×

“සුමඟුල් ක්‍රීඩා සැනකෙලියේ” තෙවන අංගය වන වොලිබෝල් ක්‍රීඩා තරගාවලිය විද්‍යාලයීය පරීශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදි

/ / News & Events

පාසලේ සියලු වයස් කාන්ඩ වල නියෝජනය සහිතව තරඟාවලිය පැවතුනි.

සංගමයේ ආරාධනය පරිදි විදුහල්පති නිලූක වීරසිංහ මහතාද මෙම අවස්ථාවට සහභාගී වූ අතර අදාළ ක්‍රීඩාව බාර ගුරු මහත්ම මහත්මීන් සහ පුහුණුකරුද මේ අවස්ථාවට සහභාගී වන ලදි.

මෙම ඉසව්වේ විනිසුරු සහ අධීක්ෂණ කටයුතු ආදි සුමංගලීය වොලිබෝල් ක්‍රීඩකයින් වන චමිල නුවන්, සංජය සම්පත්, විදුර අබේවික්‍රම සහ ශසික ලියනගේ විසින් මෙහෙයවන ලදි.

සංගමය වෙනුවෙන් මෙම ඉසව්ව සංවිධාන කිරීම සහ මෙහෙයුම් පැවැත්වීම අප සංගමයේ උපභාන්ඩාගාරික ප්‍රභාත් තාරක සහ විධායක කමිටු සාමාජික අමර ලංකා යන මහතුන් විසින් සිදු කරන ලදි. මේ සඳහා ඔවුන් දෙපලට සංගමයේ ස්තූතිය පිරිනැමේ.

මෙහිදී උප සභාපති කුමාරසිරි මහතාද, උප සභාපති දිලීක මදුරංග මහතාද, කනිෂ්ඨ ආදි ශිශ්‍ය සංගමයේ සභාපති මලිත් උපමාල් මහතාද සහ විධායක සභික පසන් මදූක යන මහතුන් පෙර පරිදිම දැක්වූ සහයෝගය අගය කරනු ලබන අතර ප්‍රධාන මේසයේ නිලදාරීන් වෙනුවෙන් සහභාගී වූ සම ලේකම් ධනුක කොට්ටහච්චි සහ භාණ්ඩාගාරික දිනේශ් කැටිපේආරච්චි යන මහතුන් දැක්වූ සහය ද අගය කරමු.

තවද නිරතුරුව අපට ශක්තියක් වෙමින් මේ පිලිබඳව සොයා බැලු උපසභාපති කසුන් හේවගේ මහතාද, උපදේශක මහේශ් ෆොන්සේකා මහතාද මෙහිදී මතක් කරමු.

මෙම වැඩසටහන සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමේදී ලබා දුන් සහය වෙනුවෙන් ගරු සභාපති අරවින්ද පෙරේරා මහතා ඇතුළු ප්‍රධාන මේසයේ නිලදාරීන්ට මෙහිදී අපගේ ස්තූතිය පිරිනමන අතර ජයග්‍රාහකයින්ගේ කුසලාන, සහතිකපත් ඉදිරියේදී ලබාදීමට කටයුතු යොදා ඇත.

එමෙන්ම අපගේ ඊලඟ ඉසව්ව වන ටේබල් ටෙනිස් ඉසව්ව සාර්ථකත්වයට ගෙන ඒමට ඔබ සැමගේ සහය අපේක්ෂා කරමු.

සුමඟුල් මව වැජඹෙවා 🇬🇦

TOP