×
Downloan the Membership FormDownload the Special Funds FormCheck Swimming Pool Fees

Latest News & Events

  • Sumangalian Justice K. Priyantha Fernando has been appointed to the Court of Appeal

  • බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ සුවිශේෂී ලකුණක් සනිටුහන් කළ පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යයාලය ආරම්භ වී අදට වසර 116 කි

  • Sumangalian Indika Perera Promoted as a Major General

  • 102nd Old Boys’ Day Events Prize Giving

  • Sumangalian Prof. Kapila Perera, new Secretary to the Ministry of Transport, Highways, Ports and Civil Aviation

QUESTIONS? Call: +94 77 733 0494
  • Membership
  • Merchandises
  • Identity Card
  • SUPPORT

Old Boys' Association | Sri Sumangala College | Panadura | Sri Lanka

  • Home
  • Update Member Details
  • College
  • SSCOBA
    • History
    • Past Presidents
    • Executive Committee
    • Sub Committees
    • Branches
    • Distinguished Members
    • Affiliated Groups
  • Projects
    • Online Learning
  • News & Events
    • Media
      • Photos
      • Videos
  • Contact Us
  • MY CART
    No products in cart.

සුමගුල් රිවිබල – අදියර 2 විකසිත වූ වගයි!!!

Sunday, 09 June 2024 by SSCOBA News Editor

_දීපදෝ හෝති චක්ඛුදෝ – ආලෝකය දීම දෙනෙත් දීමක් වැනිය_ යන බුදුන් වදාළ දෙසුම පෙරටු කොටගෙන, 95/98 ඇමිගෝස් සොයුරන් විද්‍යාලයෙන් නික්මගොස් වසර 25ක් පිරීම සමරනු වස් *සුමගුල් රිවිබල අදියර 2* ක්‍රියාත්මක කිරීමේ අභියෝගය උදෙසා උරදී ඇත.

සුමගුල් මවුන්ගේ සිප් කිරි ලැබ සුපෝෂිත වූ ඇමිගෝස් කණ්ඩායමේ සියළු දෙනා යුතුකමෙහි වගකීම දෙවුර මත ගෙන එම අභියෝගය යථාර්ථයක් කරා ගෙන යාම වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වූවෙමු. ඔවුන් සැමගේ නොමසුරු මූල්‍ය දායකත්වය, එම අභියෝගය ජය ගැනීමෙහි ප්‍රථම හා අසීරුම ඉලක්කය සපුරා ගැනීමට මහත් පිටුවහලක් විය.

ඒ අනුව සුමඟුල් රිවි බල – අදියර 2 ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය මූලික මූල්‍ය පිරිවැය සපුරා ගැනීමෙන් අනතුරුව තෝරාගත් සූර්ය බල සැපයුම් සමාගමක් සමග ගිවිසුම්ගත වීම 2024-06-07 වන අද දින සිදුවූ බව ඔබ සැමට හදපිරි සතුටෙන් දැනුම් දෙමු!!

*ඒ අනුව මිලියන දෙකකට අධික පිරිවැයක් යොදා 10KW ධාරිතාවයකින් යුතු සූර්ය බල පද්ධතියක් ප්‍රාථමික අංශය වෙත ස්ථාපිත කරනු ඇත. එමගින් ප්‍රාථමික අංශයේ සමස්ත විදුලි බිල ශූන්‍ය වන අතර,අතිරික්ත ජනනය මගින් ආදායමක්ද විද්‍යාලයට ලැබෙනු ඇත.*

මෙම ගිවිසුම් අත්සන් කිරීම වෙනුවෙන් සුමඟුල් ගරු විදුහල්පතිතුමන්, තෝරාගත් සූර්ය බල සැපයුම් සමාගමේ නියෝජිතයන්, ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ ගරු ලේකමිතුමන් මෙන්ම පාසල් සංවර්ධන සමිතියේ ගරු ලේකමිතුමන් සහ ඇමිගෝස් 95/98 කණ්ඩායම නියෝජනය කරමින් එහි සහෝදරවරුන් සහභාගී වන ලදි. එහිදී අදාල ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කරන ආකාරය හා ඊට අදාළ තාක්ෂණික කරුණු කාරණා පිළිබඳ විස්තරාත්මකව සාකච්ඡා විය.

කඩිනමින් මෙම ව්‍යාපෘතිය නිම කොට සුමගුල් මවුන් වෙත දායාද කිරීමට ඇමිගෝස් කණ්ඩායම බලාපොරොත්තු වන්නෙමු.

Sumagul Rivi Bala Meheyuma Phase 2

We are proud to announce that the phase two of Sri Sumangala College green energy project is set to go. The contract has been signed with the selected contractor on 07.06.2024 at the college premises. The principal, secretary of OBA, secretary of SDS had witnessed the occasion.

The project anticipates to generate *10KW* electricity thereby zeroing the electricity cost of college’s primary section.

Project cost is approximately LKR 2Mn and this was made possible by all Amigos of 98 Group.

Many thanks for those who had supported in numerous ways.

සුමගුල් මව වැජබේවා… 🇬🇦🇬🇦🇬🇦

Read more
  • Published in News & Events
No Comments

සුමගුල් පුතෙකුගෙන් ඇඹිලිපිටිය කඩදාසි කම්හලට නව ගමනක්.!!!

Friday, 19 April 2024 by SSCOBA News Editor

ශ්‍රි ලංකාවේ දෙවන කඩදාසි කර්මාන්ත ශාලාව ලෙස 1976 වසරේ ආරම්භ කල ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලාව 2013 වසරේ දී වසා දමන ලදි.

සමස්ත ජාතියටම මහත් සම්පතක් වූ මෙම කඩදාසි කම්හල 2024 /04/18 දින අනූනයින් හෝල්ඩිංස් පුද්ගලික සමාගමේ (Anunine Holdings Pvt Ltd) අනුබද්ධ ආයතනයක් වන සීමාසහිත කොරියන් ස්පා පැකේජින් සමාගම යටතේ නැවත සුබ මොහොතින් මෙහෙයූම් කටයුතු ආරම්භ කලේය.

ඩොලර් මිලියන 20 ක ආයෝජනක් මඟින් ආරම්භ කල මෙම කම්හල KSPA Embilipitiya Paper Mills (Pvt) Ltd නමින් මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට නියමිතය.

මෙම සුවිශේෂී ආයෝජනය සිදුකල අනූනයින් හෝල්ඩිංස් පුද්ගලික සමාගමේ (Anunine Holdings Pvt Ltd) හිමිකාරීවය සහ පරිපාලනය දේශබන්දු අනුරත් අබේරත්න මහතා යටතේ පවතී.

හෙතෙම පානදුර ශ්‍රි සුමංගල විද්‍යාලයේ කීර්තිමත්ම ආදි ශිෂ්‍යයෙක් වන අතර විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති වරයෙකු වේ. තවද වත්මන්හී උපදේශකවරයෙක් ලෙස විද්‍යාලයේ දියුණුවට තම දායකත්වය ලබාදෙමින් සිටියි. ඔහු 1976 වර්ෂයේ විද්‍යාලයීය පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ද විය.

සුමගුල් මව වැජබේවා… 🇬🇦🇬🇦🇬🇦

Read more
  • Published in News & Events
No Comments

ශ්‍රී සුමංගල විද්‍යාලයීය ඉංග්‍රීසි මාධ්‍ය සමස්ත ලංකා විවාද තරගාවලියේ මූලික තරග අද දින විද්‍යාලයීය පරිශ්‍රයේදි පැවැත්වීය.

Sunday, 07 April 2024 by SSCOBA News Editor

එහිදී අවසන් මහා තරගය සදහා මහනුවර කිංස්වුඩ් විද්‍යාලය සහ කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය සුදුසුකම් ලබාගත් අතර, අවසන් මහා තරගය උත්සවාකාරයෙන් පැවැත්වීමට නියමිතය.

මෙම කාර්‍ය මනාව සංවිධානය කල විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයටත් සිසු දරුවන්ටත් ප්‍රණාමය පුදකර සිටිමු.

තවද විනිශ්චය කාර්‍ය සදහා දායකත්වය ලබාදුන් පානදුර නීතිඥ සංගමයේ සාමාජිකයන් වෙත ද ස්තුතිය පලකරමු.

හොදම දේ දරුවන්ට ලබාදීම අරමුණු කරගත් ආදි ශිෂ්‍ය සංගමයේ සම්බන්ධීකරණයෙන් South Asian Technologies ආයතනය මේ සදහා මූල්‍ය අනුග්‍රාහක දායකත්වය ලබාදුනි.

සුමගුල් මව වැජබේවා… 🇬🇦🇬🇦🇬🇦

Read more
  • Published in News & Events
No Comments

ලැප්ටොප් පරිඝණක (Laptops) 16 ක් සහ නවීන ප්‍රොජෙක්ටර් (Projector) යන්ත්‍රයක් ආදි ශිෂ්‍ය සංගමයේ මැදිහත් වීමෙන් සිසු අයිතියට

Monday, 01 April 2024 by SSCOBA News Editor

දැනුම බලය වේ…

තොරතුරු තාක්ෂණය විෂය හැදෑරීම සඳහා විද්‍යාලයේ දරුවන්ගේ රුචිකත්වය සීඝ්‍රයෙන් වර්ධනය වුවද පාසැලේ පරිඝණක විද්‍යාගාර ඊට සාපේක්ෂව නව්‍යකරණය නොවීම හේතුවෙන් සුමගුල් පුතුන් දැඩි පීඩාවන්ට පත්වන බව ආදි ශිෂ්‍ය සංගමයේ තොරතුරු තාක්ෂණ අනුකමිටුවේ ඇස ගැටිනි.

හොදම දේ දරුවන්ට ලබාදීම අරමුණු කරගත් ආදි ශිෂ්‍ය සංගමයේ මැදිහත් වීමෙන් විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පහසුකම් ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව වර්ධනය කිරීමට තීරණය කරන ලදී.

මෙහි පළමු අදියරේදී රුපියල් මිලියන දෙක (රු. 2,000,000/=)කට අධික වටිනාකමක් ඇති ලැප්ටොප් පරිඝණක (Laptops) 16 ක් සහ නවීන ප්‍රොජෙක්ටර් (Projector) යන්ත්‍රයක් ආදි ශිෂ්‍ය සංගමයේ මැදිහත් වීමෙන් සිසු අයිතියට ලබාදෙන ලදී.

එහි දෙවන අදියර වශයෙන් රුපියල් ලක්ෂ පහලවකට (රු. 1,500,000/=) අධික පිරිවැයක් දරා උසස් මට්ටමේ නව පරිගනක (Desktops) 25 ක් සපයාදීමට දීමටත් පරිඝණක විද්‍යාගාර අලුතින් ජාලගත (Network) කිරීමටත්, ආදි ශිෂ්‍ය සංගමයට හැකි විය.

මෙම සම්පූර්ණ ව්‍යාපෘති වටිනාකම රු. ලක්ෂ තිස්පහකට (රු.3,500,000/=) අධික වේ.

මෙම සුවිශාල වියාපෘතිය සාර්ථක කරගැනීම උදෙසා ආදී ශිෂ්‍ය සංගමය වෙනුවෙන් පද්මාල් ගුණරත්න මහතා, දිනේෂ් සිල්වා මහතා, චාමර පීරිස් මහතා, චමත් ඩයස් මහතා, සමීර ගුණතිලක මහතා සහ දිනේෂ් කැටපෙආරච්චි මහතා සම්බන්ධීකරණ කටයුතු සහ සම්පත් දායකත්වයෙන් දැරු දායකත්වය අප්‍රමාණය.

ඉදිරියේදී පාසලේ ප්‍රධාන පරිගණක විද්‍යාගාරයේ නඩත්තු කටයුතු නැචුරබ් සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ සිදුකිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට දායක වු දෙස් විදෙස්හී සිටින සියලුම ආදි ශිෂ්‍යන්ට සහ සුභ පතන්නන්ට ආදි ශිෂ්‍ය සංගමය කෘතවේදීත්වය පලකර සිටී.

සුමගුල් මව වැජබේවා… 🇬🇦🇬🇦🇬🇦

Read more
  • Published in News & Events
No Comments

විවාද තරගාවලියෙදී මෙවර ශූරතාවය දිනා ගත් අප විද්‍යාලයීය සිංහල විවාද කණ්ඩායමට ආදි ශිෂ්‍ය සංගමයේ සුභ පැතුම් !!!!

Saturday, 30 March 2024 by SSCOBA News Editor

සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය මගින් සංවිධාන කරන දිවයිනේ පැරණිතම විවාද තරගාවලිය වන එතල් ප්‍රනාන්දු අනුස්මරණ අන්තර්පාඨශාලීය සමස්ත ලංකා විවාද තරගාවලියෙදී මෙවර ශූරතාවය දිනා ගැනීමට අප විද්‍යාලයීය සිංහල විවාද කණ්ඩායම සමත්විය.

අර්ධ අවසන් පූර්ව වටයේදී කොලඹ අනුලා විද්‍යාලය 2-1 ක් ලෙස ද අවසන් පූර්ව වටයේදී කොලඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය 4-1 ක් ලෙස ද පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිස එහිදී කොලඹ නාලන්දා විද්‍යාලය 3-2 ක් ලෙස පරාජයට පත්කලේය.

හොදම දේ දරුවන්ට ලබාදීම අරමුණ කරගත් ආදි ශිෂ්‍ය සංගමයේ, කථික හා විවාද අනුකමිටුව වාර්ෂිකව පාසලේ සිසුන් අතර “වෝල්ටර් මෙන්ඩිස්” අනුස්මරණ කථික තරගාවලිය සංවිධානය කරමින් ද “සිහනද” සමස්ත ලංකා විවාද තරගාවලිය සදහා අනුග්‍රාහකත්වය ලබාදෙමින් ද විද්‍යාලයේ දරුවන්ගේ කථිකත්වය හා නායකත්වය ගොඩනැගීමට කැපවී සිටියි.

විද්‍යාලයීය විවාද කණ්ඩායමේ ජයග්‍රහණ වෙනුවෙන් කැපවෙන විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයටත්, ආදි විවාදකයින්ටත්, දෙමාපියන්ටත් ප්‍රණාමය පුදකර සිටිමු.

සුමගුල් මව වැජබේවා… 🇬🇦🇬🇦🇬🇦

Read more
  • Published in News & Events
No Comments

හෙට දින සුමගුල් මාතාව දිනවන, බබලවන පුතුන්ගේ දිනය, සුමගුල් ශිෂ්‍ය නායකයන්ගේ දිනය ඉතා උත්කර්ෂවත් ලෙස පසුගිය දිනක බාර්න්ස් හවුස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුනි.!!!

Wednesday, 27 March 2024 by SSCOBA News Editor

ආදිශිෂ්‍ය සංගමය ලෙස අප ඔවුන්ව සැමවිටම දිරිමත් කරන්නෙමු. ඔවුන්ගේ මෙම උත්කර්ෂවත් අවස්ථාව සදහා මුදලින් රු. 200,000/- කින් අපගේ සංගමයේ අනුග්‍රහය ලබා දුන්නේ ඉතාමත්ම සතුටිනි. මේ සදහා අප ආදී ශිෂ්‍ය සංගමයට අනුබද්ධ UAE ශාඛාව (ඩුබායි) විසින්ද රු 50,000/- ක දායකත්වයක් සපයන ලදී.

එහිදී ආදි ශිශ්‍ය සංගමයේ උප සභාපති නීතීඥ අමිල නාවලගේ මහතා දිවයිනේ නන් දෙසින් පැමිනි ශිෂ්‍ය නායක ප්‍රජාව අමතා ශ්‍රී සුමංගල විද්‍යාලයේ බිහිවූ පසුබිම පිලිබඳව හරවත් දේශනයක් සිදු කල අතර සංගමයේ සභාපති අරවින්ද පෙරේරා මහතා විසින් නායකත්ව ගුණාංග පිලිබඳව ඔවුන් හමුවේ විශිෂ්ඨ දේශනයක් පවත්වන ලදි.

මෙම උත්සහ සභාව සදහා ශිෂ්‍ය නායකයන්ගේ ආරාධනයෙන් අප සංගමයේ සභාපති, උප සභාපති, සම ලේකම්වරුන් සහා තවත් විධායක කමිටු සාමාජිකයන් පිරිසක් සහබාගී විය.

අනාගතයේ සුමගුල් මාතාව තව තවත් දිනවීමට ඔවුන්ට හැකිවේවා යැයි අපි පතමු.

සුමගුල් මව වැජබේවා… 🇬🇦🇬🇦🇬🇦

Read more
  • Published in News & Events
No Comments

සම්මා සතිය පුහුණු වෙමු !!!

Friday, 22 March 2024 by SSCOBA News Editor

මනස සංවර කිරීම යනු පහසු කාර්යයක් නොවේ. ඒ සදහා නිසි පුහුණුවක් අවශ්‍යය.

හොදම දේ දරුවන්ට යන්න තේමාව කරගත් ආදි ශිෂ්‍ය සංගමය මෙම දුෂ්කර කාර්යයට මුල පිරුවේ පාසලේ ප්‍රාථමික අංශයේ දරුවන් සහ ගුරුවරුන් මූලික කරගෙනය.

පංති කාමරය තුලදී දරුවාගේ අවධානය ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන ‍යාමත්, ගුරුවරුන් දරුවන් කෙරෙහි යොදන අවධානය වැඩිකිරීමත් මගින් ඉගැනුමේ – ඉගැන්වීමේ කටයුතු ගුණාත්මක හා ඵලදායි කිරීම ආදි ශිෂ්‍ය සංගමයේ අපේක්ෂාවයි.

මෙම වැඩසටහන මෙහෙයවනු ලැබු කැනේඩියානු ජාතික Bettina Melendez මහත්මියටත්, සම්බන්ධීකරණ කල සුමගුල් ආදි ශිෂ්‍ය නිශාන් ජයසුන්දර මහතාටත්, ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති දිලික මධුරංග මහතාටත් අපගේ විශේෂ ස්තුතිය පුදකර සිටිමු.

අද (22) දින ආරම්භ කරන ලද මෙම වැඩසටහන සති හතරක කාල රාමුවක් තුළ සිදු කෙරෙනු ඇත.

සුමගුල් මව වැජබේවා… 🇬🇦🇬🇦🇬🇦

Read more
  • Published in News & Events
No Comments

වසර 115 ක ගමන් මග….!!!

Tuesday, 19 March 2024 by SSCOBA News Editor

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට 115 වසරක් පිරීම නිමිත්තෙන් විද්‍යාලය 1909 මාර්තු 03 දින බිහිවිමට බලපෑ පසුබිම සහ එතැන් සිට මේ දක්වා ගමන් මග පිළිබඳව මූලාශ්‍ර සහිතව දැනුවත් කිරීමේ වැඩ සටහනක් විද්‍යාල පරිශ්‍රයේදි පැවැත්විය.

මේ සඳහා වර්ථමාන විදුහල්පති රවීන්ද්‍ර පුශ්පකුමාර මහතා ඇතුළු සමස්ථ ගුරු මන්ඩලයත්, පාසලේ සියලු ශිෂ්‍ය ප්‍රජාවත් සහභාගී වූ අතර සම්පත් දායකත්වය ආදි ශිෂ්‍ය සංගමය දරන ලදී.

දැනුවත් කිරීමේ දේශනය පවත්වනු ලැබූවේ ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති නීතීඥ අමිල නාවලගේ මහතාය.

ශ්‍රි සුමංගල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය

සුමගුල් මව වැජබේවා… 🇬🇦🇬🇦🇬🇦

Read more
  • Published in News & Events
No Comments

KNOW MORE ABOUT SSCOBA

  • College
  • Contact
  • SSCOBA
  • Membership
  • Projects
  • Merchandises
  • Donations
  • News & Events

NEWSLETTER SIGNUP

By subscribing to our mailing list you will always be update with the latest news from us.

We never spam!

GET IN TOUCH

Mr. Amila Nawalage - President +94 71 781 3267
Mr. Nuwan Ranamayuru - Joint Secretary +94 77 733 0494
Mr. Madhusanka Namasena - Joint Secretary +94 77 733 7372
Mr. Prabhath Tharaka Suranga - Treasurer +94 77 237 9596
Email: [email protected]

Old Boys' Association
Sri Sumangala College
Panadura 12500, Sri Lanka

Old Boys' Association | Sri Sumangala College | Panadura | Sri Lanka

© 2024 Old Boys' Association of Sri Sumangala College, All rights reserved.

TOP