාතෘ විය. ඒ අර්ථයෙන් ගත් කළ කොරනේලිස් පෙරේරා මැතිතුමාගේ පවුල මේ රටේ බෞද්ධ අධ්‍යාපනයේ දැවැන්ත කාර්යය භාරයක් ඉටු කළ පවුලක් ලෙස සැලකීම වඩා නිවැරදි ය.

සිසිලියා පෙරේරා මැතිණිය ද තම ස්වාමි පුරුෂයා වූ කොරනේලිස් පෙරේරා මැතිතුමා බිහි කිරීමට මුල් වූ ශ්‍රී සුමංගලයේ දියුණුවට නිබඳව අතහිත දුන් තැනැත්තියක වුවා ය. නල්ලූරුව භුමියේ අක්කර 2 1/4 ක ප්‍රමාණයක් ඇය විසින් පාසලට පරිත්‍යාග කළාය. සිසිලියා පෙරේරා මහත්මිය 1941 ජනවාරි 23 වන දින හෝ ඊට ආසන්න දිනයක අභාවප්‍රාප්ත වී ඇති අතර, ඒ වෙනුවෙන් පාසල අඩ දිනයක නිවාඩුවක් ද ප්‍රකාශයට පත් කර ඇත.

පොන්නහැන්නැදිගේ ලූවිස් දියෙස් මැතිතුමා

පානදුරා පුරවරයේ විසු දානපතියෙකු වූ මෙතුමා ශ්‍රී සුමංගල විද්‍යාලය ආරම්භ කිරීමේ ක්‍රියාවලියේ මුලිකත්වය ගෙන කටයුතු කළ අයෙකි. පානදුරා රන්කොත් විහාරයේ 3 වන පරම්පරාවේ දායකයෙකු වූ ඒ මහතා ශ්‍රී සෞගත විද්‍යාල පිරිවෙණ පිහිටුවීමට මුල් වී කටයුතු කළ අය අතුරින් කෙනෙකි. මෙතුමා සම්බන්ධව දිගු විස්තරයක් සොයා ගැනීමට නොහැකි වු බව අපි කණගාටුවෙන් සඳහන් කර තබමු.

මෙරෙඤ්ඤගේ මත්තෙස් සල්ගාදු මැතිතුමා (1858-1918)

19 වන සියවසේ කීර්තිමත් වෙළඳ ව්‍යාපාරිකයෙකු වූ ඒබ්‍රහම් සල්ගාදු මහතාට සහ එම මැතිණියට දාව මෙරෙඤ්ඤගේ මත්තෙස් සල්ගාදු මහතා 1858-09-17 දින ජන්මලාභය ලබා ඇත. වයස අවුරුදු 16 දී තම පියාගේ මහනුවර ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීම සදහා එම ප්‍රදේශයට ගිය මෙතුමා තම පියාගේ ව්‍යාපාර වූ හමුදාවේ රෝහල් වලට සහ බන්ධනාගාර වලට ආහාර ද්‍රව්‍ය සැපයීමේ ව්‍යාපාර කටයුතු වල නිරත වී සිට 19 වන සියවසේ අගභාගයේ දී අනුරාධපුරය, රත්නපුරය සහ පානදුර යන ප‍්‍රදේශවල රේන්ද ව්‍යාපාරයට සම්බන්ධ වී ඇත. තම පවුලේ බේකරි ව්‍යාපාරය දියුණු කිරීමට කටයුතු කළ මෙතුමා නාවලපිටිය, නුවර, හැටන්, තලවකැළේ, දියතලාව, බදුල්ල සහ කුරුණෑගල බේකරි පාලනය කර ඇත. රේන්දකරුවෙකු ලෙස ඔහු ලබා තිබූ සාර්ථකත්වය කෙබදු වී ද යත් ඔහුගේ පානදුර ගුදමේ ධාරිතාවය එවක සටහන් වී තිබුණේ ගැලූම් පනස් දහසක් වශයෙනි.

The founder of another influential family, the renter Merennege Mathes Salgado of Panadura (who also owned a chain of the famous Salgado bakeries), was a prominent wholesale dealer, whose arrack stores at Panadura were said to have had “a storage capacity of 50,000 gallons” from which arrack was “sent out to the various centers required”

(කුමාරි ජයවර්ධන
Nobodies to somebodies The Rise of the Colonial Bourgeoisie in Sri Lanka – Pg 110)

වතුහිමි වැවිලිකරුවෙකු ද වූ එතුමාගේ නමට ලියැවුණු තේ, පොල් සහ කුරුඳු වතු ගණනාවක් ම විය. සුප්‍රසිද්ධ Richarddale සහ Graceland වතු යායන් එතුමාට අයිති වී තිබුණි. නුවර රෝයල් හෝටලයේ එතුමා ද කොටස්කරුවෙකු විය.

අපගේ තවත් ආදි කර්තෘවරයෙකු වන පොන්නහැන්නැදිගේ දුමින්ගු දියෙස් මහතාගේ සහෝදරියක වූ පොන්නහැන්නැදිගේ මිසිනෝනා ඩයස් යන අය සමග විවාහ වූ මෙතුමා පුතුන් දෙදෙනෙකු සහ දියණිවරුන් සතර දෙනෙකුගේ ආදරණීය පියෙකි. ශ්‍රී සුමංගලයේ ආරම්භක ශිෂ්‍යයින් වූ වෝල්ටර් සල්ගාදු සහ රිචඞ් සල්ගාදු යන මහතුන් මෙතුමාගේ පුත්‍රයන් දෙදෙනා වේ. ගර්ඩෘට්, ඇඞ්ලින්, ග්‍රේස් සහ රාණි යනු මෙතුමාගේ දියණිවරුන් වේ. මොවුන් අතුරින් ග්‍රේස් සල්ගාදු විවාහ වී තිබෙන්නේ සුප්‍රසිද්ධ ආතර් වී දියෙස් මහතා සමග ය.

පානදුර වලපල පන්සල නමින් ප්‍රසිද්ධ ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙණ මෙතුමා විසින් තනවා පූජා කරන ලදි. මෙතුමාගේ මුණුබුරා වූ රාජා සල්ගාදු මහතා ද ශ්‍රී සුමංගල විද්‍යාලයේ සහ එහි ආදි ශිෂ්‍ය සංගමයේ දියුණුව උදෙසා අනුපමේය සේවයක් කරනු ලැබුවේ 1980 දශකයේ මුල පටන් 2019 වර්ෂයේ මිය යන තෙක්ම එම සංගමයේ අනුශාසකවරයෙකු ලෙස කටයුතු කරන ලදී. මෙතුමාගේ මී මුණුබුරෙකු වු පියත් සල්ගාදු මහතා ද ශ්‍රී සුමංගල විද්‍යාලයේ දියුණුවට නිබඳව කටයුතු කරන්නෙකි.

1886 දී මෙතුමා විසින් මහනුවර දළදා මාළිගාවට ආසන්නව ආරම්භ කරනු ලැබූ සල්ගාදු බේකරිය ශ්‍රී ලංකාවේ එම ක්ෂේත‍්‍රයේ පැරණිම ආයතනයකි. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට සුවිශාල කාර්යයභාරයක් කළ මෙතුමා තම කාලය සහ ධනය ඒ වෙනුවෙන් නො පැකිළිව පරිත්‍යාග කළ මහා දානපතියෙකි.

ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය ආරම්භ කිරීම සඳහා පරිත්‍යාග කළ ඉඩම්වල කොටසක අයිතිකරු වූයේ ද මෙතුමා ය.

ශ්‍රී සුමංගල විද්‍යාලයේ දියුණුව උදෙසා අමිල මෙහෙවරක් ඉටු කළ මෙතුමාගේ අභාවය 1918 මාර්තු මස 26 වන දින සිදු විය.

පී.සී.එච්. දියෙස් මැතිතුමා (1865-1931) (පොන්නහැන්නදිගේ චාර්ලිස් ඩයස්)

ක්‍රි.ව.1865 නොවැම්බර් මස 05 වන දින මොරවින්න චාලි ඩයස් වෙද මහතාට සහ එම මැතිණියට දාව මෙතුමා පානදුර මොරවින්නේ දී ජන්ම ලාභය ලබා ඇත. මෙතුමාගේ පියා එකල මොරවින්න දිබ්බැද්ද සුධර්මාරාම විහාරයේ ප්‍රධාන දායක මහතා වූ බැවින්, මෙතුමා බෞද්ධ පරිසරයක හැඳි වැඩුණු බව පෙනී යයි.

වරුස හැන්නැදිගේ ඇන්ජලා ඇලන් ප්‍රනාන්දු මැතිණිය සමඟ විවාහ වූ මෙතුමා පුතුන් අට දෙනෙකුගේ සහ දියණියන් තිදෙනෙකුගේ පියෙකි.

වරෙක ආරක්‍ෂක ලේකම් ධුරය ද, තවත් වරෙක විදේශ කටයුතු ලේකම් ධුරය ද දරමින් ශ්‍රී ලාංකීය පරිපාලන ක්ෂේත‍්‍රයේ කීර්තිමත් නමක් රැඳවූ නීල් ක්වින්ටස් ඩයස් (N.Q. ඩයස්) මැතිතුමා මෙතුමාගේ තුන්වන පුත්‍ර රත්නයයි.

ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි කර්තෘවරයෙකු වන මෙතුමා තම ජිවිත කාලය තුළ සුමංගල මාතාවගේ දියුණුව වෙනුවෙන් නිබඳව පෙනී සිටියේ ය. 1924 ඔක්තෝබර් මස 23 වන දින ශ්‍රී සුමංගල ක්‍රීඩා සමාජයට ආධාර එකතු කර ගැනීම පිණිස පවත්වන ලද විවිධ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සම්ප්‍රාප්ත වී තිබෙන්නේ ද මෙතුමා යි.

පානදුර ජනතාවට චිරාත් කාලයක් සේවාව සපයන සුප්‍රසිද්ධ කේතුමතී කාන්තා රෝහල මෙතුමා තම ජිවිත කාලය තුළ ජිවත් ව සිටි නිවස වන අතර, ඒ මහතාගේ බිරිඳගේ අභාවයෙන් පසුව එම දේපල මාතෘ රෝහලක් සඳහා රජයට පරිත්‍යාග කර ඇත.

දෙවන ලෝක යුද්ධ සමයේ එතෙර අධ්‍යාපනයට ගොස් නැවත ලංකාවට පැමිණෙමින් සිටිය දී තමා පැමිණෙමින් තිබූ නෞකාවට හෙළන ලද බෝම්බ හේතුවෙන් අකාලයේ මරණයට පත් වූ තම ආදරණීය පුත‍්‍රයා වූ බෙන්ජමින් කැල්වින් දියෙස් මහතා සිහි වනු පිණිස දියෙස් මැතිණිය විසින් පාසලට එවක රුපියල් දස දහසක වියදමක් දරා විද්‍යාගාර ගොඩනැගිල්ලක් පරිත්‍යාග කර ඇත. දශක ගණනාවක් සුමඟුල් දරුවන්ගේ විදුනැණ පෑදූ විද්‍යාගාරය එයම විය.

පී.සී.එච්. දියෙස් මැතිතුමාගේ අභාවය 1931 නොවැම්බර් මස 27 වන දින සිදු වී ඇති අතර, ඒ මහතාට ගෞරව දැක්වීමක් ලෙස එදින පාසලේ අපරභාග පංති පවත්වා නො මැති බව වාර්තා වේ.

මුදලිඳු තොමස් රුද්‍රිගෝ මැතිතුමා (1864-1945)

ජෙරොනිමස් රුද්‍රිගෝ සහ ප්‍රොලෙන්ටිනා සොයිසා යන දම්පතීන්ට දාව පිරිමි දරුවන් හතරදෙනෙකු ගෙන් යුතු පවුලක බාලයා ලෙස 1868 අප්‍රේල් මස 11 වන දින තෝමස් රුද්‍රිගෝ මැතිතුමා ජන්මලාභය ලබා ඇත. එතුමා තම පාසල් අධ්‍යාපනය ලබා තිබෙන්නේ මොරටුව වේල්ස් කුමර විද්‍යයාලයෙනි.

පාසල් අධ්‍යාපනයෙන් පසුව නීතිපති දෙපාර්තමේන්තුවේ එවකට සොලිසිටර් ජෙනරාල්වරයාගේ කාර්යය මණ්ඩලයේ ලිපිකරුවෙකු ලෙස මෙතුමා තම වෘත්තිය ජිවිතය ආරම්භ කරන ලදී. එකල රාජ්‍ය සේවයේ ලිපිකාර තනතුරක් ලබා ගැනීම ඉතා සුවිශේෂි ජයග්‍රහණයක් විය. එම ජයග්‍රහණය වඩාත් අද්විතිය වන්නේ නීතිපති දේපාර්තමේන්තුවේ එවකට සොලිසිටර් ජෙනරාල්වරයාගේ කාර්යය මණ්ඩලයේ ම පත්වීමක් ලද නිසා ය. නියමිත කාලයට පෙර නීතිපති දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම යන විටත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලිපිකාර තනතුරට පත්වීමට තරම් එතුමා සැබෑ දක්‍ෂයෙකුව සිටියේ ය.

නීතිපති දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගත් මෙතුමා ඊට පසුව වැවිලි ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරික කටයුතු සඳහා යොමුව ඇත. වල්ගම Rock Cave වතු යාය මෙතුමා විසින් මුල් කාලීනව මිලදී ගෙන ඇත. පසුව තම ව්‍යාපාර ක්ෂේත‍්‍රය පුළුල් කරමින් පැගොඩා ටී රූම් සහ ග්‍රීන් කැබීන් ව්‍යාපාරය ආරම්භ කරමින් ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ සුවිශේෂි ලකුණක් සනිටුහන් කිරීමට සමත් විය. මෙතුමාගේ දැන උගත්කම සහ හැකියාව නිසා බි‍්‍රතාන්‍ය ආණ්ඩුව විසින් මෙතුමාට මුදලිඳු (Mudliar) තනතුරක් ප්‍රදානය කර ඇත.

බේරුවල එමිලි රොස්ලින් ප්‍රනාන්දු මෙනවිය සමඟ විවාහ වූ මෙතුමා පුතුන් තිදෙනෙකු සහ දියණියන් පස්දෙනෙකුගේ ආදරණීය පියෙකි.

ශ්‍රී සුමංගල විද්‍යාලය ආරම්භ කිරීමේ මුල් අඩිතාලම දැමීමෙන් නො නැවතුණු මෙතුමා තම ජීවිතය පුරාවට ම ශ්‍රී සුමංගලයේ දියුණුව වෙනුවෙන් නිබඳව කටයුතු කළේ ය. 1938 වර්ෂයේ දී විද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ ප්‍රධාන නිලයට පත්වීමට තරම් මෙතුමා සුමංගලය හා සම්බන්ධ වී සිටියේ ය. 1945 ඔක්තෝම්බර් මස 07 වන දින තම ජිවන ගමන නිම කළ මෙතුමාගෙන් ශ්‍රී සුමංගලයට සිදු වු නොනිමි මෙහෙවර අගයනු වස් එවක පාලන අධිකාරිය පාසලේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරන ලද්දේ ඔක්තෝම්බර් මස 08 වන දාය.

පාසලේ විකාශනය

පාසල ආරම්භ වූ දිනයේ ඇතුළත් වු ශිෂ්‍ය සංඛ්‍යාව 77ක් ලෙස සටහන්ව ඇත. එවක පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි වොල්ටර් සල්ගාදු සහ රිචඞ් සල්ගාදු යන දෙසොහොයුරෝ පාසලේ මුල්ම ශිෂ්‍යයින් දෙපළ ලෙස ලියාපදිංචි වී ඇත. වර්තමානයේ පාසලේ සිසුන් සංඛ්‍යාව 3500 ඉක්මවා ඇත. ආරම්භක දිනයෙහි ගුරුවරුන් දෙදෙනෙකු ආචාර්යය මණ්ඩලයට එක්ව සිටි අතර, වර්තමානයේ එම සංඛ්‍යාව 134 ක් පමණ වේ. පාසලේ ආරම්භක විදුහල්පතිවරයා වුයේ තෝමස් ඊ. ගුණරත්න මැතිතුමායි. ඉන්පසුව විදුහල්පතිවරුන් ගණනාවක්ම පාසල සාර්ථකත්වය කරා මෙහෙයවනු ලැබීය.

1940 දශකය වනවිට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙද්දි වැඩිවන ශිෂ්‍ය ප්‍රජාවේ අධ්‍යන සහ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා රන්කොත් විහාර භුමි භාගය ප්‍රමාණවත් නොවීය. ඒ අනුව පාසල වෙනත් භුමි භාගයකට ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳ කළමණාකාරීත්ව මණ්ඩලයේ අවධානය යොමුවිය.

තමන් උගත් පාසලට අවශ්‍ය බිම් ප්‍රමාණය ලබා දීමට ඉදිරිපත් වුයේ පාසලේ ආරම්භක ශිෂ්‍යයා වූ වොල්ටර් සල්ගාදු මහතායි. එතුමා විසින් නල්ලූරුවේ පිහිටි තම අක්කර 2 ක ඉඩමක් පාසලට පරිත්‍යාග කරනු ලැබු අතර, ඒ සමඟම කොරනේලිස් පෙරේරා මැතිතුමාගේ බිරිඳ වූ සිසිලියා පෙරේරා මැතිණිය අක්කර 2 1/4 ක ඊට යාබද ඉඩමක් පාසලට පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වුවාය. ඒ අනුව අක්කර 4 1/4 ක භුමි භාගයක් ආරම්භයේ දීම නව පාසලට උරුම වී කළමණාකාරීත්ව මණ්ඩල වාර්තාවේ ඒ සම්බන්ධව මෙසේ වාර්තා වී ඇත.

The land on which this building is situated was donated by Mr. Walter Salgado, the first boy to be admitted to Sri Sumangala College in 1909 and son of one of the original founders. He donated 2 acres of land this was immediately followed by another generous donation of 2 1/4 acres by the late  Mrs. M.C. Perera, the widow of one of the original founders.

එහි ප්‍රතිඵලය වුයේ සුමංගලයේ ප්‍රාථමික අංශයේ පංති රන්කොත් විහාර භුමියේ තිබියදීම ද්විතික අංශයේ පංති නල්ලූරුව භුමි භාගයේ ඒ සම්බන්ධව කළමණාකරණ මණ්ඩල වාර්තාවේ මෙසේ සටහන්ව ඇත.

In 1940, largely due to the enthusiasm of Mr. D. S. Fernando an old boy, steps were taken to remove the college from its over- crowded and unsuitable location to this site, and on the 24th March, 1940, the foundation stone of this building was laid by Mr. P. De. S. Kularatne.

ඒ අනුව 1940 මාර්තු 24 වන දින පි.ද.එස්. කුලරත්න මැතිතුමා විසින් මුල් ගල් තැබු නල්ලූරුවේ විදුබිමේ මුල් ගොඩනැගිල්ල නිමවා වැඩ අවසන් කරනු ලැබුවේ 1942 වර්ෂයේදී ය. වසර 2 ක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රතාපවත් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට පානදුරේ දානපතිහු නොමසුරුව ආධාර කළහ. පැය. 3 ක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් දහසය දහස (රු. 16,000/-) ක මුදලක් ගොඩනැගිලි අරමුදලට එකතු වී තිබුණි. ආදි ශිෂ්‍යයෙකු වු ද පානදුර නගර සභාවේ එවක සභාපතිවරයා ද වු ඩබ්. ලියෝ ප්‍රනාන්දු මැතිතුමා තම පුද්ගලික වියදමින් පාසලේ ප්‍රධාන ශාලාව ඉදිකර දීමේ කටයුත්ත භාරගනු ලැබීය.

ඒ සඳහා අපේක්‍ෂිත මුදල වුයේ රුපියල් දොළොස් දහස් එකසිය හැත්තෑ දෙක (රු. 12,172/-) කි. දෙවන ලෝක සංග්‍රාමයේ පැවති යුගයේ විදේශිය අධ්‍යාපනය හදාරා නැවත මව් රටට එමින් සිටිය දී තමන් පැමිණෙමින් තිබු නැව මතට එල්ල වූ බොම්බ ප්‍රහාරයකින් අකාලයේ මිය ගිය තම ආදරණිය පුතණුවන් වූ බෙන්ජමින් කැල්වින් දියෙස් මැතිතුමා සිහිවනු පිණිස පි.සී.එච්. දියෙස් මැතිණිය විසින් රුපියල් දසදහස (රු. 10,000/-) ක වියදමින් රසායනික විද්‍යාගාර ගොඩනැගිල්ල නිමවා දී එයට අවශ්‍ය භාණ්ඩ ද පරිත්‍යාග කළාය.

මේ සම්බන්ධ කළමණාකාරිත්ව මණ්ඩල වාර්තාවේ මෙසේ සටහන් වි ඇත.

A sum of Rs 16,000 was collected within three hours from Panadura residents, and within the next week , Mr. W.  Leo Fernando, Chairman of the Panadura Urbaun Council, also an old boy, very  generously undertook to put up at his expence  the Assembly Hall at a cost of Rs 12.172 and Mrs P C H dias the widow of one of the founders ,donated Rs 10,000/= for the science Block in memory of her sonz Ben ,who was one of tragic victims of the war.mrs dias bhas also very kindly offered to equip the laboratory with the necessary fittings.

1922 ඔක්තෝම්බර් මස 28 වන දින ආරම්භ කරන ලද ආදි ශිෂය සංගමය ද මෙම ප්‍රධාන ගොඩනැගිල්ල ඉදි කිරීමේ කාර්යයයෙහි උද්යෝගිමත්ව නිරත වූයේ රුපියල් එකදහස් තුන්සිය විසි දෙකයි ශත පනස් නවය (රු. 1322.59/-) ක මුදලක් පරිත්‍යාග කරනු ලැබීය. ඒ බව අදාල වාර්තාවේ මෙසේ සටහන්ව ඇත.

The old boys very enthusiastically undertook a special collection campaign and helped the funds with a collection of Rs. 1,322/59. Mr. Dick H. Dias with the help of the then Principal, Mr. A. M. De. Silva and the old the present boys staged a play for the purpose of helping the funds and collected a sum of Rs. 954/83.

ඉන්පසුව වරින්වර පාසලට නව ගොඩනැගිලි එකතු විය. 1945 වර්ෂය වනවිට ප්‍රධාන ගොඩනැගිල්ලට පිටුපසින් තවත් පන්ති කාමර 5 ක් කාණ්ඩ දෙකකට ඉදිවු අතර, 1956 මාර්තු 1 වන දා ශ්‍රී ලංකා ජනරජයේ අග‍්‍රමාත්‍යව සිටි ශ්‍රීමත් ජොන් ලයනල් කොතලාවල මහතා විසින් නව දෙමහල් ගොඩනැගිල්ලකට මුල්ගල තැබු අතර පසු කලෙක ජීව විද්‍යා අංශයේ සිසුන්ට සහ 10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ට සෙවණ දුන් ගොඩනැගිල්ල එය විය. 1990 වර්ෂයේ ජුනි මස 17 වන දින විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලට පිටුපසින් තිබු රසායන විද්‍යාගාරයට යාබදව ක්‍රීඩාපිටියට මුහුණලා පන්තිකාමර සහිත ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම සිදුවු අතර, එම වර්ෂයේදීම නව පරිගණක විද්‍යාගාරයක් ද විවෘත වුණි.1992 වර්ෂයේ ජුනි මස 4 වන දින හටගත් ධාරානිපාත වර්ෂාවකින් රන්කොත් විහාරයේ උඩ මළුවේ තාප්පය සහ එකී කොටසේ කඩා වැටීමෙන් සුමංගලයේ මුල් ගොඩනැගිල්ලට බලවත් හානි සිදු වූ අතර, ප්‍රාථමික අංශය නල්ලූරුව භුමි භාගයට ගෙන ඒමේ සාකච්ඡා ආරම්භ විය. ඒ අනුව ප්‍රාථමික අංශය වෙනුවෙන් තාවකාලීක පංති පේළියක් ක්‍රීඩා පිටියේ බස්නාහිර මායිමේ ඉදි විය.

දෙස් විදෙස් කෙළිබිම ජයගත් ක්‍රීඩකයින් බිහි කළ නල්ලූරුව ක්‍රීඩාපිටියට ආදි ශිෂ්‍ය සංගමයේ මුලිකත්වයෙන් සංවර්ධනය කිරීම ඇරඹුනේ 1987 ජනවාරි 17 වන දායි. අදියර තුනක් යටතේ රුපියල් ලක්‍ෂ දහ නවයකට ආසන්න මුදල් වැය කර ඉදි කරනු ලැබු ක්‍රීඩා පිටිය සිසු අයිතියට පත් කිරීම එවක අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි රිචඞ් පතිරණ මහතාගේ සුරතින් 1996 ජනවාරි 19 වන දා සිදු විය. පසුකාලීනව පාසලේ ප්‍රාථමික අංශයේ දරුවනට සෙවණ දුන් ප්‍රාථමික අංශයේ තෙමහල් ගොඩනැගිල්ල ද එදිනම අමාත්‍යවරයා විසින් මුල් ගල් තැබීමෙන් වැඩ ආරම්භ විය.

පාසලේ ඉතිහාසය පරීක්‍ෂා කිරීමේ දී 1911 මැයි 16 වනදා රජයේ ආධාර ලබන විද්‍යායතනයක් ලෙස ලියාපදිංචි කර ඇත. කළමණාකාරීත්ව මණ්ඩලයක් මගින් පාලනය වූ ශ්‍රී සුමංගල විද්‍යාලය 1962 පෙබරවාරි මස 10 වන දා රජයට පවරා ගන්නා ලදී. ශ්‍රී සුමංගල විද්‍යාලයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්ති 1955 වර්ෂයේ ආරම්භ වී ඇති අතර, 1961 වර්ෂයේ සමස්ථ ලංකාවේම විද්‍යා අංශයේ හොඳම ප්‍රතිඵල වාර්තා කිරීමට පාසල සමත් විය. එවක විදුහල්පති ධූරය දරනු ලැබුවේ කේ.එල්.වී. අලගියවන්න මැතිතුමායි.

1993 වර්ෂයේ දී පාසල ජාතික පාසලක් බවට උසස් වීම් ලැබුවේ ඞී.ඊ. ජයනෙත්ති විදුහල්පතිතුමාගේ කාලයේ දී ය. අප 115 වන ජන්ම දිනය සමරන්නේ ශ්‍රී ලංකා පාසල් වර්ගීකරණයේ පළමු වන ශ්‍රේණියේ පාසලක් වශයෙන් වීම ආඩම්බරයට කරුණකි.

අප පාසල ද 2004 දෙසැම්බර් මස 26 වන දා ඇති වූ සුනාමි ව්‍යසනයෙන් ගොදුරක් බවට පත් විය. දහසකුත් තර්ක විතර්ක මධ්‍යයේ පාසල වර්තමානයේ පිහිටා ඇති වෑකඩ වලව්වත්ත ප්‍රදේශයට ගෙන යාමට තීරණය විය. ඒ අනුව 1942 අගොස්තු මස 07 වන දා නල්ලූරුව විදු බිමේ ආරම්භ වු ශ්‍රී සුමංගලය 2005 සැප්තැම්බර් 16 වන දා අවුරුදු 53 කුත් මාසයකට පසුව එම භුමියට සමුදෙන ලදි.

ජපන් රජයේ මුල්‍ය ආධාර මත ඉදි වු නව පාසල 2009 අප්‍රේල් මස 23 වන දින ප. ව. 4.32 ට යෙදුණු සුභ මොහොතින් සිසු අයිතියට පත් කරන ලදී. නව පාසලට අභිමානයක් එක් කරමින් ආදි ශිෂ්‍ය පෙර සිංහාධිපති රෝහාන්ත ද ෆොන්සේකා මැතිතුමාගේ ප්‍රධාන මුල්‍ය ආධාරයෙන් පිහිනුම් තටාකයක් තිළිණ වී ඇත. ශ්‍රී සුමංගලයට හා බද්ධ වූ සංගම් ගණනාවක්ම මේ වන විටත් සුමඟුල් මාතාවගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරනු ලබයි.

පාසල වසර 115 ක් සම්පූර්ණ කරන අද දිනයේ විද්‍යාලයේ විදුහල්පතිතුමා ලෙස රවීන්ද්‍ර පුෂ්පකුමාර මහතා කටයුතු කරන අතර, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස සම්පත් බැංකුවේ හිටපු කළමණාකරණ අධ්‍යක්‍ෂක අරවින්ද පෙරේරා මැතිතුමා කටයුතු කරනු ලබයි. ආදි ශිෂ්‍ය සංගමයද පාසල සමග නිබදව අත්වැල් බැදගෙන සිටින්නීය. පාසලේ අධ්‍යාපන මෙන්ම විෂය භාහිර ක්‍රියාකාරකම් පෝෂණය කිරීමෙහිලා සුවිශේෂ කාර්යභාරයක් ආදි ශිෂ්‍ය සංගමය මගින් සිදු කරනු ලැබේ.

වසර 115 ක අභිමානවත් ඉතිහාස ගමන් මඟ පිළිබඳව අපි ඇගේ සුජාත පුත්‍රයන් ලෙස සතුටු වන්නෙමු. ඉතිහාසයේ බිහි කලා සේම අනාගතයේ දීත් ලක්මවට වැඩදායි පුතුන් සිය දහස් ගණනින් බිහි කිරීමට සුමඟුල් මාතාවට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නේමු.

සුමඟුල් මාතාව සදා සැරදේවා!

ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය

Congratulations, Sri Sumangala College 🎉

Our beloved alma mater has achieved the extraordinary milestone of being upgraded to a 1AB Class 1 National School! 🏫✨🇬🇦

This monumental achievement is not just a testament to the relentless dedication and hard work of the college, students, and administration but a beacon of excellence that lights the way for future generations. As Sumangalians, we’ve always known the potential that lies within the halls of our esteemed institution, and today, authorities recognize it too!

🌍 To every Sumangalian, spread across the corners of the globe, let’s take a moment to bask in the glory of our alma mater’s success. This is not just an upgrade in status; it’s a recognition of our collective spirit, our undying commitment to excellence, and our unwavering resolve to contribute positively to society.

💙💛💚 Let’s Celebrate Together! 💙💛💚

On behalf of Sri Sumangala College Old Boys’ Association (SSCOBA), we extend our deepest gratitude to Sumangalian Mayura Edirisinghe, who lives in Melbourne, Australia and Sumangala 96 Batch for their generous donation of 16 laptops and an Epson Multimedia Unit to the college. This thoughtful gesture significantly enhances our college’s educational resources.

A special mention goes to the college Photographic Society, the proud recipient of one of these laptops. This contribution will undoubtedly nurture the creative talents of our aspiring photographers.

We commend Dinesh Ketipearachchi, Joint Secretary of SSCOBA, for his exemplary role in initiating and coordinating this donation. His dedication and organizational skills have been pivotal in this successful endeavour.

Our sincere thanks to Sumangalian Viraj Silva for his assistance in the customs clearing of the laptops, ensuring a smooth and efficient process.

Additionally, we are immensely grateful to SSCOBA Vice President Chamath Dias for his invaluable support in both the donation and custom clearing process. His commitment to our association and its objectives is highly appreciated.

These contributions reflect the enduring spirit and solidarity of the Sumangalian community. Your efforts not only aid in the present development of our college but also pave the way for future generations. Thank you for your generosity and unwavering support.

Master Viranga Randunu Jayawaradana is the proud winner of the T. Sarath Fernando Memorial Award for 2023 for his outstanding results at the advanced level examination in 2022. The prize, a brand new laptop was awarded to the student at a function held at the college on 17th December 2023 with the participation of the family members of the late Mr. Sarath Fernando, the Principal Mr. Raweendra Pushpakumara, the President of SSCOBA Mr. Aravinda Perera, the SSCOBA Advisor Mr. Mahesh Fonseka, Joint Secretaries and Treasurer of SSCOBA, a couple of Vice Presidents and members of the Executive Committee.

The family of the late Mr. Sarath Fernando and SSCOBA wish all the very best for the future of Viranga Randunu Jayawaradana who obtained 3As with a Z-score 2.541, District Rank: 3 and gained admission to the prestigious University of Moratuwa to follow a degree in Engineering.

The SSCOBA would like to thank the son and daughter of the late Mr. Sarath Fernando and their family members for their continuous effort in awarding this prize annually.

It is with immense pride and a sense of accomplishment that we extend our heartfelt gratitude to several pivotal figures and groups who have played a crucial role in ushering Sri Sumangala College into a new era of technological advancement.

First and foremost, we would like to express our deepest appreciation to the IT Subcommittee of the Sri Sumangala College Old Boys’ Association (OBA). Your dedication and expertise have been instrumental in developing the Online A/L Admission Application, a significant milestone for our esteemed institution. This remarkable project, initiated at the behest of our respected Principal, Mr. Raweendra Pushpakumara, stands as a testament to your commitment to innovation and progress.

The launch of this application marks a historic moment for Sri Sumangala College, as it is the first time in our long and storied history that the A/L Admission process has been made available online. This noteworthy achievement not only highlights our college’s adaptability and forward-thinking approach but also places us among the pioneers in Sri Lanka’s educational landscape. It is a moment of great honour to be recognized as one of only two schools in the entire nation to have implemented such a progressive system.

This innovative step is more than just a technological upgrade; it is a reflection of our commitment to enhancing the educational experience for our students and easing the administrative processes for our dedicated staff. By embracing technology, we are not only streamlining our admission procedures but also setting a benchmark for others to follow.

In this light, we wish to extend our sincere thanks to the entire team involved in this project, including the IT Subcommittee, the OBA, our visionary Principal Mr. Pushpakumara, and the college administration. Your collaborative efforts have not only made this project a success but have also laid a strong foundation for future technological initiatives.

As we move forward, let us remain steadfast in our goal to leverage technology to improve our educational and administrative functions. This initiative is a significant step in ensuring that Sri Sumangala College continues to provide a conducive environment for learning, where the focus remains firmly on student education and other critical areas.

Once again, we congratulate everyone involved in this groundbreaking project. Your hard work and dedication have truly made a difference in the lives of our students and the broader community. Let us continue to work together, with the same spirit of innovation and collaboration, to usher Sri Sumangala College into an even brighter future.

Mr. Aravinda Perera, the President of Sri Sumangala College Old Boys’ Association, has achieved remarkable recognition in the Business Today TOP 40 list for 2022-2023. His exceptional leadership skills have earned him two prominent positions on the list: he is ranked at number 21 for his role as the Managing Director of Royal Ceramics Lanka, and at number 35 for his contributions as the Chairman of Pan Asia Banking Corporation.

The entire Sumangalian community celebrates this achievement and extends heartfelt congratulations to Mr. Perera. We are immensely proud of his accomplishments and his continuous efforts to bring honor to our alma mater.

We wish him continued success and hope that he keeps inspiring us with his remarkable achievements.

TOP