සුමගුල් පුතෙකුගෙන් ඇඹිලිපිටිය කඩදාසි කම්හලට නව ගමනක්.!!!


ශ්‍රි ලංකාවේ දෙවන කඩදාසි කර්මාන්ත ශාලාව ලෙස 1976 වසරේ ආරම්භ කල ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලාව 2013 වසරේ දී වසා දමන ලදි.
සමස්ත ජාතියටම මහත් සම්පතක් වූ මෙම කඩදාසි කම්හල 2024 /04/18 දින අනූනයින් හෝල්ඩිංස් පුද්ගලික සමාගමේ (Anunine Holdings Pvt Ltd) අනුබද්ධ ආයතනයක් වන සීමාසහිත කොරියන් ස්පා පැකේජින් සමාගම යටතේ නැවත සුබ මොහොතින් මෙහෙයූම් කටයුතු ආරම්භ කලේය.
ඩොලර් මිලියන 20 ක ආයෝජනක් මඟින් ආරම්භ කල මෙම කම්හල KSPA Embilipitiya Paper Mills (Pvt) Ltd නමින් මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට නියමිතය.
මෙම සුවිශේෂී ආයෝජනය සිදුකල අනූනයින් හෝල්ඩිංස් පුද්ගලික සමාගමේ (Anunine Holdings Pvt Ltd) හිමිකාරීවය සහ පරිපාලනය දේශබන්දු අනුරත් අබේරත්න මහතා යටතේ පවතී.
හෙතෙම පානදුර ශ්‍රි සුමංගල විද්‍යාලයේ කීර්තිමත්ම ආදි ශිෂ්‍යයෙක් වන අතර විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති වරයෙකු වේ. තවද වත්මන්හී උපදේශකවරයෙක් ලෙස විද්‍යාලයේ දියුණුවට තම දායකත්වය ලබාදෙමින් සිටියි. ඔහු 1976 වර්ෂයේ විද්‍යාලයීය පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ද විය.
සුමගුල් මව වැජබේවා…



















