×

2024 ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන්….

/ / News & Events

“හොදම දේ දරුවන්ට” යන්න තේමාව කරගත් ශ්‍රී සුමංගල විද්‍යාලයේ අදී ශිෂ්‍ය සංගමයේ 2024/25 වර්ෂයේ විධායක කමිටුව ‘සුමගුල් පුතුන්ගේ අධ්‍යාපන හා කුසලතා සංවර්ධනය’ තම ප්‍රමුඛ කාර්‍ය ලෙස සලකයි.

එකී දැක්ම හා යමින් විදුහල්පතිතුමා සහ ගුරු මණඩලය සමග එක්ව 2024/09/15 දිනට නියමිත 5 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනීසිටින දරුවන් වෙනුවෙන් අනුයාත ප්‍රශ්න පත්‍ර වලට අමතර පුහුණු වැඩමුළු මාලාවක් ආදි ශිෂ්‍ය සංගමයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කර ඇත.

එහි ආරම්භක වැඩසටහන පසුගියදා ඉතා සාර්ථකව පැවැත්වු අතර දෙවන වැඩ සටහන අගෝස්තු මස 13 දින පැවැවේ.

මෙම වැඩමුළුව සාර්ථක කරගැනීමට දායක වන සරත් ආනන්ද ගුරුතුමාටත් සහ ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ටත් විශේෂ ස්තූතිය පුද කරන්නෙමු.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රාථමික අංශ සංවර්ධන අනුකමිටුව සිදුකරයි.

TOP