×

සුමගුල් රිවිබල – අදියර 2 විකසිත වූ වගයි!!!

/ / News & Events

_දීපදෝ හෝති චක්ඛුදෝ – ආලෝකය දීම දෙනෙත් දීමක් වැනිය_ යන බුදුන් වදාළ දෙසුම පෙරටු කොටගෙන, 95/98 ඇමිගෝස් සොයුරන් විද්‍යාලයෙන් නික්මගොස් වසර 25ක් පිරීම සමරනු වස් *සුමගුල් රිවිබල අදියර 2* ක්‍රියාත්මක කිරීමේ අභියෝගය උදෙසා උරදී ඇත.

සුමගුල් මවුන්ගේ සිප් කිරි ලැබ සුපෝෂිත වූ ඇමිගෝස් කණ්ඩායමේ සියළු දෙනා යුතුකමෙහි වගකීම දෙවුර මත ගෙන එම අභියෝගය යථාර්ථයක් කරා ගෙන යාම වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වූවෙමු. ඔවුන් සැමගේ නොමසුරු මූල්‍ය දායකත්වය, එම අභියෝගය ජය ගැනීමෙහි ප්‍රථම හා අසීරුම ඉලක්කය සපුරා ගැනීමට මහත් පිටුවහලක් විය.

ඒ අනුව සුමඟුල් රිවි බල – අදියර 2 ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය මූලික මූල්‍ය පිරිවැය සපුරා ගැනීමෙන් අනතුරුව තෝරාගත් සූර්ය බල සැපයුම් සමාගමක් සමග ගිවිසුම්ගත වීම 2024-06-07 වන අද දින සිදුවූ බව ඔබ සැමට හදපිරි සතුටෙන් දැනුම් දෙමු!!

*ඒ අනුව මිලියන දෙකකට අධික පිරිවැයක් යොදා 10KW ධාරිතාවයකින් යුතු සූර්ය බල පද්ධතියක් ප්‍රාථමික අංශය වෙත ස්ථාපිත කරනු ඇත. එමගින් ප්‍රාථමික අංශයේ සමස්ත විදුලි බිල ශූන්‍ය වන අතර,අතිරික්ත ජනනය මගින් ආදායමක්ද විද්‍යාලයට ලැබෙනු ඇත.*

මෙම ගිවිසුම් අත්සන් කිරීම වෙනුවෙන් සුමඟුල් ගරු විදුහල්පතිතුමන්, තෝරාගත් සූර්ය බල සැපයුම් සමාගමේ නියෝජිතයන්, ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ ගරු ලේකමිතුමන් මෙන්ම පාසල් සංවර්ධන සමිතියේ ගරු ලේකමිතුමන් සහ ඇමිගෝස් 95/98 කණ්ඩායම නියෝජනය කරමින් එහි සහෝදරවරුන් සහභාගී වන ලදි. එහිදී අදාල ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කරන ආකාරය හා ඊට අදාළ තාක්ෂණික කරුණු කාරණා පිළිබඳ විස්තරාත්මකව සාකච්ඡා විය.

කඩිනමින් මෙම ව්‍යාපෘතිය නිම කොට සුමගුල් මවුන් වෙත දායාද කිරීමට ඇමිගෝස් කණ්ඩායම බලාපොරොත්තු වන්නෙමු.

Sumagul Rivi Bala Meheyuma Phase 2

We are proud to announce that the phase two of Sri Sumangala College green energy project is set to go. The contract has been signed with the selected contractor on 07.06.2024 at the college premises. The principal, secretary of OBA, secretary of SDS had witnessed the occasion.

The project anticipates to generate *10KW* electricity thereby zeroing the electricity cost of college’s primary section.

Project cost is approximately LKR 2Mn and this was made possible by all Amigos of 98 Group.

Many thanks for those who had supported in numerous ways.

සුමගුල් මව වැජබේවා… 🇬🇦🇬🇦🇬🇦

TOP