×

දෙවසරක ගමන් මග – 2014/2015

/ / News & Events

සැලසුම් කළ ඉලක්ක වලින් සපුරා ගන්නා ලද ප්‍රතිඵල කිහිපයක්…

  • විද්‍යාලයට සුදුසු විදුහල්පති වරයකු පත්කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ගයන් ගැනීම සහ එකී විදුහල්පති වරයා 2016 මාර්තු 23 දින විදුහල්පති වශයෙන් වැඩ භාර ගැනීම.
    නව විදුහල්පතිතුමා වැඩ බාර ගැනීම.

    නව විදුහල්පතිතුමා වැඩ බාර ගැනීම.

  • විදුහලට ලබාදුන් නව බස් රථය.

    විදුහලට ලබාදුන් නව බස් රථය.

    දීර්ඝ කාලයක් පැවති අවශ්‍යතාවය ඉෂ්ඨ කරමින් විද්‍යාලයට බස් රථයක් ලබාගැනීම සඳහා හිටපු ප්‍රවාහන ඇමතිතුමාගෙන් ඉල්ලීමක් ඉදිරිපත් කිරීම සහ අවශ්‍ය බස් රථය විද්‍යාලයට ලබාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

  • වර්ෂ 94 ක ආදී ශිෂ්‍ය සංගම් ඉතිහාසය තුල සංගමය ලැබූ ඉහලම අතිරික්තය නැතහොත් ශුද්ධ ලාභය රැ. 1,330,260.00 ක මුදලක වාර්තාවට හිමිකම් කියන්නේ 2015 වර්ෂයයි.
  • ඕනෑම වර්ෂ 2 ක කාලපරිච්‍ඡේදයක් ඇතුලත සංගමය ලැබූ ඉහලම අතිරික්තය නැතහොත් ශුද්ධ ලාභය වූ රු. 2,040,890.00 ක වාර්තාවටද හිමිකම් කියන්නේ 2014/2015 වර්ෂ 2 ක කාලපරිච්‍ඡේදයයි.
  • සංගමයේ ස්ථාවර තැන්පතුවල වැඩිවීම 2014 ට සාපේක්ෂව රු. 732,533.00 ක් නැතහොත් 7.5% කි.
  • සංගමයේ විශේෂ අරමුදල් ගිණුමේ ශේෂයේ වැඩිවීම 2014 වර්ෂයට සාපේක්ෂව රු. 403,000.00 ක් නැතහොත් 6.4% කි.
  • ඉෂාක් බෙග් සහ කුමාරි මුණසිංහ "ගී මියැසියේ" ගී ගයමින්.

    ඉෂාක් බෙග් සහ කුමාරි මුණසිංහ “ගී මියැසියේ” ගී ගයමින්.

  • සංගමය විසින් 2014 වර්ෂයේදී ක්‍රියාත්මක කරනලද “ගී මියැසිය” නම් වූ මුදල් උත්පාදන ව්‍යාපෘතියෙන් ලැබූ මුළු ආදායම රු. 720,500.00 කි.
    93 වන සුහද හමුව.

    93 වන සුහද හමුව.

  • සංගමයේ වාර්ෂික සුහද හමුව අඛණ්ඩව දෙවසරක් තරු පහේ හෝටලයක (Five Star Hotel) පැවැත්වීමට පියවර ගැනීම.ඉතිහාසයේ වැඩිම සාමාජික සංඛයාව වූ සාමාජිකයන් 419 දෙනෙක් 93 වැනි සුහද හමුවට සහභාගී විය.
  • පසුගිය වර්ෂ 2 ක කාල පරිච්ඡේදයක් තුලදී විද්‍යාලය වෙනුවෙන් විවිධ ව්‍යාපෘති සඳහා ලබාදුන් පරිත්‍යාගවල මුළු වටිනාකම රු. 3,244,992.00 කි.
    පාසලට ප්‍රධානයක් සිදුකරන අවස්ථාවක්.

    පාසලට ප්‍රධානයක් සිදුකරන අවස්ථාවක්.

  • සංගමයේ ගුණත්වය ඉහල යන ආකාරයේ නව tie පටයක් සහ car badge එකක් නිකුත් කිරීම.
    නව car badge එක.

    නව car badge එක.

    නව tie පටය.

    නව tie පටය.

  • ආදී කතෘ දිනය නිමිතිකොට ගෙන ප්‍රථම වරට 2015 වර්ෂයේ සිට වාර්ෂිකව ආදී ශිෂ්‍ය සංගම් කාර්යාලය තුල බණ පිංකමක් සංවිධානය කිරීම.
    ආදී ශිෂ්‍ය කාර්යාලයේ සංවිධානය කළ බණ පිංකම.

    ආදී ශිෂ්‍ය කාර්යාලයේ සංවිධානය කළ බණ පිංකම.

  • සංගමයට සේවය කරන ලද ආදී ශිෂ්‍ය සභාපතිවරුන්ගේ ඡායාරුප සංගම් කාර්යාලය තුල ප්‍රදර්ශණය කිරීමට කටයුතු කිරීම. මෙම ක්‍රියාවලිය නව හදුන්වාදීමක් වශයෙන් ඉතිහාසයට එකතු වෙයි.
    ආදී ශිෂ්‍ය සභාපතිවරුන්ගෙන් කොටසක්.

    ආදී ශිෂ්‍ය සභාපතිවරුන්ගෙන් කොටසක්.

  • කාලීන අවශ්‍යතාවයට ගැලපෙන පරිදි සංගමයේ ව්‍යවස්ථාව සංශෝධනය කරමින් නව ව්‍යවස්ථාවක් මුද්‍රණය කිරීම.
  • මුළු ලොවම පිළිගත් ගිණුම්කරණ පදනමක් වූ උපචිත පදනම (Accrual Basis) සංගමයේ ගිණුම්කරණය සඳහා යොදා ගැනීම සහ එකී පදනමට අනුව 2015 වර්ෂයේදී ගිණුම් පිළියෙළ කිරීම. මෙම ගිණුම්කරණයේ ආරම්භය සංගමයේ ඉතිහාසයට එකතු වෙයි.
  • 2014 වර්ෂයේදී 6 වසර සඳහා නව ශිෂ්‍යත්ව පංතියක් ආරම්භ කිරීමට යෝජනා කිරීම සහ එම යෝජනාව විදුහල්පතිවරයා විසින් පාසල් සංවර්ධන සමිතියේ අනුමැතිය ලබා ගනිමින් ඉදිරියට ගෙනයාම.
  • ගෙවීගිය වර්ෂ 2 ක කාලපරිඡේදය තුළ දී විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට ලබාදී ඇති ශිෂ්‍යත්ව වල මුළු වටිනාකම රැ. 842,000.00 කි.

You must be logged in to post a comment.

TOP