ආදී ශිෂ්‍ය, වර්තමාන විධායක සභික ධනුෂ්ක සංජය ප්‍රනාන්දු මහතා තමන්ගේ දරුවන් දෙදෙනාගේ ශ්‍රවණාධාර උපකරණ අලුත් කිරීම සඳහා උපකාරයක් පතයි
![IMG-20210605-WA0002](https://sumangalaoba.com/wp-content/uploads/2021/06/IMG-20210605-WA0002-420x280_c.jpg)
![IMG-20210605-WA0002](https://sumangalaoba.com/wp-content/uploads/2021/06/IMG-20210605-WA0002-420x280_c.jpg)
අප ආදී ශිෂ්‍ය කේ. ධනුෂ්ක සංජය ප්‍රනාන්දු මහතා වර්තමානයේ අප සංගමයේ විධායක සභිකයෙකු ලෙස කටයුතු කරනු ලබයි. එසේම ඔහු පාසලේ බාලදක්ෂ කණ්ඩායමේ ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙස සහ ශිෂ්‍ය භට කණ්ඩායමේ ස්වේච්ඡා පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කරයි.
ඔහුගේ දරුවන් තිදෙනාගෙන් බාල දරුවන් දෙදෙනා උත්පත්තියෙන් උග්‍ර ශ්‍රවණාබාධයක් සහිත දරුවන් දෙදෙනෙකු වන අතර ඔවුන් දැනට භාවිතා කරන ශ්‍රවණාධාර උපකරණ නිෂ්පාදනය නවත්වා ඇති බැවින් ඔවුන්ට ඉතා ඉක්මණින් නව යන්ත්‍ර ලබා ගත යුතු බවට වික්‍රමාරච්චි ආයතනය පවසා ඇත. එක් දරුවෙකුගේ යන්ත්‍රයක් සඳහා රුපියල් ලක්ෂ විසි හතරක් (ලක්ෂ 24) වැය වන අතර දරුවන් දෙදෙනාම සඳහා ලක්ෂ 48ක් බව එම ආයතනය ලිපියක් මගින් සඳහන් කර ඇත.
මෙම විශාල මුදල සොයා ගැනීම සඳහා ආදී ශිෂ්‍ය සංගමයේ සහයෝගය ඉල්ලා ලිපියක් ඔහු ඉදිරිපත් කල අතර විධායක සභාවේ අනුමැතිය මත එම ලිපිය සහ අදාල ලියකියවිලි මෙසේ අප ඉදිරිපත් කරන්නෙමු.
දරුවන් දෙදෙනා වෙනුවෙන් මෙම ශ්‍රවණාධාර යන්ත්‍ර මිලදී ගැනීමට ඔබ සැමගේ සහයෝගය ඔහු විසින් බලාපොරොත්තු වන අතර මේ සඳහා ලැබෙන ආධාර මුදල් ඔහුගේ ගිණුමට හෝ වික්‍රමාරච්චි ආයතනයේ දරුවන්ගේ නමින් සෘජුව තැන්පත් කර එම ලදු පත ඔහු හට ලැබෙන්නට සලස්වන වන මෙන් ඔහු ඉල්ලා සිටිනු ලැබේ.
මේ සඳහා උදව් උපකාර කරන ලෙස ආදී ශිෂ්‍ය සංගමය ලෙස අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.
වැඩි විස්තර සඳහා 070 251 0510 හරහා ධනුෂ්ක සංජය ප්‍රනාන්දු මහතා අමතන්න.
![](https://sumangalaoba.com/wp-content/uploads/2021/06/dhanushka-children-donation-request-936x1024.jpg)
![](https://sumangalaoba.com/wp-content/uploads/2021/06/dhanushka-children-donation-request-936x1024.jpg)
![](https://sumangalaoba.com/wp-content/uploads/2021/06/IMG-20210605-WA0001-768x1024.jpg)
![](https://sumangalaoba.com/wp-content/uploads/2021/06/IMG-20210605-WA0001-768x1024.jpg)
![](https://sumangalaoba.com/wp-content/uploads/2021/06/IMG-20210605-WA0002-768x1024.jpg)
![](https://sumangalaoba.com/wp-content/uploads/2021/06/IMG-20210605-WA0002-768x1024.jpg)
![](https://sumangalaoba.com/wp-content/uploads/2021/06/Freedom_300x300.png)
![](https://sumangalaoba.com/wp-content/uploads/2021/06/Freedom_300x300.png)
![](https://sumangalaoba.com/wp-content/uploads/2021/06/Kanso2-SoundProcessor-Components.png)
![](https://sumangalaoba.com/wp-content/uploads/2021/06/Kanso2-SoundProcessor-Components.png)
![](https://sumangalaoba.com/wp-content/uploads/2021/06/IMG_20210605_171347-766x1024.jpg)
![](https://sumangalaoba.com/wp-content/uploads/2021/06/IMG_20210605_171347-766x1024.jpg)
![](https://sumangalaoba.com/wp-content/uploads/2021/06/IMG_20210605_171437-766x1024.jpg)
![](https://sumangalaoba.com/wp-content/uploads/2021/06/IMG_20210605_171437-766x1024.jpg)
![](https://sumangalaoba.com/wp-content/uploads/2021/06/IMG_20210604_155646-766x1024.jpg)
![](https://sumangalaoba.com/wp-content/uploads/2021/06/IMG_20210604_155646-766x1024.jpg)
![](https://sumangalaoba.com/wp-content/uploads/2021/06/IMG_20210604_155635-766x1024.jpg)
![](https://sumangalaoba.com/wp-content/uploads/2021/06/IMG_20210604_155635-766x1024.jpg)