2025 Annual General Meeting and Get Together


ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ 2025 වසරේ වාර්ෂික මහා සභාව පසුගිය සෙනසුරාදා (28) පෙ.ව. 8.30ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදි පැවැත්වුනි.
ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම මහා සභාවේදී 2025/2026 වර්ෂ කාලය සදහා නිලධාරී මඩුල්ල පත්කර ගත් අතර අමිල නාවලගේ මහතා ගරු සභාපතිවරයා ලෙසත්, දිනේෂ් කැටිපෙආරච්චි සහ නුවන් රණමයුර මහතා ගරු සම ලේකම්වරුන් ලෙසත් ප්‍රභාත් තාරක මහතා ගරු භාණ්ඩාගාරිකවරයා ලෙසත් නිතරගයෙන් පත් කරගන්නා ලදී.
එමෙන්ම සෙසු නිලධාරීන් සහ විධායක මණ්ඩල සාමාජිකයන්ද පත් කරගන්නා ලද අතර සභාවාරය ඉතා සාර්ථක ලෙස අවසන් කරන ලදී.
වාර්ෂික මහා සභාවට සමගාමිව පවත්වන රාත්‍රී භොජන සංග්‍රහය සහ වාර්ෂික සුහද හමුවද සෙනසුරාදා දින සවස 6.30 සිට වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටල් පරිශ්‍රයේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී. මෙවර සුහද හමුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු මෙන්ම ආදී ශිෂ්‍ය සංගමයේ හිටපු සම ලේකම්වරයෙකුද වන සරත් අල්විස් මහතා සහබාගීවූ අතර ගෞරවනීය ආරාධිත අමුත්තා වශයෙන් විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍ය ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගමේ කපිතාන් කසුන් හේවගේ මහතා සහබාගී විය.
ඉතා සාර්ථකව සහ අලංකාරවත් ලෙස සංවිධානය කර තිබූ මෙම සුහද හමුව 350කට අධික ආදි ශිෂ්‍යයන් ප්‍රමාණයක්ගෙන් වර්ණවත් විය. ආයු සංගීත කණ්ඩායම සංගීත්වත් කල මෙම හමුවේදි පැමිණ සිටි ආදි සිසුන් කීපදෙනෙකුටම කුසපත් ඇදීමෙන් වටිනා ත්‍යාගද හිමිවිය.
නිල ඡායාරූප නොබෝ දිනකින් බලාපොරොත්තුවන්න.
The 2025 Annual General Meeting of SSCOBA was held at the College Auditorium on 28th June 2025 from 0830Hrs onwards, and the evening get-together was held at The Blue Water Hotel at Wadduwa on the same evening, 28th June from 1800Hrs onwards. Mr. Amila Nawalage was re-elected unanimously as the President for the year 2025/2026. Dinesh Katipearachchi and Nuwan Ranamayuru elected as Joint Secretaries while Prabath Tharaka re-elected as the Treasurer.
The Chief Guest at the evening get together was our distinguished old boy, Mr. Sarath Alwis, former Joint Secretary of SSCOBA and the Guest of Honour was our distinguished old boy, Captain Kasun Hewage, Captain at Sri Lankan Airlines. Both morning and evening events were successful & well attended.
The evening event became more colourful due to the presence of the wives of our old boys. Several prizes were drawn during the evening get together. Ayu band enthralled the audience with their music.
Official photos will be out soon.









































