×

Oratory and Quiz Competition 2021

2021 ඔක්තෝම්බර් මස 28 වන දිනට යෙදෙන ආදී ශිෂ්‍ය සංගමයේ 99 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලබන වෝල්ටර් මෙන්ඩිස් අනුස්මරණ කථික තරගාවලිය හා කීර්ති ශ්‍රී පෙරේරා අනුස්මරණ දැනුම මිනුම තරගාවලිය සඳහා අප විද්‍යාලයේ දරුවන් හට කරන ආරාධනයයි.

කථික තරග 1 වසරේ සිට 13 වසර දක්වා සිසුන්ට විවෘත අතර දැනුම මිනුම තරග සඳහා 6 වසරේ සිට 13 වසර දක්වා සිසුන්ට සහභාගී විය හැක. සියලුම තරග කේවල තරග වන අතර ශ්‍රේණි මට්ටමින් පැවැත්වේ.

රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් තරගාවලි විද්‍යාලයේ භාවිතා කරන Microsoft Teams හරහා මාර්ගගත ක්‍රමයට සංවිධායන කෙරේ.

තරග සඳහා සහභාගී වීමට කැමති දරුවන් මේ සැබැඳිය සැප්තැම්බර් 30ට පෙර සම්පුර්ණ කරන්න.

ශ්‍රේණි මට්ටමින් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන සඳහා පදක්කම්, සහතික පත්‍ර හා ත්‍යාගයන් ලබාදීමට අප ආදී ශිෂ්‍ය සංගමය කටයුතු යොදා ඇත.

තරගාවලි සම්බන්ධව වැඩි විස්තර සඳහා සභාපති මහේෂ් ෆොන්සේකා (076 274 5213), සම ලේකම් ධනුක කොට්ටහච්චි (0773 224 224), භාණ්ඩාගාරික දිනේෂ් කැටිපේආරච්චි (0777 731 6183), උප සභාපති කුමාරසිරි බෝදරගමගේ (070 610 1612) හෝ දැනුම මිනුම තරග සඳහා සුදේශ් චතුර (071 830 6270) අමතන්න.

 

 

 

 

 

 

 

Registrations are closed now.

TOP