×

ATTENTION – VERY IMPORTANT | අවධානය පිණිසයි – ඉතා වැදගත්

/ / News & Events

Having established in 1922 and being the legally constituted body, Sri Sumangala College Old Boys’ Association (SSCOBA), would like to inform the membership that in the most recent past an organisation with a similar name to our SSCOBA has been established by a small group of our OBA members.

In the recent SSCOBA Executive committee meeting held on 19/01/2020, we have brought this matter to the notice of the previous Principal and he confirmed that the members of this NEW association with the name “Old Sumangalians’ Union” have approached him to get the official recognition to this newly formed “Union” and in reply, he has confirmed / assured to our SSCOBA Executive Committee that our SSCOBA will only be recognized as the official Old Boys’ Association of our College along with other Associations which are currently work in hand in hand with our SSCOBA. Therefore we wish to inform our membership, that we are NOT in any way responsible for any activities or fundraising projects carried out by this group of members of this newly formed Union or others who are working with this group and its validity in the consideration of the year one student enrollment etc.

Also some of our members have contacted and informed us that they have been approached & misled by the members of this Union. Therefore we kindly request our SSCOBA members NOT to be misled by this newly formed Union as a part of our SSCOBA which was founded in 1922.


1922දී නීත්‍යානුකූලව ආරම්භ කළ අප ආදී ශිෂ්‍ය සංගමයේ නාමයට සමාන නමකින් යුත්, ඉතා කුඩා ආදී සිසුන් පිරිසක් විසින් ආරම්භ කර ඇති සංගමයක් පිළිබඳව අප සාමාජිකයන්, අනෙකුත් ආදී ශිෂ්‍යයන් හා සුභ පතන්නන් දැනුවත් කිරීම මෙහි අරමුණයි.

19/01/2020 දින පැවති අප සංගමයේ මාසික විධායක සභා රැස්වීමේදී මේ සම්බන්ධව හිටපු විදුහල්පතිතුමාගේ අවධානය යොමු කළ අතර එහිදී එතුමා සඳහන් කළේ මෙම ආදී සිසුන් පිරිස “Old Sumangalians’ Union” ලෙස තමා හමුවී එම සංගමය නීත්‍යානුකූල බවට පිළිගන්නා ලෙස ඉල්ලූ බවත්, නමුත් තමා ඔවුන් හට තහවුරු කර සිටියේ ආදී ශිෂ්‍ය සංගමය (Old Boys’ Association – SSCOBA) හා එහි අනුබද්ධ, ඒ හා අත්වැල් බැඳගෙන වැඩ කටයුතු කරන සංගම් හා සමූහ පමණක් නීත්‍යානුකූල බවත්ය.

එම නිසා එම ආදී ශිෂ්‍යයන් කිහිප දෙනා ගන්නා ක්‍රියා මාර්ග හා මුදල් උත්පාදන කටයුතු පිළිබඳව අප සංගමය වගකියනු නොලබන අතර විශේෂයෙන් එම නීත්‍යානුකූල නොවන සංගමය ලබන වසරේ පළමු වසර සඳහා සිසුන් ඇතුලත් කිරීම පිළිබඳව කරණු ලබන ක්‍රියාකාරකම් පිළිබඳව පාසල පිළිගත් ආදී ශිෂ්‍ය සංගමය වශයෙන් අප සංගමය වගකියනු නොලැබේ.

එසේම එම නීත්‍යානුකූල නොවන සංගමයේ සිටින ආදී සිසුන් කිහිප දෙනා අප ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් සහ අනෙකුත් ආදී සිසුන් නොමඟ යවමින් අසත්‍ය ප්‍රචාරයන් සිදු කරන බවට අප සාමාජිකයන් හා අනෙකුත් ආදී සිසුන් අපව දැනුවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසද අප සංගමයේ සාමාජිකයන්ගෙන්, අනෙකුත් ආදී ශිෂ්‍යයන්ගෙන් හා සුභ පතන්නන්ගෙන් ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය වශයෙන් අප ඉල්ලා සිටිමු.

TOP